“ගුරුතුමියගේ අකටයුතුකම් නිසා පුතා පාසල් යාම ප්‍රතික්ෂේප කරයි.”- පියා.


හර්ෂි සි. පෙරේරා

දෙමාපියන්ගේ ඒකායන අරමුණ දරුවන්ට හොද අද්යාපනයක් ලබා දීමයි. අද්‍යාපනය ලොව හොදම ආයෝජනයද වේ. දරුවන්ගේ අද්‍යාපනය කඩාකප්පල් වීම දෙමාපියන්ට දරා ගැනීමටද අසීරුය. මේ අද්‍යාපන අයිතිය උල්ලංගනය කිරීම වාර්තා වන්නේ හොරණ ශ්‍රී පාලි ජාතික පාසලෙනි. රටේ ප්‍රථම පුරවැසියා ළමුන් සමනලයින්ට උපමා කරන වටපිටාවක මෙවන් දේ සිදුවීමට ඉඩ දිය හැකිද? චායරුපයේ සිටින්නේ පිඩාවට පත්වූ දරුවාගේ පියාය. 

01. අධ්‍යක්්‍යෂ
ජාතික පාසල් 
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය
බත්තරමුල්ල

02. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 165
කිංසි පාර
කොළඹ 08

03. සභාපතිනී
ළමාරක්ෂක අධිකාරිය
330, තලවතුගොඩ පාර
මාදිවෙල

ලිඛිත පැමිණිල්ල
මද්දුමාගේ සයුරංග දීපාල්, අවු: 35 යි, ජා.හැ.අ. 78284406 ඪ , විවිහක, දරුවන් 01 යි, රැුකියාව: අරක්කැමි. ලිපිනය: 209 එෆ්, ඉළිඹ, හොරණ. දුරකතන අංකය: 0777 327816
2014.02.10 වන දින දීය.
01. මද්දුමාගේ කලිඳු බිම්සර, අවු: 08 යි, මාගේ පුතා වේ.
02. ඔහු, ක/ශ‍්‍රීපාලි ජාතික පාසලේ තුන වසර ”සී” පංතියේ ඉගෙනුම ලබයි.
03. ඔහු පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබුවේ එම පාසලේමය.
04. 3 සී, පංතියේ, පංතිභාර ගුරුතුමිය, ආර්.පී.එස්.තුෂරිනී මිය වේ.
05. 2014.07.02 වන දින පංති ආරම්භයේ සිටම පංතිභාර ගුරුතුමිය මාගේ පුතාව කොන්කරන බව වැටහුනා. මන්ද මාගේ පුතා පාසලට යාමට අකමැත්තක් දැක්වූ නිසාය. නමුත් අප එය සැලකිල්ලට ගත්තේ නැත.
06. 2014 පෙබරවාරි මැද සතියේ දිනක මගේ පුතාව දණ ගස්සවා තිබිණ. පස දින පුතා පාසල් යෑම දැඩි සේ ප‍්‍රතික්ෂේප කළා. නමුත් අප පියවරක් ගත්තේ නෑ.
07. අද උදේ (2014.02.10* 7.45 ට පමණ, මාගේ බිරිඳ, දරුවාට වතුර බෝතලය දෙන්න පංතියට ගිය විට, පුතා පංතියේ කෙළවරකට වී සිටගෙන හඬමින් සිටිනවා දැක ඇත.
08. ඇය කාරණය විමසූ විට, තමාට වාඩිවෙන්න දෙන්නේ නැති බව හා ”ටීචර්” වාඩි කරවන්නේ නැති බව ද ප‍්‍රකාශ කර තිබේ.
09. මේ ගැන, පංති භාර ගුරුතුමියගෙන් මාගේ බිරිඳ විමසූ විට ඇය කියා තිබෙන්නේ, පුතාගේ අත්වල හොරි තියෙන හින්දා වාඩි කරවන්නේ නැති බවයි.
