බේරුවල පොලිස් ම්ලේච්චත්වය.

හර්ෂි සි. පෙරේරා

පොලිස් වදහිංසාව ම්ලේච්චත්වයකි. මෙයට තිත තැබිය යුතුය. එයට ඉහලයින්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ. පොලිසිය වදහිංසා පමුණුවන විට විශේෂයෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ ජනාදිපති මහින්ද රාජපක්ෂ කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? ඔවුන්ගේ නිහඩ බව එයට අනුමැතියකි. සිදුවන්නේ මෙම ම්ලේච්චත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වීමයි. අහිංසක ජනයා පිඩාවට පත්වීමයි. මංගලට සිදුවූ අසාදාරනය බලන්න. පරෙස්සම් වන්න. ඊලග පොලිසියේ නීතිය රකින්නාගේ ගොදුර ඔබ විය හැකියි.
01. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

02. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පහර දී, අලාභ හානි කර,
ව්‍යාජ චෝදනා මත බන්ධනාගාරගත කරවීම

සුදුවා දේවගේ මංගල ප‍්‍රියන්ත, අවු: 43යි, ජා.හැ.අ.733300418ඪ, විවාහක, දරුවන් 02යි, රැුකියාව : මහා රා කර්මාණ්තය.
123, රෝක්ලන්ඞ් පාර, මාගල්කන්ද, මග්ගොන.
2014.04.04 දිනදීය.

2014 මාර්තු 14 වන දින, සවස 4.00ට පමණ, මා, මාගල්කන්දේ රා එකතු කිරීමේ ස්ථානයේ (ක්‍ී ස්ථානය*, රා ප‍්‍රවාහනය කරනු ලබන ලොරියට, රා පැටවීමේ යෙදී සිටියා.
එම අවස්ථාවේ, මෙම කර්මාන්තයේම නියැලෙන මාගේ පියා වන එස්.ඞී.පේ‍්‍රමරත්න ද සිටියා.
එසේ රැුකියාවේ නිරතව සිටින විට, පොලිස් ජීප් රථ තුනක් පැමිණියා. එයට අමතරව යතුරු පැදි දෙකක් ද ආවා.
ඔවුන් සියලූ දෙනාම රථ වලින් බැස, වත්තට ආවා. විස්සක් පමණ ආවා. එයින් දෙන්නෙක් පමණක් නිල ඇඳුමින් සිටියා. අනෙක් සියලූ දෙනා සිටියේ සිවිල් ඇඳුමින්.
බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ හා අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ප‍්‍රියංකර යන දෙන්නා ජංගම දුරකථන පාවිච්චි කරමින් වත්ත, නිවස නිවෙස තුල, සිද්ධිය දැක වටවූ අසල්වැසියන් සියල්ලන්ම වීඩියෝ ගත කලා.
අසල් වැසියන් කිහිප දෙනෙකු නිවසේ, පේව්මන්ට් එකේ වාඩි කරවා, රා එකතු කරන ප්ලාස්ටික් බාස්කට් ඔවුන් ලඟ තබා වීඩියෝ කලා.
මාගේ පියාව ඇදගෙන ඇවිත් – උ`ඵවස්සේ ළඟ තබා, එ් පිරිස සමග වීඩියෝ ගත කලා.
රා කර්මාණ්තයට භාවිතා කරන, මුට්ටි බැරල්, බිස්කට්, කෑන්, ආදි සියල්ල වීඩියෝ ගත කලා.
එ් අතර, මාගේ පියා, ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ගෙන් ප‍්‍රශ්ණ කලා ”ඇයි මෙහෙම කරන්නේ” කියා. එවිට මාගේ පියාට දුමින්ද රජපක්ෂ පිටට ගසා, කම්බි බිත්තියේ හැප්පුවා. එසේ කලේ කුණූහරප කියමින්. ඔහු කිව්වා මේවා කරන්නේ ්ීඡු (සහකාර පොලිස් අධිකාරී* නියෝග මත බව. එ් සමග දුමන්ද රාජපක්ෂ, ”සිල්වා මූව දාගනින්” කිව්වා.
සිල්වා නැමැති අය – (සිවිල් ඇඳුමින් සිටිය* පැමිණ, පියාව ඇදගෙන ජිප් එක ලඟට ගියා.
එ් අවස්ථාවේදී, මා ජීප් එක ළඟට ගියා. එ් සමගම මාව කිහිප දෙනෙක් වට කර ගත්තා. දුමින්ද රාජපක්ෂ හා ප‍්‍රියංකර අතින් පයින් පහර දුන්නා. මගේ සරම ගලවා දැම්මා. ඇඳ සිටි ටී ෂර්ට් එක කෑලිවලට ඉරුවා. ඉතිරි වුනේ යටට ඇඳ සිටි කලිසම පමණයි. එසේ පහරදී, මාවත්, පියාවත් ජීප් රථය ඇතුලට තල්ලූ කර දැම්මා.
එයින් පසුව දුමින්ද රාජපක්ෂ, ප‍්‍රියංකර නිධාරියාට කිව්වා, ”මුන්ගේ ඔය බඩු ඔක්කොම පොඩි කරලා දාපන්, මේක ්ීඡු ගේ ඕඩරයක්, මම බලාගන්නම්” කිව්වා.
එ් සමග, ප‍්‍රියංකර හා සිල්වා අනෙක් අයවද අරගෙන ගොස් රා කර්මාණ්තයට අදාල අපගේ සියලූ ආම්පන්න පොඩි පට්ටම් කර දැම්මා.
එසේ පොඩි කර ඔවුන් නැවත ජීප් එක ලඟට ආවා. සිල්වා කියන නිලධාරියාගේ අතේ ලේ තිබුනා. දුමින්ද රාජපක්ෂ ඇහුව්වා ”මොකද කලේ ”කියා. සිල්වා නැමැති නිලධාරියා කිව්වා කැබිනට් එකේ වීදුරුවට කැපුනා කියලා.
එවිට දුමින්ද රාජපක්ෂ කිව්වා එ්කත් අපිට පොයින්ට් එකට ගන්න පු`ඵවන් කියා.
ඊට පසුව දැනගත්තා පොලිසිය ගේ ඇතුලේ තිබූ කැබිනට්, ගස් මුට්ටි , කෑන්, පිංතූර, පිගන් රාක්ක, මන්න පෙට්ටි පොඩි කල බව. එ් අතර ගෙදර තිබූ මන්නා පිහියද අරගෙන ගිය බව දැනගත්තා.

