ප්‍රංශ ජාතික පියා දරුවා පැහැරගෙන යාම ප්‍රතික්ෂේප කරයි.




හර්ෂි සි. පෙරේරා
අවුරුදු 02 ක් වයසැති තම දරුවා සිරියාවට පැහැරගෙන ගියේ නැති බව ප්‍රංශ ජාතික පියා තරයේ කියා සිටි. ඔහු ප්‍රංශයේ සිට සිරියාවට තම දරුවා සමග ගොස් අල් කයිඩාවට සම්බන්ද කැරලිකාර කණ්ඩායමක් සමග එකතු වී ඇත. ඔහු කියන්නේ තම ක්‍රියාව ඉස්ලාම් නීතියට අනුකුල බවයි. නමුත් ඔහුගේ හිටපු බිරිද ඔහුට විරුද්දව බාරකාරත්ව නඩුවක් පවරා තිබේ. මෙම පියා එනම් හම්සා මදුජ් කියන්නේ තම දෙහැවිරිදි දියණිය ප්‍රාන ඇපකරුවකු නොවන බවත් තමා දියණිය රැගෙන යාම කිසිසේත් පැහැර ගැනීමක් නොවන බවත්ය. නමුත් ඔහු දැන් ඉන්ටපොල් පොලිසියට අවශ්‍ය පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවට ඇතුලත්ව ඇත. ඔහුගේ හිටපු බිරිද තම දරුවා නොදැකීමෙන් බලවත් කනස්සල්ලට පත්ව තිබේ. ඇය කියන්නේ තම සුවමිපුරුශයා තම දරුවා ප්‍රංශයේ සිටිනවාට වඩා සිරියාවේ මිය දෙනු දැකීමට කැමති බව ප්‍රකාශ කල බවයි. නමුත් මෙම ප්‍රකාශය පියා බැහැර කර සිටි. පියා පවසන්නේ ඔවුන් දෙදෙනා තුර්කි දේශසීමාවේ සටන් නොමැති ප්‍රදේශයක සුවසේ සිටින බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ සියලු මුස්ලිම් වරුන්ට මුස්ලිම් නොවන රටක ජිවත් නොවීමට යුතුකමක් ඇති බවත් දැරියගේ මව ඔවුන්ව අනුගනය නොකළ බවත්ය.