සත්තු ඉදිරියට දමා රට පාලනය කිරීම




අමිල ගුණරත්න



මෙතක් කල් පාර්ලිමේන්තුවේ බහුතරයව සිටියේ මිනීමරුවන්, කප්පම්කාරයන්, 
ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් , කසිප්පු මුදලාලීන්, කුඩු 
වියාපාරිකයන් පිරිසකි. දැන් එම නැඹුරුව වෙනස් කරමින් නිශ්පාදකගෙන් ගෙන් 
පතිවත බිඳගෙන , අධ්‍යක්‍ෂකලාගේ ඇඳන් මත පිනුම් ගසා කැමරාමන්ගෙන් සල්ලං වූ 
නිලියන් සහ නිරුපිකාවන් පිරිසක් ජාතිය ගලවා ගැනීම පිණිස ඉදිරියට පැමිණ 
තිබේ.  එය එක අතකට හොඳ ප්‍රවනතාවකි.  පසුගාමී ගෝත්‍රික සමාජයක ලිංගික 
අසහනයෙන් පෙලන ශ්‍රී ලාංකිකයා පාළනය කිරීම සඳහා මීට වඩා හොඳ ක්‍රමයක් 
නැත​. එම නිසා දහසකුත් එකක් ප්‍රශ්න වලින් මිරිකී ජීවත් වන ශ්‍රී 
ලාංකිකයාගේ ජීවන ප්‍රශ්න අමතක කරවීමට නිලියන් ගේ සහ නිරූපිකාවන් ගේ 
තොඳොල් බස් , නාරි රූපය​, යොදා ගැනීම අති සාර්ථක ක්‍රමයකි.  එමගින්  මේ 
ජීවන ප්‍රශ්න වලින් මිරිකී ජීවත් වන අසරණයින්ට ස්වයං  වින්දනයක්  ලබා දී 
කිසිදු උද්ඝෝශනයක් විරෝධතාවක් නොමැතිව රට පාලනය කල හැකිය​. ඇමති මණ්ඩලයේ 
මෙම ක්‍රමය මුලින්ම යෝජනා කල පුද්ගලයාට  ලබන වාරයේ අගමැති ධූරය පිරිනැමීම 
වටී.