12 හැවිරිදි දරුවකු අපරාදයක් හෙළි කරයි




imagesවත්මන් පොලිසිය අපරාද සහයකුගේ බුමිකාව දරන්නේද යන්න පිලිබදව සාදාරන සැකයක් ජනිත වේ. පොලිසිය කටයුතු කල යුත්තේ නීතියේ අදිපත්‍ය මත පිහිටාය. නීතියේ අදිපත්‍ය යනු සියලු දෙනා නීතියට යටත් බවයි. ජනපති මහින්ද රාජපක්ෂද ගමේ පොල් කඩන සිමියෝන්ද නීතියට යටත්ය. නීතියේ අදිපත්‍ය නොමැති කල මානව හිමිකම් සහ සංවර්දනය යනු විගඩමකි.
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.
02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
අපරාධකරුවකු විසින් සිදුකල පහරදීමක් අදාළවයි.
ටිකිරියාදුර මියුරු භාෂිත අමරසේන, අවු: 12යි, පාසල් ශිෂ්‍ය
ගිලිනය : හලවාගොඩ පාර, ගොඩැල්ල, බේරුවල.
2014.04.04 දිනදීය.
2014.03.28 වැනි සිකුරාදා – සවස 6.00 පමණ, මා නිවස ඉදරිපිට සිටියදී, මා දුටුවා හරෝෂ් චමින්ද නොහොත් කුක්කු යන අය ඉක්මන් ගමනින් අප නිවස ඉදිරිපිටින් ගමන් කරනවා. නැවත ටික වේලාවකින් මා දුටුවා ඔහු ත‍්‍රී රෝද රථයකින් ගමන් කරනවා. ත‍්‍රී රෝද රථය පදවනු ලැබුවේ ඔහුගේ සොයුරු අමිත් යන අය විනිස්.
ටික වේලාවකට පසුව මා බිස්කට් පැකට් එකක් මිළට ගැනීමට කඩයට යන්න ගියා. එසේ යන අතරදී, මාගේ මාමා වන (මා ලොකු අප්පා යනුවෙන් හඳුන්වන* දිනයාදුර රත්නසිරි සිල්වා බිම වැටී අමාරුවෙන් සිටිනවා මා දුටුවා. මා ඔහු වෙත ගියා. මාමා පැවසුවා කුක්කු යන අය කඩුවෙන් ඔහුව කැපූ බව.
එ් අවස්ථාවේ මා නිවසට ගොස් මා හදා වඩා ගන්නා මාගේ ලොකු අම්මා වන සිරිමතී සිල්වා ට සිද්ධිය පවසා සිටියා. එ් අවස්ථාවේ ලොකු අම්මා මා සමග මාමා වැටී සිටින ස්ථානයට ගියා. එතැනට හරෝෂ් හා අමිත් යන අයගේ පියා වන සුමනදාසද පැමිණියා. එවිට මාගේ ලොකු අම්මා සුමනදාස යන අයගෙන් විමසා සිටියා ”ඇයි මේ අහිංසකයාව කැපුවේ” කියා. එවිට ඔහු කව්ද කිව්වේ කියා ඇසුවා. ලොකු අම්මා මාව පෙන්වා ”අපේ පොඩි එකා” කියා පවසා සිටියා. එවිට සුමනදාස යන අය ”මොකද කිව්වේ” කියා අසමින් මාගේ වම් කම්මුලට වේගයෙන් පහරක් ගැසුවා.
එ් අවස්ථාවේ මාගේ ලොකු අම්මා මා හා පොලිසියට යාමට සූදානම් වීමේදී, හොරේෂ් චමින්ද විසින් බඩ කපා තුවාල කරන ලද මාගේ ඥති සොයුරු ප‍්‍රසාද් කුමාරව මුණගැසුනා. ඔහු ද සමග අප දෙදෙනා අලූත්ගම පොලිසියට ගියා.
සිද්ධිය අදාලව ඥාති සොයුරු ප‍්‍රසාද් කුමාර විසින් පැමිණිල්ලක් කලා. මාගේ කටඋත්තරයක් ලබා ගත්තේ නැහැ.
නැවත පසුදින එනම් 2014.03.29 දින උදේ 9.00 ට අලූත්ගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් නිවසට පැමිණ මාව පොලිසියට එක්කගෙන එන ලෙස ලොකු අම්මාට දැනුම් දුන්නා.
එ් අවස්ථාවේදීම මා හා ලොකු අම්මා අලූත්ගම පොලිසියට ගියා. මාගෙන් සිද්ධිය අදාලව කටඋත්තරයක් ගත්තා. මට කල පහරදීමද මා ප‍්‍රකාශ කලා. නමුත් එය සටහන් කලාදැයි මා දන්නේ නැහැ.
මා ඉල්ලා සිටින්නේ, මාගේ මාමා වන රත්නසිරි සිල්වා ඇතු`ඵ ඥතීන්ව කඩුවකින් කපා බරපතල තුවාල සිදු කල ඉහත නම් සඳහන් අපරාධකරුවන්ට හා මාහට පහර දුන් සුමනදාස යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
ටී. මියුරු භාෂිත අමරසේන