මහවැලි ගබඩාවක තනිවූ විශේෂඥ වෛද්‍යවරියට පහසුකම් සලසයි

වාර්තාව කරුණාරත්න ගමගේ

තම වෘත්තිය ජීවිතයේ බොහෝ කාලයක්‌ මහවැලි කලාපවල වෙසෙන ජනයාගේ සෞඛ්‍ය පහසුකම් නැංවීම සඳහා කැප කොට ජීවිතයේ සන්ධ්‍යා සමය කජුවත්ත ප්‍රදේශයේ මහවැලි ගබඩාවක ගත කරන විශ්‍රාමික ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස්‌ දුන්නේය.

ඒ අනුව ඊයේ (26 දා) පෙරවරුවේ දෙහිඅත්තකණ්‌ඩිය, කජුවත්ත ප්‍රදේශයේ 
පිහිටි විශ්‍රාමික වෛද්‍යවරිය වෙසෙන නිවස වෙත ගිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඇයගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව එම වෛද්‍යවරියගේ ඇසකට සිවිකාචයක්‌ බද්ධ කිරීමේ සැත්කමක්‌ සඳහා පොලොන්නරුව මහ රෝහල වෙත රැගෙන එනු ලැබීය.