පාසල් සිසුවෙකුගේ කනක් පලයි.



හර්ෂි සි. පෙරේරා

කඩවත පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු සිසුවෙකුට පහර දි තිබේ. එම ශිෂ්‍යා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පහර කෑමෙන් පසු රාගම රෝහලට ඇතුලත් කර ඇත. එල්ල කල කම්මුල් පහර හේතුවෙන් සිසුවාගේ කන් බෙරයට හානි වී තිබේ. 21 වන සියවසේදීත් ශ්‍රී ලංකාවේ පාසල් වල මුර්ගයින් ලෙස හැසිරෙන ගුරු පරපුරක් සිටිති. සමාජයේ බහුතරයද සිතන්නේ ළමුන්ට පහර නොදී ඔවුන් යහ මගට ගත නොහැකි බවයි. නමුත් මෙහි බරපතලකමට මුහුණ දෙන්නේ අදාල සිසුවාත් ඔහුගේ දෙමාපියනුත් පමණි. ළමුන්ට ශාරීරික දඩුවම් පැමිණවීම ශ්‍රී ලංකාවේ බරපතල අපරාදයකි. පන්සිල් ගෙන පාසල් කටයුතු අරබන අමන ගුරු පරපුරට ඒ ගැන අබමල් රේණුවක තැකීමක් නැත.