මීළඟ මධු විතට එනවා සත්තයි!


මීළග මධු විතට 
සෙට් වෙන්න ඇඟිලි ගැන ගැන 
කාල අවකාශ මෙතරම්ම දුර බව දැනුනම 
හිරිවැටෙන හදවත් සනසන්න 
කවිවලට බැරිවෙයි 
ඒ හිස්කම පුරවන්න 
ඇහැකි මධුවිතට පමණමයි 
මිතුරු හදවත් පමණමයි 

මීළග මධුවිතට 
පසුව එළඹෙන 
අන්න ඒ හවස 
මඟ හැරෙන බව දැනුනම 
ජීවිත වෙන්ව ඇති දුර 
ගණනයට 
ඇහැකි මධුවිතට පමණමයි 
මිතුරු හදවත් පමණමයි 

බන්දුගේ වැඩෙන් පසුව 
ඉතින් ඒ හවස 
වීරයාගේ නිවස 
අයිති වීරයන්ට පමණමයි 
රාජා ද මනෝජයා ද 
බොකුටු හිසකේ ගීතේ ද 
වැලට ප්‍රශ්න නගනා 
ම​හේෂයා ද 
එනවා ඇත්තයි 
මමත් කොහේ හෝ කොණක 
උඹලා එක්කම 
චියර්ස් කියනවා සත්තයි 

ආයෙත් දවසක 
ගල් උගුරකින් ගිරිය පුච්චන්න 
බදාගෙන අඬන්න 
එනවා සත්තයි 
ඊළඟ ම මධුවිත නම් 
මිස් නොකරමි 
මේ, 
සත්තම සත්තයි!

 ක්‍රිශාන් රාජපක්ෂ