කුඹුරේ ආරක්ෂාව අයාලේ යයි
මෙම තත්ත්වය මත තම කුඹුරේ ඉදිරිකන්න සැලසුම් කිරීමටද මහත් බාධකයක් වී ඇති බව හැටපස් වියැති තිදරු පියෙකු වන දිඹුලාගල කුඩා වැව අංක 90 ලිපිනයේ පදිංචි ටිකිරි බණ්ඩා ගොවි මහතා පෙන්වාදෙයි. 2012 දෙසැම්බර් 29 වෙනිදා රාත්‍රියේ තම කුඹුරට ජලය හැරවීමට ගොස් සිටියදී අහසින් දිළිසෙන වස්තු කිහිපයක් කුඹුරු යායට වැටෙනවා දුට ටිකිරි බණ්ඩා ගොවි මහතා ඒ පිළිබඳව ගොවින් මෙන්ම මාධ්‍ය දැනුවත් කළේය.
අනතුරුව දෙස් - විදෙස් පරික්‍ෂණ කණ්ඩායම් තම කුඹුරට වාර කිහිපයක් පැමිණ පරික්ෂණ කටයුතු කරමින් විශ්වය තුළ තවත් ජීවින් සිටින බවට ලෝකයේ වසර 500 ක කාලය තුළ වැදගත් සාක්‍ෂිය බවට පත් වූයේ තම කුඹුරට වැටුණු කොටස් වලින් බවද ටිකිරි බණ්ඩා මහතා කිවේය.
මේ පිළිබඳව බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාපිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ වසරේ ජනවාරි 25 දා ජනාධිපතිවරයා හමු වී මෙම ස්ථානයේ වැදගත් කම පිළිබදව කරුණු පැහැදිළි කර ඇත.අනතුරුව එම කුඹුරට පොලිස් ආරක්ෂාවද සපයා තිබිණි.
මනම්පිටිය -නමල් ජයරත්න
Lakbima