10. තවද, ‘‘මම මේ ළමයාව වාඩි කරවන්නේත් නෑ, මම සලකන්නෙත් නෑ, තව පංති තුනක් තියෙනවා, පු`ඵවන් නම් එ් පංතියකට දා ගන්න’’ කියා ද පවසා ඇත.
11. එවිට, බිරිඳ දරුවා රැුගෙන, විදුහල්පති චන්ද්‍රසේන මනතුංග මහතා ළඟට රැුගෙන යන අතර මට සිද්ධිය දුරකතනයෙන් කියා සිටියා.
12. එ් අනුව මාද පාසලට ගොස්, බිරිඳ හා එක්ව, දරුවාව විදුහල්පතිතුමා ළඟට ගෙන ගියා.
13. විදුහල්පතිතුමාට අප කාරණය පැහැදිළි කළා. පුතාගේ අත් බලා, හොරි නැති බව පිළි ගත්තා. ඉන්පසු විදුහල්පතිතුමා, කාරණය ලිඛිතව දෙන දෙසට දැනුම් දුන්නා.
14. මා විස්තරය ලියා දුන්නා.
15. එසේ ලියා දී, මෙම පංතිභාර ගුරුතුමිය, මාගේ පුතාට මේ ආකාරයට මානසික පීඩාවන් ගෙන දීමට පුද්ගලික හේතුවක් තිබෙන බව (වාචිකව* පෙන්වා දුන්නා.
16. ඉන්පසු විදුහල්පතිතුමා, වෙනත් පංතියක් ලබා දීමට සතියක් පමණ ගතවන බව ප‍්‍රකාශ කළා.
17. එ් සමග මට කිව්වා, පංතිභාර ගුරුතුමිය එක්ක කතා කරන්න කියා.
18. මා, දරුවාද රැුගෙන පංතියට ගියා. එ් අවස්ථාවේ පංතිභාර ගුරුතුමිය සමග ශ්‍රේණි ප‍්‍රධානි ගුරුතුමිය වන සී.කේ. හීන්දෙනිය මියද සිටියා. තවත් ගුරු මහත්මීණ් දෙදෙනකු පමණ අසල සිටියා.
19. මම පංතිභාර ගුරුතුමියට ප‍්‍රකාශ කළා, විදුහල්පතිතුමා දැනුම්දුන්නා ඔබතුමිය සමග මේ ගැන කතා කරන්න කියා, එ් අනුව තමයි ආවේ කියා පැවසුවා.
20. මම ඇයට කිව්වා පුතාට හොරි නෑ කියා, එ් වාගේම පුතාට තියන ප‍්‍රශ්න කිව්වා.
21. ඇය කිව්වා, වෙනස්කම් කරන්නේ නෑ. ඕන නම් පංතිය මාරු කර ගන්න කියා.
22. එවිට මම ඇයගෙන් ඉල්ලීමක් කළා පු`ඵවන්නම් එය ලියා දෙන්න කියා. එ් අවස්ථාවේ ශ්‍රේණි ප‍්‍රධානි ගුරුවරි තුමිය කිව්වා, ”ඔයා ඕවා ලියන්න එපා” කියා.
23. ඇය (ශ්‍රේණි ප‍්‍රධානි ගුරුතුමිය* මට කිව්වා, පංති මාරු කරන්නේ නෑ, ළමයා ඉස්කෝලෙන් අස්කරගෙන යන්න කියා.
මා කාරුණිකව ඉල්ලා සිටින්නේ,
මාගේ දරුවාට මානසික වධදීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්, මාගේ දරුවාට පීඩාවකින් තොරව ඉගෙනීමට අවශ්‍ය පරිසරයක් ගොඩනගා දෙන ලෙසත්ය.
මෙයට,
මද්දුමාගේ සයුරංග දීපාල්
( මද්දුමාගේ කලිඳු බිම්සර ගේ පියා)