මරිජුවානා පාලනයට කංසා පාටමාලා

Image

හර්ෂි සි. පෙරේරා
මරිජුවානා නම් මත්ද්රවිය පාලනයට කංසා පුහුණු පාටමාලා උරුගුවේ රාජ්‍යයේ ආරම්බ කර තිබේ. ඒ උරුගුවේ ජාතික කංසා ෆෙඩරේෂණය මගිනි. ඒ කංසා පැලෑටිය වගා කිරීම සම්බන්දයෙන් බව දේශීය මාද්‍ය අනාවරණය කරයි. මෙය පරිබෝජිකයාගේම සුවයන් පරිබෝජනය සදහාය. වයිද්යවරු පවසන ආකාරයට මෙම පැලෑටිය පසොරිස් ඇතුළු චර්ම රෝග සදහා ප්‍රතිකාරකයක් ලෙස අවශ්‍ය වේ. ඒ වගේම එය නින්ද නොයාම සහ බඩගිනි ඇති නොවීමේ තත්වයන්ගෙන් අත්මිදිමටද වැදගත්ය. මෙම පාටමාලාව බලදාරීන් ආරම්බ කර ඇත්තේ මරිජුවානා ප්‍රවාහනය සහ පරිබෝජනය පාලනය කිරීම උදෙසාය. පසුගිය දෙසැම්බර් මාසයේ උරුගුවේ රාජ්‍ය මුළු ලෝකයේම විවේචන මද්දයේ මෙම ඔවුෂදිය මත්ද්රවිය නිෂ්පාදනය සහ විකිණීම සම්පුර්ණයෙන්ම නීතිගත කළේය. ඒ මුළු ලෝකයෙන්ම එය සම්පුර්ණයෙන්ම නීතිගත කල පළමු රට බවට ඉතිහාසයට එක්වෙමිනි. මේ සියල්ලට ප්‍රවිෂ්ටය ලබා දුන්නේ උරුගුවේ ජනාදිපති ජෝස් මුජිකය. මෙම මතබේදාත්මක විවස්ථාව ගැන මුජිකාට ජාත්‍යන්තර ප්‍රජාව පහර පිට පහර ගැසුවේය. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්රවිය පාලන මණ්ඩලය මෙම ක්‍රියාව හැදින්වුයේ පුදුමය දනවන දෙයක් ලෙසයි. 
Image