ලිංගික අපයෝජකයා අදිකරනයටද අපහාස කරමින් 14 හැවිරිදි සිසුවියට හිරිහැර කරයි.




 හර්ෂි සි. පෙරේරා

දනුක නිශාන්ත 14 හැවිරිදි සිසුවියකව ලිංගික අපයෝජනයට ලක් කළේය. ඔහුට විරුද්ද නඩුව අදිකරණයේ විබාග වේ. දැන් ඔහු සහ ඔහුගේ පියා ඇයට සහ පවුලේ උදවියට හිරිහැර කරති. ඒ බෆල් මගින් ශබ්ද දුෂණය කරමිනි. දොඩන්ගොඩ පොලිසිය අපරාදකරුට බයෙන් නීතිමය පියවර ගන්නේ නැත. මේ පිලිබදව ඇගේ පියා මනොරාජ් ප්‍රනාන්දු 2013. 12. 11 වන දින මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ලිකිතව පැමිණිලි කළේය. ඒ ජනසන්සදයේ සහය ඇතිවයි. එම පැමිණිල්ල පහතින් පල වේ. 

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

ශබ්ද දූෂණය කරමින්, හිරිහැර කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම.

තුයියලාගේ ශ‍්‍රී මනෝරාජ් ප‍්‍රනාන්දු, අවු: 47යි, ජා.හැ.අ.663112457V, දරුවන් 03යි, 
රැුකියාව : සෞඛ්‍ය කම්කරු.
ලිපිනය : තිත්තවැල්ගොඩැල්ල, බෝම්ඹුවල, ක`ඵතර දකුණ.
2013.12.11 දිනදීය.

01. ක`ඵතර දකුණ, බෝම්ඹුවල, තිත්තවැල්ගොඩැල්ල හි පදිංචි - අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් නැමැත්තා සහා ඔහුගේ පුතා වන දනුක නිශාන්ත, 2013.04.15 වන දින, අප නිවසට රතිඤ්ඤ පත්තුකර දමමින්, බෆල් යොදාගෙන මහා හඬින් සිංදු සහා වීඩියෝ පට ප‍්‍රචාරය කරමින්, අප පවුලේ සාමාජිකයින් දැඩි මානසික පීඩාවට පත් කිරීම පිළිබඳව ෙදාඩංගොඩ පොලිසියට පැමිණිලි කරනු ලැබුවා. පැමිණිලි අංකය ක්‍ෂඊ:02*97රැු143 හා 2013.04.15 වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් 2013.04.18 වන දින දෙපාර්ශවය කැඳවනු ලැබීය.

එදින, අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් සහා ඔහුගේ පුතා වන දනුක නිශාන්තට තරයේ අවවාද කරනු ලැබුවා.

02. එයින් පසුව, පොලිසිය ලබාදුන් අවවාද නොසලකා හරිමින්, බෆල් යොදාගෙන ශබ්ද විකාශනය කිරීම දිගටම සිදු කලා.

(අ* මෙසේ පීඩාකාරී අන්දමට ශබ්ද විකාශනය කිරීම සිදු කරනු ලබන්නේ දහවල් 2.00න් පසුවය.

(ආ* මේ පීඩාව, රාත‍්‍රී 12.00 ටද සිදුකරනු ලබයි.

03. මේ සම්බන්ධයෙන් මා, නිරන්තරයෙන් 119 ට කතා කරමින් පැමිණිලි කරනු ලැබුවා.

බොහෝ අවස්ථාවල එම පැමණිල්ලට ප‍්‍රථිචාර ලැබුනේ නැහැ. එසේ නැති නම් පැමිණිලි කර පැය 2ක, 3කට පසුව පැමිණ, දැන් ශබ්දයක් නැහැ යයි කියා පිටව යයි.

04. මෙම කාරණා අදාල 2013.06.16 දින මා, ෙදාඩංගොඩ පොලිසියට ගොස් පැමිණිලි කල අතර, එ් පිලිබඳව 2013.06.26 දින විභාගයට අප කැඳවූවා.

එදින, අජිත් නිශාන්තව පොලිසියට ගෙන්වා කූඩුවට දමා තිබූ අතර, එහිදී ප‍්‍රකාශ ලබාගත් පොලිස් නිලධාරීවරයා ”මූව එළියට දාන්න” කියා ඉහලින් බලපෑම් තියෙනවා කිව්වා.

එදින ප‍්‍රකාශ සටහන් කරගෙන අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් ව මුදා හැරියා.

