ශ්‍රී ලංකාවේ යම් ප්‍රමානයක්ට බුද්ධිමත් මිනිසුන් සිටින බවට අප විශ්වාස
කරමු. තවමත් මේ රෙට් උගත් දොස්තරවරු , ඉන් ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති. නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි. අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත. එවැනි රටවල සිටින සුලුතරයක් වූ බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත. නූගත් පාදඩ
වනචාරීන් විසින් බලය ගෙන යන රටක තම ඔපීනියන් දීම යනු දෙකයි දෙකේ
පොල්ලක් ඔලුව හරාහා වැදීමය. එම නිසා මොවුන් බොහෝ විට කරන්නේ තම
ඔපීනියන් තමා තුල තබා ගෙන මේ මජර ක්‍රමය හරහා මුදල් උපයා ගැනීමය.
එසේ උපයන් මුදල් වලින් මොවුන් තම දරුවන් දියුණු රට වලට ඉගෙනුම සඳහා යවා
ඉන්පසු ඔවුන්ට ඒ රටවල පුරවැසි භාවය ලබා දෙති. තම දරුවා ලංකාව වැනි සංස්කෘතික
වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික නූගත් රටක පුරවසියෙකු වීමට වඩා සංස්කෘතික,
ආර්ථික සහ සමාජමය වශයෙන් දියුණු රටක දෙවන පන්තියේ පුරවැසියෙකු වීම
වඩාත් යහපත් බව ඔවුන් විශ්වාස කරති. මෙය ප්‍රසිද්ධියේ නොකීවද සත්‍ය
තත්වය මෙයයි. මේ ගැන කල හැකි දෙයක් නැත. ප්‍රසිද්ධියේ රට ජාතිය ගැන කථා
කරන් නලීන් ද සිල්වාලා ගුනදාස අමරසේකරලාවත් තමන් ගේ දරුවන් හා දරුවන් ගේ
දරුවන් වත් ලංකාවේ තියා ගත්තේ නැත. හේතුව ලංකාව යනු සංස්කෘතික වශයෙන්
පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බව ඔවුනද හොඳාකාරවම දන්නා නිසාය.