“ළමා අතවර වලට සමාව දෙන්න”- පාප් වහන්සේ.


හර්ෂි සි. පෙරේරා
පුජකයින් සිදුකල ළමා අතවර වලට සමාව දෙන්නයි පාප් වහන්සේ ඉල්ලීමක් කරයි. ඔහු සිකුරාදා මෙම ප්‍රසිද්ද ආයාචනය සිදු කරනු ලැබිණි. මේ රෝමානු කතෝලික පල්ලියේ ළමා අතවර අර්බුදය සම්බන්දයෙන් ඔහු සිදු කල වඩාත්ම ශක්තිමත් ප්‍රකාශයයි. තවද වර්ෂ දෙකක් තිස්සේ පල්ලියේ හොල්මන් කල මෙම නින්දිත තත්වය ගැන පල්ලිය විසින් මීටත් වඩා ශක්තිමත් ස්ථාවරයකට එලබිය යුතුව ඇති බව අජන්ටිනාවේ උපන් පාප් වහන්සේ වැඩි දුරටත් කියා සිටි. මෑත මාස කිහිපය තුල වින්දිත කණ්ඩායම් පාප් වහන්සේව දැඩිව විවේචනය කලේ ඔහු මේ සම්බන්දයෙන් ශක්තිමත් ස්ථාවරයක් නොගත් බැවිනි. තවද ඔහු ඉතාලියේ සහ ජුලි මාසයේ බ්‍රසීලයේ කල චාරිකාවේදී අතවරයට ලක්වූ වින්දිතයින් මුණ නොගැසීම ගැනද විවේචනයට බදුන් විය. වතිකානුව දෙසැම්බර් මාසයේ මේ සම්බන්දයෙන් කටයුතු කිරීමට ශක්තිමත් කණ්ඩායමක් පත් කරන බව කීවද එයට සාමාජිකයින් පවා පත් කලේ මාර්තු මාසය දක්වා ප්‍රමාද විය. මෙම කණ්ඩායම අතවර වලට විරුද්දව පල්ලියට සහය දීමට නියමිතය. එය පැවිද්දන්ගෙන් සහ ගිහි පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර 1960 ගණන් වල අයර්ලන්තයේ අතවරයට ලක්වී නොනැසී ජිවත්වන දැන් අඩන්තේට්ටම් වලට බදුන්වන ළමුන්ගේ ආරක්ෂාව සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මාරි කොලින්ගෙන්ද සමන්විත වේ.