එසේම දැනගත්තා, අප පොලිසියට ගෙන ගිය පසුව, සිරස හා හිරු රූපවාහිනී මාධ්‍ය දෙකෙන් රූප ගත කල බව.
අපව බේරුවල පොලිසියට ගෙන ගිය පසුව, කූඩුවට දැම්මා. එසේ කූඩුවේ ඉන්නකොට ස.පො.අධිකාරීවරයා ආවා. ඔහු කූඩුව ළඟට ආවා. එවිට මම ඔහුට ප‍්‍රකාශ කලා, මට ගහලා බඩු පොඩි කරලා ගෙනා බව.
ඔහු කිව්වා – ”පොලිසියත් එක්ක දගලන්න ආවොත් ඔය දේ තමයි වෙන්නේ” කියා. පසුව ඔහු යන්න ගියා.
ස.පො.අධිකාරීවරයා ගිය පසු මාව කූඩුවෙන් එළියට අරගෙන, අපරාධ අංශයට ගෙන ගියා. එහිදී පො.ප.ප‍්‍රියංකර මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මගෙන් ඇහුව්වේ නම, ලිපිනය ආදිය පමණයි. ඊට පස්සේ ඔහු මොනවාද ලිව්වා. මට කිව්වා අත්සන් කරන්න කියා. මට තර්ජණය කලා . අත්සන් කලාට පස්සේ – පො.ප. ප‍්‍රියංකර මට කිව්වා – ”මම කරන රස්සාව නැවැත්තුවේ නැත්තම්, බෝම්බ කුඩු දාලා අත්අඩංගුවට ගන්නවා” කියා. ”එහෙම නැත්තම්” කියා – පිස්තෝලය අරන් ඔලූවට තියා ”මරලා දානවා” කිව්වා.
ඊට පසු මාව හා පියාව බේරුවල රජයේ රෝහලට ගෙන ගොස් එහි ෘඵධ මහතා ලඟට ඉදිරිපත් කලා. මාව ගෙනිච්ච පොලිස් නිලධාරියා දොස්තර මහතාට කිවවා මම බීලා ඉන්නේ කියා. ෙදාස්තර මහතා මාගේ කට ඉම්බා. මම ෙදාස්තර මහතාට කිව්වා, මම මත්පැන් සිගරට් නොබොනවා පමණක් නොවෙයි, බුලත් විටක්වත් කන්නේ නැති බව. මම තැලූම් තුවාල ෙදාස්තර මහතාට පෙනුනුවා. ඔහු ලියා ගත්තා. ඊට පස්සේ පියාවද ඉදිරිපත් කලා.
එයින් නඅතුරුව, ක`ඵතර දකුණේ සෙන්ට‍්‍රල් හංදියෙන් හීනටියන්ගල පාරට දමා, හිටපු පලාත් සභා මංත‍්‍රී යූෂුප් මයාගේ නිවස ඉදිරිපිට, තට්ටු දෙකේ නිවසක් අසලට ගෙන ගියා. එම නිවසේ ගේට්ටුව අසල නවතා, ගේට්ටුවට ගසා කතා කලා. එවිට ගේට්ටුව ඇර, කොට කලිසමක් හා උරපටි බැනියමක් ඇඳන් අයෙක් එළියට ආවා. ඔහුට පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ලිය කියවිලි වගයක් අතට දුන්නා. ඔහු එම ලියවිල්ල ඇතුලට ගෙන ගිහින්, ආපසු ගෙනත් දුමින්ද රාජපක්ෂට දුන්නා. එයින් පසුව මාව හා පියාව, කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. එවිට වේලාව රාත‍්‍රී 11.00 ට පමණ ඇති.
බන්ධනාගාරයේදී මම, මට පොලිසිය පහර දුන්න බව ප‍්‍රකාශ කලා. නමුත් ලියා ගත්තේ නැහැ.
එදින සිට 2014.03.24 දක්වා රක්ෂිත බන්ධණාගාර ගත කර තැබුවා.
2014.03.24 දින අධිකරණයට ගෙන ආවා.
එවිට දැනගත්තා, මට හා පියාට එක් නඩුවකුත්, පියාට පමණක් තවත් නඩුවකුත් දමා තිබෙන බව.
මට හා පියාට දමා තිබුන අංක 782 නඩුව කතා කල විට, දෙන්නාම ”නිවැරදිකරු” බව ප‍්‍රකාශ කලා. අපි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ විරාජ් ජයනෙත්ති මයා, අප වෙනුවෙන් ඇප ඉල්ලා සිටියා.
එ් අවස්ථාවේ, මා කැපූ බව කියන පොලිස් නිලධාරියාට සු`ඵ ගානක් ගෙවනවානම් සමථ වෙන්න කැමති බව පොලිසිය අධිකරණයට කියා සිටියා.
එ් අවස්ථාවේ, අපගේ නීතිඥ විරාජ් ජයනෙත්ති මහතා, කූඩුව අසලට පැමිණ පොලිසියේ යෝජනාවට කැමතිද කියා ඇසුවා. මා කැමති වුනේ නැහැ.
එවිට පියාට ඇප ලබාදුන්නා. මාව 2014 මාර්තු 31 දක්වා නැවත රක්ෂිත බන්ධණාගාරගත කලා. මෙම නඩුවේ පළමු විත්තිකරු වන්නේ මාගේ පියා බවද මෙහිදී කියා සිටිනවා.
2014 මාර්තු 31 දින, අධිකරණයට ඉදිරිපත් කල විට මාව – ,
1. රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා
2. රජයේ සේවකයකුගේ ඇප සහා,
3. ක`ඵතර පොලිස් අධිකාරී 11 ඉදිරියේ, සෑම මසකම අවසන් ඉරිදා උදේ 9 – 12 අතර අත්සන් කල යුතු බව යන, බරපතල ඇප කොන්දේසි මත මුදා හැරියා. මීළඟ නඩු දිනය 2014.04.21 දින වේ.

