මුරලි , සනත් අපුල්ලයි.



හර්ෂි සි. පෙරේරා

රාජපක්ෂ රෙජීමයේ අලුත්ම රෙදි අපුල්ලන්නන් බවට පත්ව ඇත්තේ මුරලි සහ සනත්ය. රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් කල මෙහෙවරට අපේ උත්තමාචාරය ඔවුන් දෙපලට අනිවාර්යෙන් හිමිවිය යුතුය. එහි සැකයක් නැත. එහෙත් මේ දෙදෙනා දැන් යුද අපරාද යට ගැසීමට රාජපක්ෂ රෙජීමය ඉදිරියට ගෙන අවසන්ය. සනත් පාර්ලිමේන්තු මන්ත්රිවරයකි. ඒ මරා රෙජිමයේය. නමුත් මුරලි. ඔහුගේ බලාපොරොත්තුව අනාගතයේදී මරා රෙජීමය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසීම විය හැක. ඔහු යට ගසන්නට උත්සාහ කරන්නේ තම ජාතියේම අයට එරෙහිව සිදුවූ යුද අපරාදය. රටක් ආශ්චර්යක් වීමට නම් නීතිය සහ සාමය ස්ථාපිත විය යුතුයි. යුද අපරාද සිදු නොකලේනම් ඇයි ඒ පිළිබද පර්යේෂණ වලට බිය වන්නේ? කෙසේහෝ වේවා සනත් සහ මුරලිගේ රෙදි ඇපිල්ලිම ගැන අවබෝදයෙන් සිටිය යුතුය. ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන අන්දමට සනත් ජයසුරිය සෙනසුරාදා ප්‍රකාශයක් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.