| සුනන්ද දේශප්‍රිය
මැත දී ශ්‍රි ලංකාවේ සංචාරයට පැමිණි ජපාන නියෝජ්‍ය විදේශ
ඇමැති සෙයිජි කිහාරා මහතාගෙන් ඉල්ලීමක්
කරමින් ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇත්ත ලෝකයට කියන්නැයි කියා
ය. ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින්
සම්මත කරන ලද ශ්‍රී ලංකා යෝජනාවෙහි දැක්වෙන, මහ කොමසාරිස් කාර්්‍යාලය විසින් දියත් කිරීමට නියමිත මානව හිමිකම්
පරීක්ෂණය අනවශ්‍ය බව සනාථ කරනු පිණිස ය.
වැඩි දුර නොයා ශ්‍රී ලංකාවේ සිදුවන්නේ මොනවාදැයි, ශ්‍රී
ලංකාවේ ජනමාධ්‍ය තමන් විසින්ම පණවා ගත් වාරණයක් තිබියදීත්, පසුගිය සති කිහිපය පුරා අපට කියන්නට සහ අසන්නට
ලැබුණූ කරුණු පෙළ ගැස් වූ විට ලෝකයට ඇත්ත කීම පිණිස ජපාන විදේශ ඇමැතිවරයාට යැවිය
යුතු වාර්තාවක් ලෙහෙසියෙන් ම සකස් කළ හැකි ය.
පොලිසිය සහ නීතියේ පාලනය :
පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක සහ දේශපාලන
නායිකාවක වන කමලා රණතුංග සිය ආරක්ෂාව පිණිස අනුයුක්ත කර තිබූ පොලිස් නිලධාරීන්
පිරිසක් සිය නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගෙන තිබූ බව වාර්තා විය. එම නිලධාරීන් කොස්
කැඩීමට, හරක් බැලීමට සහ කුඹුරු වැඩට ද යෙදවා සිටි බව එම වාර්තාවන්හි සඳහන් විය.
තමන්ට අයත් නැති රාජකාරී කිරීම සම්බන්ධයෙන්
පොලිස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් හෝ එලෙස රජයේ නිලධාරීන් සිය නිල බලය
මගින් අයුතු සේවයේ යෙදවීම ගැන මංත්රීවරියගෙන් හෝ කරුණූ විමසීමක් සිදු නොවීය.
මේ අතර පසුගිය 11 දින සුළු සොරකමක් සම්බන්ධයෙන් අත්
අඩංඟවට ගනනා ලද වාද්දූව උතුරු තලාපිටිය වැසියකු වූ පියල් සංජීව පෙරේරා පානදුර
පොලීසියේ දී දරුණු වධ හිංසාවන්ට ලක් කෙරෙමින් පවතින බව ආසියානු මානව හිමිකම්
කොම්සම වාර්තා කළේ ය. ඔහුගේ බිරිඳ කියා
තිබුනේ ප්‍රදේශයේ බලවතකුගේ ඉල්ලීම පිට සිය සැමියා අත් අඩංඟුවට ගෙන වධහිංසා පමුනුවන
බවයි. මේ පිළිබද එක් ඉංග්‍රිසි පුවත් පතක් කතුවැකියක් ද ලියා තිබුණි.
හම්බන්තොට දී විපක්ෂ පාරිලිමේන්තු මංත්‍රීවරුන් පසු
පස සන්නද්ධ ප්‍රදේශීය දේශපාලනඥයකු පන්නනු සිනහවෙමින් බලා සිටි පොලීසිය කොළඹදී
බෞද්ධ අන්තවාදී පිරිස් මුස්ලිම් ඇමැතිවරයකුගේ කාර්්‍යාලය බලයෙන් සෝදිසි කිරීම
පිණිස මැර පිරිස කාමරයෙන් කාමරයට කැඳවා ගෙන ගියේ ය. රාජකාරි නොකළ පොලීසිය මෙන්ම
දාමරික පිරිස් ද නිරුපද්‍රිතව සිටිති. නීතියක් නැත.
