“කකුල හා අත කපාගෙන තිබුනා”- මව

හර්ෂි සි. පෙරේරා

වදහිංසා පැමිණවීම බියගුළු ක්‍රියාවකි. මෙම සිද්දීයෙන්ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ බියගුළු කමයි. මෙහි එන වින්දිතයා තමාට පොලිසිය වැඩියෙන් පහර දෙතියි යන බියෙන් කකුල සහ අත ද කපා ගෙන තිබේ. වින්දිතයාට දඩුවම් පැමිණවීම කල යුත්තේ අදිකරණයයි. එසේ නැතිව ඔහු සැකකරුවෙකුව සිටියදී ඔහු පිලිබදව විමර්ශන පවත්වන පොලිසියට ඔහුට ගහන්නට හෝ බනින්නට නොහැක. එසේ කරන්නේනම් එය අපරාදයකි. දයාවතී සිල්වා මහත්මිය ජනසන්සදයේ සහය ඇතිව මෙම පැමිණිල්ල පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට යොමු කරන ලදී. ඒ තම පුතාව පොලිස් වදහින්සාවෙන් බේරා ගෙන එම අපරාදය සිදුකල පොලිස් නිලදාරින්ට විරුද්දව නීතිමය හා විනයානුකුල පියවර ගන්නා ලෙස ඉල්ලමිනි. (ජනසංසදය – 038 2231419 , 81/2 , ආතර් වී දියෙස් මාවත, පානදුර. )

 
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථෘනය,
කොළඹ.

අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවීම
කරුණාමුනි දයාවතී සිල්වා, අවු: 62යි, විවාහක, දරුවන් 03යි.
ලිපිනය : ගෝමරකන්ද, හේනවත්ත, පයාගල.
2014.01.21 දිනදීය.

තොටබද්ද දුරගේ චමින්ද චන්ද්‍ර කුමාර සිල්වා, අවු: 32යි – මාගේ පුතා වේ.
පයාගල පොලිසිය විසින් 2014 ජනවාරි 17 දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
එදින සවස 4.30 ට පමණ, පුතාව අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුනා. මම සවස 5ට පයාගල පොලිසියට ගියා. පුතා කූඩුවේ සිටියා. එ් වෙලාවේදීත් පුතාට පහර දී තිබුනා.
පසු දින, 2014.01.18 සෙනසුරාදා උදේ මා පුතාව බලන්න ගියා. එවිට ඊයේ ? ගැහුව්ව බව ඔහු කිව්වා. තමාට පහර දුන්නේ උප පොලිස් පරීක්ෂක ධම්මික බව කිව්වා.
2014.01.19 දිනද, මා පුතාව බලන්න පයාගල පොලිසියට ගියා. එවිට වෙලාව දහවල් 11.30 පමණ වේ. පුතා කූඩුවේ සිටියා. පුතාට හොඳටම ගහලා තිබුනා.
එදින සවස මට පුතා කතා කරලා කිව්වා, මම ඉන්නේ නාගොඩ රෝහලේ කියලා.
පසුදින දහවල් 12.00ට මා නාගොඩ රෝහලට ගියා. පුතා පස්වන වාට්ටුවේ සිටියා. ඔහුගේ කකුල හා අත කපාගෙන තිබුනා. මට ගහන හින්දා කපා ගත්තා කිව්වා.
ගහපු පාරවල් පෙන්නුවා. පුතාගේ කකුල මාංචු දාලා තිබුනා. පයාගල පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙක් සිටියා.
මා එදින සවස 5.00ට පුතාව බලන්න ගියා. එ් වෙලාවේ පයාගල පොලිසියේ නිලධාරීන් 3කු සිටියා.
මාගේ පුතා කිව්වා උ.පො.ප.ධම්මික පහර දුන්නා, පපුව උඩ නැගලා පෑගුවා, පපුව හිරවෙලවා, හුස්ම ගන්න බෑ කියලා.
මේ පිළිබඳව නොසගවා පියවර ගෙන, මාගේ පුතාට පහර දුන්න පයාගල පොලිසියේ උ.පො.ප.ධම්මික ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනා ලෙසට හා පුතාට විරුද්ධව බොරු නඩු දැමීම නවතාවාලන ලෙසට ඉල්ලමි.
කේ. දයාවතී සිල්වා