මට හිමිකම් ඇත්ද?



 පරිවර්තනය - හර්ෂි සි. පෙරේරා

මට පවුලක් නැහැ

මට යාළුවෙක් නැහැ
මට අනාගතයක් නැහැ
මගේ නම සරණාගතයා

මට ගහනවා

මාව සුරනවා
මාව වළලනවා
මම සරණාගතයෙක්

මාව දඩයම් කරනවා

මට වයිර කරනවා
මට අතවර කරනවා
මම සරණාගතයෙක්

මට මානසිකව වදදෙනවා

මට වදහිංසා පමුණුවනවා
මාව ඉල්ලක්ක කරනවා
මම සරණාගතයෙක්

මාව දුර්වල කරනවා
මාව කලකිරවනවා
මට තුවාල කරනවා
මම ඉතාම නරක තැනක ඉන්නවා
මාව කොල්ලකනවා
මට බල කරනවා
මට ගිනි තියනවා
මම සරනාගතයෙක්.

Abshir Mohamed Fatule

Trauma Center
South Africa