මේ අතර නාමල් රාජපක්ෂට නීති විභාගය ලිවීමට
සුවිශේෂ වරප්‍රසාද පිරිනැමී යැයි චෝදනා ලද නිති විදුහලේ හිටපු විදුහල්පති
ජනාධිපති විසින් ශ්රෙෂ්ඨාධිකරනයේ විනිසුරුවරයකු වශයෙන් පත් කරන ලදී.
පිරිසිදු පානීය ජලය ඉල්ලු ජනයාට වැලිවේරියේ දී වෙඩ් උන්ඩ
වරුසාවක් එල්ල කල කිසිදු යුද නිලධාරියකුට දඩුවමක් කර නොමැති බවත් වැඩ තහනම් කර
සිටි නිලධාරීන් හතර දෙනෙකු මෑත දී යළි
සේවයේ පිහිට වූ බවත් අසන්නට ලැබුණි. වැලිවේරිය ඝාතන පිළිබඳ වාර්තාව තවම
අභිරහිසකි.
ඇත්ත :
ශ්‍රී ලංකාවේ පොලීසිය දේශපාලනඥයින්ගේ අතවැසියන් ය. පුරවසියන්ගේ
දඩුකදේ ගසන පොලිසිය දේශපාලඥයින්ගේ වළං හෝද යි. ස්වාධීන පොලිස් කොමිසමක් අවශ්‍ය
නැති බව ජනාධිපතිවරයා කිය යි. අද ඇත්තේ නීතියේ පාලනය නොව පාලකයාගේ නීතිය යි.
සුළුතර පුජා
අයිතීන් :
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරන්ට විරුද්ධව බොදු බල සේනා ඇතුළු
අන්තවාදී කන්ඩායම් විසින් දිගින් දිගටම කරන බිය වැද්දවීම් සහ ප්රහාරයන් නතර
කිරීමට පියවර ගන්නා සේ ඉල්ලමින් පාර්ලිමේන්තුවෙහි සිටින මුස්ලිම් මැති ඇමැතිවරු 18 දෙනාගෙන්
16 දෙනෛකු ම අත්සන් කළ විවෘත ලිපියක් ජනාධිපතිවරයාට බාර දෙන ලදී. මේ වන තුරු
එම ලිපියට ජනාධිපති විවෘත ප්‍රතිචාරක් දක්වා නැත. මේ අතරවාරයෙහි වසර 85ක් පැරණි
මුස්ලිම් දේවස්ථානයක් බිමට සමතලා කිරීමට බලධාරීන් විසින් කර ඇති සැළසුම් නතර තරන ලෙස ඉල්ලා සිටිමින් මුස්ලිම් පළාත් සබා මංත්රිවරයකු වන අසාත් සාලි
ජනාධිපතිවරයාට විවෘත ලිපියක් යැවීය. එම ලිපියට ද පිලිතුරක් මේ තාක් නැත. මේ
අතරවාරයේ බේරැවල ප්‍රදේශයේ මුස්ලිම් වෙළද සැළකට එරෙහිව බෞද්ධ උද්ඝෝෂනයක් පවත්වා
රත්‍රියෙහි එම වෙළඳ සැළ සහමුලින්ම ගිනිබත් කරනු ලැබී ය.
යුද්ධාවසානය සනිටුහන් කරන මැයි 19 වන දින හෝ ඒ ආසන්නයේ
යුද්ධයෙන් මිය ලිය දෙමළ ජනයා සිහිපත් කැරෙන ප්‍රසිද්ධ අනුස්මරණයන් රජය තහනම් කළේ
ය. යාපනයේ සහ මඩකළපුවේ විශ්ව විද්‍යාල ඒ
ආසන්න දිනයන්හි වසා තැබෙන බවට කිසිදු හේතු දැක්වීමකින් තොරව රජය නිවේදනය කළේ ය.
