ඊළම නැතිව පස්ස බලන්නේ නැහැ - රටින් පිට ඊළාම් අගමැති කියයි

උපුටා ගැනීම - ලංකාදීප 

ශ්‍රී ලංකා ගාඩියන් කර්තෘ නිලන්ත ඉලංගමුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී එල් ටී ටී ඊ සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ රටින් පිට පිහිටුවා ගත් ‘ඊලාම් සංක්‍රාන්ති රජයේ අගමැති‘ විෂ්වනාදන් රුද්‍රකුමාරන් හෙවත් රුද්‍රා සමග සමූඛ සාකච්ඡාවක් පැවැත්වීය.
කොටි  සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ විෂ්වනාදන් රුද්‍රකුමාරන් හෙවත් රුද්‍රා තමන් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ අගමැති ලෙස  හදුන්වාගනී. ඇමරිකා පුරවැසියෙකු වන ඔහු නිව්යෝර්ක් නුවර වාසය කරයි. ඔහු නීතිඥවරයෙකි. යාපනය හිටපු පුරපති විශ්වනාදන් ගේ පුත්‍රයා වන රුද්‍රකුමාරන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයයේ හා කොළඹ නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි.
විෂ්වනාදන් රුද්‍රකුමාරන් නොඑසේනම් රුද්‍රා ඔහු සම්බන්ධවී සිටින වැඩකටයුතු නිසාම නිතර දෙවේලේ දැකිය හැකි චරිතයක් නොවූවත් දශක ගණනාවක සිටම ඔහුගේ නම පොදු ජනතාව හොදින්ම හදුනන්නකි. වරක් දමිළ ඊළාමය සදහා වන විමුක්තිකාමී  කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ නීති උපදේශකයා ලෙස අන්තර්ජාතික තලයේ පෙනී සිටි ඔහු එල්.ටී.ටී.ය සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දියත් කළ අවසන් මෙහෙයුමේදී මැරුම් කෑ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාරකරන් කිට්ටුවෙන්ම ආශ්‍රය කළ අයකුද වේ.
රුද්‍රා දැන් එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රභාකරන්ගේ අඩුව පුරවන්නා ලෙස සැළකේ.   ඔහුගේත් එල් ටී ටී ඊ සංවිධානයේ ඉතිරිව සිටින සෙසු සාමාජිකයන්ගේත් නවතම උත්සාහය වී ඇත්තේ අවිගත් අරගලකට පරිබාහිර ක්‍රියාවලියකින් ඊළම දිනාගැනීමට වෑයම් කිරීමයි. මේ සදහා ඔහු දෙමළ ඩයස්පෝරාව හා එක්ව කටයුතු කරමින් සිටී.
මෙම දීරඝ සම්මුඛ සාකච්ඡාවේදී රුද්‍රා සමග එල්.ටී.ටී.ඊ සංවිධානයේ අලූත්ම මුහුණුවර වන ‘දෙමළ ඊළමේ සංක්‍රාන්ති රජය‘ පිහිටුවීමේ සැබෑ අරමුණ හා ඒ හා බැඳුණු ගැටලූකාරී කරුණු කාරනා සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අපි කටයුතු කළෙමු. කෙසේවුවත් ඇතැම් ප්‍රශ්න හමුවේදී රුද්‍රා උපක්‍රමශීලීව ඒවා මගහැර යන අයුරුත් අපගේ අවධානයට හසුවිය.

CLICK HERE READ FULL TEXT OF THE INTERVIEW