නයිජීරියාව ;- 100 ක් සිසුවියන් පැහැරගෙන යයි.


හර්ෂි සි. පෙරේරා
ඉස්ලාම් හමුදා කණ්ඩායමක් විසින් සිසුවියන් 100කට වැඩි පිරිසක් නයිජීරියාවේ ඊසාන දිග බොර්නෝ ප්‍රාන්තයෙන් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ ආණ්ඩුවේ දිවිතික පාසලකිනි. මේ බව රියුටස් පුවත් ඒජන්සියට ප්‍රකාශ කලේ ඖදු මුසා නම් ගුරුවරයෙකි. සිද්දිය සිදුව ඇත්තේ සදුදා රාත්‍රියේදීය. මෙම ඉස්ලාම් සටන්කාමී කණ්ඩායම බොකෝ හරං ලෙස හැදින්වේ. බොකෝ හරං යන්නේ අදහස බටහිර අද්‍යාපනය තහනම් කල යුතු බවයි. මෙම කණ්ඩායමේ දැක්ම නයිජීරියාවේ ඉස්ලාම් රජයක් ගොඩ නැගීමයි. නයිජීරියාව අප්‍රිකාවේ ජනප්‍රිය ජාතියක් වන අතර ජනගහනය මිලියන 170ක් පමණ වේ. මුස්ලිම්වරු රටේ උතුරේද ක්රිස්තියනිවරු දකුණේද ජීවත්වේ. පසුගිය නොවැම්බර් මාසදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් බොකෝ හරාම් “විදේශීය ත්‍රස්ත සංවිදානයක්”ලෙස නම් කරනු ලැබිණි.