නීතිඥ කාර්යාලයෙන් එලියට බසිද්දී අත්අඩංගුවට ගනී.

හර්ෂි සි. පෙරේරා

තවත් පොලිස් පහරදීමක් බොරු නඩු දැමීමේ උත්සහයක් ගැන පැමිණිල්ලකි. මෙවන් දේ දකුණේ සිදුවන්නේ ජිනීවා මානව හිමිකම් පිළිබද තීරණාත්මක අවස්ථාවකය. පොලිස්පතිට හෝ මානව හිමිකම් කොමිසමට මේ ගැන තැකීමක් හෝ හැගීමක් ඇත්ද? රාජපක්ෂ ආණ්ඩුවට තැකීමක් හෝ හැගීමක් ඇත්ද? නැත. ඒ වෙනුවට ඇත්තේ අනුබල දීමකි. නිහඩව අනුමත කිරීමකි. චායරුපයේ සිටින්නේ අත්අඩංගුවට පත්වූ සුරංගගේ මව සහ පියාය.

01. පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ.

02. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, පහර දී, ව්‍යාජ නඩු පැවරීමට සූදානම් වීම
විදානලාගේ පියුමන් ද මැල්, අවු: 65යි, විවාහක, දරුවන් 02යි, වඩු කාර්මික
ලිපිනය : අංක 08, මැදවේල්ල පාර, නල්ලූරුව, පානදුර.
දු.අ. 072 2224910

2014.02.10 දිනදීය.
විදානලාගේ සුරංග රංග ද මැල්, අවු: 33යි, දරුවන් 01යි, කම්කරු – මාගේ පුතා වේ.
2014.02.10 වන දින,පානදුර මහාධිකරණයේ පවතින 2132 දරන නඩුවට පෙනී සිටීමට පැමිණීයා.
එම නඩුව ඉවරවී, දහවල් 12.30 ට පමණ, මාගේ පුතා අධිකරණයෙන් එළියට ආවා.
එ් අවස්ථාවේ, සිවිල් ඇඳපු කිහිප දෙනෙක් සැක කටයුතු අන්දමට මගේ පුතාගේ පස්සෙන් ආවා.
පුතා තේරුම් ගත්තා ඔහුව අත්අඩංගුවට ගැනීමට හදන බව.
එ් බව නීතිඥ ගයාන් පී රත්නායක මයාට ප‍්‍රකාශ කලා.
නීතිඥ මහතා, මාගේ පුතාව ඔහුගේ කාර්යාලයට රැුගෙන ගියා. එම පොලිස් නිලධාරීන් නීතිඥ මහතාගේ කාර්යාලය ලඟට ආවා. නීතිඥ මහතා ඔවුන්ගෙන් ඇහුව්වා කාරණය මොකක්ද කියා.
පළමුව ඔවුන් මාගේ පුතාව අවශ්‍ය නැති බව කිව්වා. පසුව අවශ්‍ය බව කිව්වා. එවිට නීතිඥ මහතා කිව්වා මම එක්කගෙන එන්නම් කියා. පාට ටීෂර්ට් එකක් ඇඳ සිටි නිලධාරීවරයා ප‍්‍රකාශ කලා මම ඕ.අයි.සී කියා.
එවිට ඔවුන් එතැනින් ඉවත් වුනා. පුතා කාර්යාලයෙන් එළියට බැස්සා. එවිට සිවිල් පිට සිටිය තිදෙනෙක් මාගේ පුතාව අල්ලා ගත්තා. පහරදී ත‍්‍රී රෝද රථයට දමා ගත්තා.
පහර දෙමින්, තොට කුඩු දානවා, බෝම්බ දානවා කියමින් රැුගෙන ගියා.
මා ඉල්ලා සිටින්නේ, 
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් මාගේ පුතාට – වධ දී, බොරු නඩු දැමීම වලක්වාලන ලෙසටයි.

ඩබ්. පියුමන් ද මැල්