ආණ්ඩුව අලුත් එල්ටීටීඊයක් ගොඩ නඟමින් ඉන්නව - උතුරු පළාත් මහ ඇමති


vigneshwaeran stand
 එල්ටීටීඊ සංවිධානය යළි සක්‍රිය කිරීමේ කටයුතුවල ආණ්ඩුව මේ වන විට නිරතව ඇතැයි ද එසේම ආණ්ඩුවේ සහයෝගය ඇතිව එල්ටීටීඊ සංවිධානය අළුතින් සංවිධානගත වීමට  ඉඩකඩ ඇතැයි ද උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේස්වරන් මහතා සර්වෝදය වාර්ශික පොදු රැස්වීමේදී ප්‍රකාශ කලේය.

තම ආරක්‍ෂාව කෙරෙහි තර්ජන ඇතිවී තිබෙන බවත් පසුගිය කාලයේදී දෙමළ දේශපාලනික නායකයන් මුහුණදුන් තත්වයට මුහුණදීමට සිදුවිය හැකි අවධානමක්ද ඇතිවී තිබෙන බවත් ඒ මහතා වැඩිදුර ප්‍රකාශ කලේය.

ඒ කෙසේ නමුත් යුද්ධය නිමාවීමෙන් පසු යම්කිසි රහසිගත අරමුණකින් හමුදාව උතුරෙහි රඳවා ඇති බවත් එසේ රහසිගත අරමුණක් නොමැති නම් උතුරෙහි හමුදාව අඩුකර පොලීස් නිළධාරීන් වැඩි පිරිසක් යෙදවීමට නොහැක්කේ ඇයි දැයි උතුරු මහ ඇමතිවරයා ප්‍රශ්න කරයි.

දකුණේ සිටින මානුෂික සාධාරණීය සිංහල ජනතාව මේ ගැන ප්‍රශ්නකළ යුතු බව හෙතෙම අවධාරණයකර තිබේ. දෙමළ කථාකරන දෙමළ හා මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට හතුරන් නොන බව හෙතෙම පෙන්වාදී තිබේ. නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන සිංහලත්වය පිළිගත නොහැකි බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

lankanewsweb