නාමල්ගේ රේස්වලට ජනාධිපති‍‍ගෙන් සහන



පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් දෙසැම්බර් මාසයේදී කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග සඳහා මෝටර් රථ ගෙන්වීම වෙනුවෙන් පැවති නීති ජනාධිපතිවරයා විසින් ඉවත් කර ඇත.

එම වර්ගයේ මෝටර් රථ ගෙන්වීමට අදාළව පැවති බලපත‍්‍රයක් අවශ්‍යයැයි යන කොන්දේසිය ඉවත් කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය පසුගිය 21ක දා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

එම වර්ගයේ වාහන ගෙන්වීමේදී බලපත්‍ර අවශ්‍ය බවට වූ ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේද  2013 ජූනි මස 05වැනි දිනය. මේ අනුව අංක 1813/14 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් එම වර්ගයේ වාහනවලට අදාළ බලපත‍්‍ර කොන්දේසිය ඉවත් වනු ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්ද‍යෙන් තේරීපත්වූ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයාය.