සිරිසේනලා හා රංජිනීලා

අමිල ගුණරත්න 

  ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන කොලඹ හතේ ඉපිද කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍යවරියක වී පොලොන්නරුවේ හද්දා පිටිසර මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට ගියාය​. 

මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවේ ඉපිදී  අසීරුවෙන් ජීවිතය ගැටගහගෙන ගමේ ඉස්කෝලේ ඉගන ගෙන ග්‍රාම නිලධාරියෙකු වී පසුව දේශපාලනය හරහා කොලඹ ආවේය​.


 රංජනී ගුණවර්ධන  අද දෙහි අත්තකණ්‌ඩිය කජුවත්ත ප්‍රදේශයේ මහවැලි සංවර්ධන මණ්‌ඩලයට අයත් අතහැර දමන ලද ගබඩාවක ජීවත් වෙන්නීය​.රංජිනී දුප්පත් ය හම්බ කරගත් දෙයක් නැත 

 මෛත්‍රිපාල සිරිසේන අද හොඳ සල්ලිකාරයෙකි. ඔහු ජීවත් වන්නේ කොලඹය​. මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව ඔහුගේ සහෝදරවරුන් වන ඩඩ්ලි සහ වැලි රාජු යනු කෝටිපතියන් ය​. 

රංජනී ගුණවර්ධනගේ හදාගත් ලමයාද අද ලංකාවේ නැත​. මෛත්‍රිපාල සිරිසේනගේ පුතා නම් කාලෙකට ඉහතදී කනමදයාසේ බීගෙන මාළු හෝටලයේ පොලිස් නිලධාරියෙකුගේ පුතෙකුටද තඩිබෑවේය​. 

 රංජනී ගුණවර්ධන අද කාත් කවුරුවත් නොමැතිව පාළු ගබඩාවක ජීවිතය ගත කරද්දී ඇගේ තනියට සිටින්නේ බලු කුක්‌කන් කිහිප දෙනෙක්‌ සහ පූසන් කිහිප දෙනෙක්‌ පමණය​. 

මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා වටා සර් සර් කියමින් දේශපාලන පුබ්බඩයන් පමණක් නොව ලොකු ලොකු දොස්තරලාද බල්ලන් පූසන් මෙන් පයේ දැව​ෙටති.   

සිරිසේනලා ගේ හා රංජිනීලා ගේ ඉරණම් තීන්දු කලේ  කුමක් ද ? කර්මයද ලංකාවේ පසුගාමි දේශපාලන සංස්කෘතියද ?