යුද්ධ ජයගුහණය සහ මියගිය සොල්දාදුවන් සමරා උත්සවයක් රජය
මාතර දී 18වන දින පවත්වයි. ඒ සඳහා පාසැල් 40ක් සතියක් පුරා වසා තැබෙන්නේ උත්සවය
මහෝත්සවයක් බවට පෙරළිමට ය. මෙ ්සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ජාතික සාම
සම්මේලනය කියා සිටියේ කිසිදු ඥානවන්ත ආන්ඩුවක් සිවිල් යුද්ධයකින් පසු යුද ජය
සැමැරීමට කටයුතු නොකරන බවයි.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැක කටයුතු යැයි මාර්තු-
අප්‍රේල් මාසයන්හිදී අත් අඩංඟුවට ගත් පනහකට අධික දෙමළ ජන පිරිස් නඩු පැවැරීමකින්
තොරව දිගටම සිර ගත කොට තිබේ.
මාර්තු මාසයේ යෙදී තිබූ කතෝලික ආගමික උත්සවයක් වෙනුවෙන්
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ සැකකරුවන් හමුවී ආගමික වතාවත් කිරීමට එහි
ගිය මන්නාරම සහ අනුරාධපුර අග රදගුරුවරුනට බන්ධනාගාරයට අතුළු වීමට ඉඩ නොදෙන ලදී.
දැනටමත් යුද හමුදාව විසින් අල්ල ගෙන ඇති තමන්ට අයත්
අක්කර 6,600ට අමතරව යාපනයේ කීරමලේ ප්‍රදේශයෙන් තවත් අක්කර 300ක් අල්ලා ගැනීමට
යන්නේ යැයි යාපනයේ සිවිල් සහ දේශපාලන පිරිස් උද්ඝෝෂණයක නිරත වූහ.
ආන්ඩුවේ ඒකායන පිළිවෙත වී ඇත්තේ උතුරු පළාත් සභාවේ බලතල
සහ ක්‍රියාකාරිත්වය කඩාකප්පල් කිරීම යැයි කී මහ ඇමැති විග්නේශවරන් උතුරු -
නැගෙනහිර ලක්ෂයකට වැඩි යුද හමුදාවක් රඳවා සිටින්නේ යැයි ප්‍රකාශ කොට තිබුණි.
මේ අතර වෛර ප්‍රචාරයන් සම්බන්ධ නීතියක් ගෙන එනු වෙනුවට
ආගමික පොලීසියක් පිහිට වූ ආන්ඩුව වෙසක් දන්සැල් සියල්ල ලියා පදිංචි කළ යුතු යැයි ද
රීතියක් පැනවීය. ඊට අමතරව බෞද්ධ කොඩි මුද්‍රණය ඒකමිතික කිරීමට යැයි පොලීසිය කොඩි
වෙළදුන් පස යවමින් සිටිති. වෙසක් සුභපැතුම් හි ආදර ලාංචන තහනම් කල ආන්ඩුව ආගමික
උත්සව පවා දැන් සිය පාලනය යටතට ගනිමින් සිටිති.
ඇත්ත:
ශ්‍රී ලංකාන්ඩුව රටෙහි වාසය කරන සිංහල නොවන ජන ප්රජාවන්ගේ
අයිතින් යකඩ සපත්තුවට පෑගීම අවසන් කර නැත.
යුද්ධවසානයෙන් පසු සුලුතර ජන ප්‍රජාවන් ආගමික සහ යුද්ධමය මර්දනයක ගොදුරු
බවට පත්ව ඇත. කෙටියෙන් කියන්නේ නම් ශ්‍රී ලංකාන්ඩුව මෙරට මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවන්
සමාජ දේශපාලන වශයෙන් විශ්වාස කරන්නේ නැත. එපමණක්
නොව බෞද්ධ සිවිල් ජනයාගේ නිදහස් ක්‍රියාකාරකම් ද දැන් රජයේ පාලනය යටතට ගැනෙමින්
පවතින්නේ බෞද්ධාගමික මූලධර්මවාදයක් ගොඩ නගමිනි..
