Occupational Safety සහ ලංකාවේ පාසල්



අමිල ගුණරත්න

ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ හෙල්ල විසි කිරීමේ පුහුණු තරගයේ දී සිසුවකු විසි කළ හෙල්ල   ශිෂ්‍ය නායකයකුගේ ඇස ආසන්නයට වැදුනේය​. කොළඹ ආනන්ද විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරිදි සිසුවෙක් පෙරවරුවේ විද්‍යාල භූමියේ තිබූ ක්‍රීඩා පිට්ටනිය තලන ගල් ‍රෝලක හැඩලයවැදී මිය ගියේය​. 
ආකල්පමය අතින් දියුණු රට වල පාසල් වල Occupational Safety   නම් ක්‍රියා 
විධාන පනතක් තිබේ. එමගින්  අනතුරු සිදුවිය හැකි භාන්ඩ හා උපකරණ හඳුනාගෙන 
එවා වලින් ළමුන්ට සිදු විය හැකි හාණි වැලකීමට පියවර ගනිති. නමුත් නූගත් 
පසුගාමී සමාජයක ජීවත් වන ශ්‍රී ලාංකිකයා මේ අනතුරු පෙර කල කර්මයට බැර කොට 
උකටලීව සිටිති.  ගල් ‍රෝලක හැඩලය වැදී මිය චේතික සිනෙත් විජේසිංහ නමැති 
සිසුවාගේ මරණයේදී 
පවා අසන්නට ලැබුනේ හදිසි අනතුරු ක්‍රියා විධායන් අතපසු කල ආනන්ද 
විද්‍යාලයේ පාසල් පරිපාලකයන් ගේ ඔලමොට්ටලකම හෙලා දැකීම වෙනුවට අනේ ඒක ඒ 
ලමයාගේ කර්මය​. එයා ගෙනා ආයුස ඉවරයි වැනි වදන්‍ ය​.
ආකල්පමය අතින් දියුණු රටක මෙවැනි  අනතුරක් සිදු වූයේ නම්  විදුහල්පති 
ඇතුළු පාසැල් පරිපාලනයට 
එරෙහිව නීතිමය පියවර ගැනෙති. නමුත් කරුමයට පින් සිදුවන්නට මේ අනතුරු 
දෙකෙන්ම ලංකාවේ පාසල් පරිපාලකයෝ ගොඩ ගියහ​.