05.එදින අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් හා ඔහුගේ පුතා දනුක නිශාන්ත යන අයගේ පීඩා කිරීම් නතර කළේ නැහැ.

06. මෙම පීඩාව ඉවසා ගන්න බැරිව, 2013.11.23 දින, යලිත් ෙදාඩංගොඩ පොලිසියට ගොස් පැමිණිලි කලා. පැමිණිලි අංකය ක්‍ෂඊ ෂෂ – 390රැු367 වේ.

මෙම පැමිණිල්ල අදාලව, විභාගය සඳහා 2013.12.01 දින පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.

මා, එදින ගියද, අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් හා දනුක නිශාන්ත පැමිණ සිටියේ නැහැ. පැමිණීමට වෙනත් දිනයක් ලබාදුන්නේ ද නැහැ.

07. මෙදින, එනම් 2013.12.01 දින පැමණිල්ල විභාගයට පෙර දින රාත‍්‍රියේ , එනම් 2013.11.30 -අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් හා ඔහුගේ පුතා වන දනුක නිශාන්ත විසින් ප‍්‍රදේශය පුරා කැලෑ පත්තර ගසා තිබුනා. එම කැලෑ පත‍්‍රයේ පිටපතක්ද මා, 2013.12.01 දින, ෙදාඩංගොඩ පොලිසියට බාර දුන්නා.

එ් පිළිබඳව සටහනක් යොදා, කැලෑ පත්තරය පොලිසිය බාරයට ගනු ලැබුවා. මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තා.

08. නමුත් මේ දක්වාම, අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් හා ඔහුගේ පුතා වන දනුක නිශාන්ත ට එරෙහිව නීතිමය පියවර ගෙන නැති බවත්, ඔහු නිදැල්ලේ පසුවන බවත් ප‍්‍රකාශ කරමි.

09. මේ ආකාරයට, අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් හා ඔහුගේ පුත් දනුක නිශාන්ත අපට මේ ආකාරයට පීඩා සිදු කිරීමට හේතුව වන්නේ,

     2013.02.14 වන දින, දනුක නිශාන්ත මාගේ 14 හැවිරිදි දියණියව ලිංගික අපයෝජණයට 
     ලක්කරනු ලැබුවා.

     එ් පිළිබඳව ෙදාඩංගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව, ඔහුව - දනුක නිශාන්තව 
     අත්අඩංගුවට ගෙන, පසුදින අධිකරණයට ඉදිරිපත් කලා.

     එදිනම (2013.02.15) ඔහු ඇප මත මුදාහැරියා.
    
     එදින නියම කල නඩු දිනයට දනුක නිශෘන්ත ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු වී, 
     අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

     මීළඟ නඩු දිනය 2014.05.27 වේ.

මෙම පසුබිම යටතේ - මෙම පිය පුතු දෙදෙනා මාගේ දියණියට බලපෑම් කර, ඇය සහා අප පවුලේ සියලූ දෙනාවම මානසිකව බිඳවට්ටවා බලපෑම් කිරීම සඳහා -

1. ඉහත ආකාරයට, නීති විරෝධීව, පරිසර දූෂණය කරමින්, අප පීඩාවට පත් කිරීමට බෆල් යොදා ගෙන සංගීතය හා චිත‍්‍රපට ප‍්‍රචාරය කරනු ලබයි.

2. ගම පුරා, කැලෑ පත‍්‍ර ගසමින්, මානසික පීඩනයට පත් කරනු ලබයි.

3. මෙම සියලූ දේ කරන්නේ ලිංගික අපයෝජනය ලක්වූ මාගේ දියණියගේ අනාගතය විනාශ කිරීමට ය.

ඇය 2014 අ.පො.ස.(සා.පෙළ) විභාගය ලිවීමට නියමිතය. එය කඩාකප්පල් කිරීමද මොවුන්ගේ අරමුණයි.

මා ඉල්ලා සිටින්නේ,

තව දුරටත් ප‍්‍රමාද නොකර, ශබ්ද දුෂනය කරමින්, පීඩා කිරීම සම්බන්ධයෙන් - අජිත් නිශාන්ත හෙවත් කෙට්ටු අජිත් හා ඔහුගේ පුතා වන දනුක නිශාන්තට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

එමෙන්ම ෙදාඩංගොඩ පොලිසිය, ඔවුන්ට ඉහළින් බලපෑම් තිබෙන බව ප‍්‍රකාශ කරමින් අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීම ගැන අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසටද ඉල්ලමි.


ටී. ශ‍්‍රී මනෝරාජ් ප‍්‍රනාන්දු