තානාපතිවරුන් බුදි !

රට නියෝජනය කරමින් පත්කර යවා සිටින මෙරට තානාපතිවරුන්ගේ කාර්යභාරය ඉතා කණගාටුදායක තත්ත්වයක පවතින බව අස්ගිරි පාර්ශවයේ මහනාහිමි පූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත හිමියෝ පවසා සිටිති. 

ඔවුන්ගේ වගකීම් විරහිත නිද්‍රාශීලි පිළිවෙත නිසා විවිධ සංවිධාන ලොව පුරා ලංකාවට එරෙහිව නැගී සිටින බව පවසන උන්වහන්සේ රට මෙතරම් අර්බුදයකට පත්වීමට ඔවුන්ගේ වැරැදි ක්‍රියා පිළිවෙතද ඉවහල් වී ඇතැයි කීය. 

 දළඳා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේ දී මල්වතුඅස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24)පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බැව් පැවසූහ. ජිනීවා මානව හිමිකම් සමුළුවට ඇමරිකාව ඇතුළු සමහර රටවල් ශ්‍රී ලංකාවසම්බන්ධයෙන් ඉදිරිපත් කැර ඇති යෝජනාවලිය ගැන සිය කාරක සංඝ සභාවල සංඝයා වහන්සේදැනුවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මල්වතු – අස්ගිරිමහ නාහිමිවරුන් කළ ඉල්ලීමට ප්‍රථිචාර ලෙස මෙම හමුව පැවැත්වූයේ ඇමැති ජී. ඇල්. පීරිස් මහතාගේ සහභා‍ගීත්වයෙනි.