අදහස් ප්රකාශනයේ අයිතිය:
ශ්‍රී ලංකාවේ සිට පවත්වා ගෙන යන ජනප්‍රිය පුවත් වෙබ්
අඩවියක් වූ ශ්‍රී ලංකා මිරර් කිසිදු හේතු දැක්වීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ තහනම්
කරන ලද්දේ මෙම සතියේ දී ය. පසුගිය මාසය
තුළ යාපනයේ සිවඥානම් සෙල්වතීපන් ජනමාධ්‍යවේදියාට දරුණු පුහාරයක් එල්ල විය. ආන්ඩුවේ දේශපාලනඥයකුට අයත් ලක්බිම පුවත්
පතෙහි කර්තෘ සමන් වගආරච්චිට කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වන සේ බල කරන ලදුව ඔහු ඉල්ලා
අස්විය. ආරක්ෂ ලේකම්ගේ බිරිද සේවා වනිතා
අව්රුදු පොළෙන් බඩු ගන්නා ජයාරූපයකට හාස්‍ය ජනක මාතෘකාවක් දැමි යැයි එම පුවත්
පතෙහිම උප කර්තෘවරයකු සේවයෙන් පහ කරන ලදී. බීබීසී හි ශ්‍රී ලංකා වාර්තාකරුවූ
චාල්ස් හැවලනඩ්ට වීසා දීර්ග කිරීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේ ය. ශ්‍රි ලංකා ක්‍රිකට්
කන්ඩායම විසිසයි විස්ස තරඟයෙන් ලෝක ශූරයින්වීම මුල්පුවත සේ ගන්ා ලෙස යුද හමුදා ප්‍රධානීහු
යාපන පුවත් පත් වලට බල කල බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ දෙමළ භාෂා පුවත් පත් කතුවරුන්ටට
ඔවුන් පළ කරන දෙමළ ජාතිකවාදී පුවත් සම්බන්ධයෙන් බලපෑම් කළ යුතු බවට ආරක්ෂ
අමාත්‍යාංශයේ නොනිල උපදේශකයකු වන රොහාන් ගුණරත්න කියා සිටියේ ය. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් කතුවැකි ලියූ
ආන්ඩුවේ නොවන පුවත් පත් ගණනාවක්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස නැති බව තිර කොට
ලියූහ. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිවකු දඩුවම් නොලබන ලෝකයේ
භයානකම රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි තැන ලබා තිබේ.
ඇත්ත:
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කරන ලද
යුද්ධය තවම අවසන් නැත.
ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට ලෝකයට කිව හැකි ශ්‍රී
ලංකාවේ ඇත්ත එවැනි ය. මේ ලැයිස්තුව තව දිග ය. පසුගිය වසර හත ඇතුළත වනාන්තර වලින්
අලි පැටවුන් 150ක් සොරකම් කරන ලද බවත් ඉන් 80 දෙනෙකු නිසි සත්කාර නැතිව මිය ගිය
බවත් තවත් එවැනි ඇත්තකි. මේ වනාහී අප කිසිදාක නොඇසු අපරාධ කතාන්තර ය. අලි
පැටවකු සොරකම් කිරීම මව් ඇතින් මරා දමා
තිබූ බවත් එම සිදුවීම දැන සිටි පුද්ගලයකු මරා දැමීම පිනිස නාගයකු සහිත බැරලයකට
දැමූ බවත් එම සොර මුල දේශපාලන හයිකාරයින් බවත් වාර්තා විය. යුද්ධාවසානයෙන්
පසු ශ්‍රී ලංකාවේ අපරාධ අඩු වී නැති බවත් පොලිස් නිලධාරීන් පවා පෙති ගසා මරා දැමෙන
බවත් ඊට පලි ගැනීම් ලෙස අත් අඩංගුවේදී ම සැකකරුවන් මරා දැමෙන බවත් තවත් ඇත්තකි.
අවසාන වශයෙන් නොවුනද කියා සිටිය හැකි තවත් වැදගත් ඇත්තක් නම් ජනාධිපති රාජපක්ෂ
නමින් පටන්ගෙන ඇති මහා පරිමාණ වරාය, ගුවන් තොට, ගුවන් සේවා යනාදී සියල්ලක්ම පාඩු
පිට පාඩු ලබමින් තිබෙන බවයි.
ජපාන නියෝජ්‍ය විදේශ ඇමැතිතුමනි කරුණකාර ශ්‍රී ලංකාවේ ඇත්ත
ලෝකයට කියන්න.