යසවතී අපේ කාලේ වීරවරියක්.

හර්ෂි සි. පෙරේරා

ඇය හඩක් නැගුවාය. ඒ අපරාදකාර පොලිස් නිලදාරීන් ඉදිරිපිටදීය. යුගයේ අවශ්‍යතාවයද එයයි. මෙවන් කාන්තාවන් 10ක් සිටියොත් ශ්‍රී ලංකා පොලිසිය වෙනස් කල හැක. ඇය බලගැන්වීම පිළිබද වැඩමුළු සම්මන්ත්‍රණ වලට සහබාගි නොවන්නට ඇත. එහෙත් පුතාට සිදුවූ අසදරණයට මිට පෙර යුක්තිය උදෙසා සටන් කළාය. ඇය එයින් පන්නරය ලබන්නට ඇත.
01. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

02. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 165
කිංසි පාර
කොළඹ 08

මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති කරුණාතිලක,
පුතාව මරා දම බවට කරන ලද තර්ජනය හා බැඳේ.

මද්දුමාගේ යසවතී. අවු: 60 යි, ජා.හැ.අංක 538600725 ඪල විවාහක, දරුවන් 05 යි, ලිපිනය: 14, දික්හේනගම, මුණගම, හොරණ.
2014.04.26 වන දින දීය.
2014.04.26 වන දින, උදේ 10.30 ට පමණ, මා මාගේ පුතා වන මහින්ද ප‍්‍රදීල් කුමාර හා දුව වන දේවිකා චාන්දනී සහ ඇගේ ස්වාමියා වන රින්සී පියනන්දන යන අය සමග මිල්ලනිය පොලිස් ස්ථානයට ගියා.
එසේ ගියේ පැමිණිල්ල සම්බන්ධයෙන් පැවති විභාගයකටය. පොලිස් ස්ථානයේ දී දෙපාර්ශවයේ අය ව, ස්ථානාධිපතිවරයා ඉදිරියට පැමිණවූවා.
දෙපාර්ශවය සමග, සිද්ධිය අදාලව කතා කරමින් සිටින විට අපට විරුද්ධ පාර්ශවයේ මොනිකා නැමැත්තිය, ස්ථානාධිපතිට ප‍්‍රකාශ කළා, සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති මගේ ලොකු පුතා වන අතුල යන අයගෙන් හිරිහැරයක් වෙන්න පු`ඵවන් කියා.
එවිට, ස්ථානාධිපති කරුණාතිලක ”කව්ද අතුල කියන්නේ” කියා ඇසුවා.
එවිට, මොනිකා නැමති අය සිද්ධියට සම්බන්ධ මහින්ද ප‍්‍රදීප් කුමාරව පෙන්නා, මෙයාගේ අයියා යැයි කිව්වා.
එවිට, මට ඇඟිල්ල දික්කර අතුලද කියා අසා, ඌව මම මරලා දානවා යයි කිව්වා.
එවිට මම කිව්වා, මිට ඉස්සෙල්ලත් ගෙනල්ලා ගහලා තියනවා කියා. එවිට ස්ථානාධිපති කරුණාතිලක සාක්ෂි තියෙනවාද කියා ඇසුවා.
මම කිව්වා සාක්ෂි තියෙනවද කියන එක දන්නේ නැහැ, පවුල් ආරවුලකට ගෙනල්ලා ගහලා කූඩුවේ ලේ පෙරි පෙරී හිටියා කියලා.
එවිට, ඔහු නැවත වරක් මට තර්ජනය කර මරන එක මරනවා, මමයි මරන්නේ කියා මේසේ අත ගහලා මහා හයියෙන් කෑගැසුවා.
මම එවිට මගේ මූණටම කියපු එක හොඳයි කිව්වා. එවිට ”ඇයි උඹ මට මොනවා කරන්නද” කියා, ස්ථානාධිපති කරුණාතිලක මාගෙන් ඇසුවා.
මා පොලීසියෙන් පිට වෙලා ආවා.

මා ඉල්ලා සිටින්නේ,
මාගේ පුතාවන අතුල ප‍්‍රියන්තව මරා දමන බවට, කරන ලද තර්ජනය පිළිබඳව නොපමාව පරීක්ෂණ පවත්වා, නිසි නීතිමය පියවර ගන්නා ලෙසටයි.
තවද මගේ ලොකු පුතාවන කුඹුකගේ අතුල ප‍්‍රියන්තට, මිල්ලනිය පොලීසිය කරන ලද වධහිංසා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද ප‍්‍රකාශ කර සිටිමි. එහි අංකය: ්‍යඍක්‍රැු4326රැු12රැු1 – 25 වේ.
මද්දුමාගේ යසවතී