නොබෙල් සාම තියාගලාබියා 87 වැනි වියේදී මියයයි.

හර්ෂි සි. පෙරේරා

Capture
නෝබල් සාම තියාගලාබි ලේකක කොලොම්බියානු ජාතික ගබ්රියෙල් ගාසියා මාකෝස් 87 වැනි වියේදී මිය ගියේය. ඔහු බ්‍රහස්පතින්දා මෙක්සිකෝ නගරයේ ඔහුගේ නිවසේදී මියයන ලදී. ඔහු සති කිහිපයක සිට අසනීප තත්වයෙන් පසු විය. ඔහු සිය වුර්තිය ජීවිතය ආරම්බ කලේ පුවත්පත් වාර්තාකරුවකු ලෙසය. ඔහුට 1982 වර්ෂයේදී සාහිත්‍ය සදහා වූ නොබෙල් සාම තියාගය හිමි විය. ඔහු ලතින් ඇමෙරිකාවේ සුප්‍රසිද්ද ලේකකයෙකු වන අතර ඔහුගේ පොත් මිලියන ගණනින් විකිණී තිබේ. ඔහු 1927 මාර්තු 06 වැනිදා කොලොම්බියාවේදී උපත ලද අතර ඔහුව හදාවඩා ගත්තේ මවු පාර්ශවයේ ආච්චි සියා විසිනි. ඔහු කිවේ කුඩා කල ආච්චි කියා දුන් කතා ඇසීමෙන් පසුකලක නවකතා ලිවීමට ප්‍රබෝදය ඇති කල බවයි. ඔහුගේ මිය යාම වෙනුවෙන් ශෝකය පල කල අය අතර ඔහුගේ මිතුරෙකු වූ හිටපු ඇමෙරිකා එක්සත් ජනපද ජනාදිපති බිල් ක්ලින්ටන්ද වේ. ඔහු දේශපාලනයටද සම්බන්ද විය. ඔහු කියුබාවේ ද සිටි අතර කොමුයුනිස්ට් නායක ෆිදෙල් කස්ට්‍රොගේ හොද මිතුරෙකුද විය. මෙම දේශපාලන සම්බන්දතා නිසා ඔහුට වසර 10කට ඇමෙරිකාවට ඇතුලත් වීමට තහනමක්ද පනවනු ලැබිණි. නමුත් කොලොම්බියානු අර්බුද සමනය කිරීමට ඔහුගේ දායකත්වය අල්පවූ බවටද චෝදනා එල්ල වේ. ඔහු පසු කලෙක මෙක්සිකෝවේ ජීවත්වීම ආරම්බ කළේය. ඔහු මියගියේ සිය අවුරුදු 55ක් වූ විවාහයේ බිරිද සහ පුතුන් දෙදෙනා මෙලොව තනි කරමිනි.