චීනයේ එක් දරුවා දෙදෙනා වෙයි.



හර්ෂි සි. පෙරේරා

චීනය පවුලකට එක් දරුවකු පමණක් සිටිය යුතු බවට ප්‍රතිපත්තිය ගෙන ආවේ 1980 දිය. එහෙත් එය දැන් වෙනස් වීමට යයි. 2015 දි එක් පවුලකට දරුවන් දෙදෙනෙකු සිටිය යුතුය යන ප්‍රතිපත්තිය හදුන්වා දීමට යයි. 2012 දි සැම ගැහැණු ළමුන් 100 කටම පිරිමි ළමුන් 118 දෙනෙකු ඉපදී ඇති අතර චීනයේ ගැහැණු ළමුන් ඉපදීම ගැන එතරම් කැමැත්තක් නැති අතර ගැහැණු ළමුන් මරා දැමීමත් අතහැර දැමීමත් ගැන අසන්නට ලැබේ. චීනයේ එක් දරු ප්‍රතිපත්තිය දශකයක පමණ කාලයක් පැවතිනි.