මේ ආකාරයට මාගේ පියාට, මාහට පහරදී, අපගේ දේපොල විනාශ කර, බොරු නඩු දමනු ලැබූයේ, එදින (2014.03.14 දින* උදේ 9 -10 අතර, බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ හා අපරාධ අංශයේ ප‍්‍රියංකර යන නිලධාරීන් මාගේ පියාගෙන් රු: 50,000/=ක මුදලක් ඉල්ලා සිටි විට, එය නොදුන් නිසා බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.
මෙම සිද්ධිය අදාලව මාගේ සොහොයුරා වන සුදුවා දේවගේ සම්පත් විසින් – 2014.03.19 දින ඔබ වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බවද සිහිපත් කරමි.
මා ඉල්ලා සිටින්නේ,
1. බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ, අපරාධ අංශයේ ප‍්‍රියංකර නැමැති නිලධාරීන් – ක`ඵතර ස.පො.අධිකාරී (දුටුවොත් අඳුනාගත හැකිය* එකතුවී සිදුකර තිබෙන ඉහත සඳහන් නීති විරෝධී (අපරාධ* සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට,

2. මා විසින් නීත්‍යානුකූලව කරගෙන යන මහ රා කර්මාන්තය බාධාවකින් හා ආරක්ෂා සහිතව කරගෙන යෑම සඳහා පොලිසියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් නවත්වන ලෙසට,
3. දැනට පවරා ඇති බොරු නඩු ඉවත් කරන ලෙසට,
4. මෙම ක‍්‍රියාවන් මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව – ප‍්‍රකාශ කරන ලෙසටය.

එස්.ඞී.මංගල ප‍්‍රියන්ත,