පයාගල පොලිසියෙන් තවත් බොරු නඩුවක්.




හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම බොරු නඩු දැමීමේ අපරාදය සිදු කරයි. එය වදහිංසා පැමිණවීම තරම්ම බරපතලය. එහෙත් සියලු වගකිවයුත්තන් මුනිවත රකි. අසරණයින් දිගින් දිගටම පිඩාවට පත් වෙති. මේ පයාගල පොලිසිය 31 හැවිරිදි තරුණයකුට බොරු නඩු දැමීමට අදාල සිද්දියකි. " ඔවුන් දෙන්නා, ”නෑ බොට වරෙන්තුවක් තියෙනවා - තෝ පොන්නයා , තොගෙ අම්මට  හු....ක ... නැතිව ගිහින් නැගපන් ජීප් එකට” කියා කිව්වා." 

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නින්දා අපහාස කොට, ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධවයි.
උගෝ මංඩයිරාලලාගේ සුරංජි ලක්මාල් පෙරේරා, අවු: 31යි, ජා.හැ.අ.813341123ඪ, අවිවහක, රැුකියාව : ධීවර කාර්මික
ලිපිනය : ”කමල් සෙවන”, පලවන පටුමග, කලමුල්ල, ක`ඵතර.

2013.11.06 වන දින, ප:ව:2.30 ට පමණ, මා ගෙදර සිට කඩයට යෑම සඳහා ගාලූ පාර දෙසට ගමන් කරමින් සිටින විට, පළමු පටු මග පටන් ගන්නා තැනදී, සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් මාව නවත්වා, ”බොට වරෙන්තුවක් තියෙනවා ” කිව්වා. 

මම මට වරෙන්තුවක් නැතිබව කිව්වා. ඔවුන් දෙන්නා, ”නෑ බොට වරෙන්තුවක් තියෙනවා - තෝ පොන්නයා , තොගෙ අම්මට  හු....ක ... නැතිව ගිහින් නැගපන් ජීප් එකට” කියා කිව්වා.

මගේ අතින් අල්ලා, ඇදගෙන ගොස් ගාලූ පාරේ නවත්වා තිබූ ජීප් එකට දැම්මා. ජීප් රථය එලවාගෙන ආවේ පයාගල පොලිසියේ ස්ථානාධිපති. මාව අත් අඩංගුවට ගත්තේ ධම්මික (දෙවෙනි මහත්තයා* යන නිලධාරියා. අනෙක් නිලධාරියාගේ නම දන්නේ නැහැ. දැක්කොත් අඳුරන්න පුලූවන්. මට කුණු හරප කියමින් බැන්නේ ධම්මික කියන නිලධාරියා.

මාව පයාගල පොලිසියට ගෙන ගියා. ජීප් රථයේ තව කිහිප දෙනෙක් හිටියා. මගේ ඇඟ අත ගාලා, මාව පරීක්ෂා කලා. මගේ කලිසම් සාක්කුවේ රු: 3000/=ක් තිබුනා. 

රු: 1000/= නෝට්ටු දෙකයි, රු: 500/= නොට්ටු එකයි, රු: 100/= නෝට්ටු 05ක් වශයෙන් එ් මුදල් තිබුනේ.

එ් මුදල් දුන්නේ අම්මා බත් පාර්සල් විකුණපු සල්ලි. මට එ් සල්ලි දුන්නේ ගාලූ පාරේ ”ටොපි කඩයෙන් ” උයන්න අවශ්‍ය බඩු ගන්න.

එ් මුදල රු: 3000/= ධම්මික කියන නිලධාරියා ගත්තා. 

ඊට පස්සේ මාව කූඩුවට දැම්මා.

රාත‍්‍රී 10.00 ට විතර, මාව එළියට ගත්තා. නම්,ලිපිනය ලියා අත්සන් අරන්, පොලිස් ඇප මත මුදා හැරියා. රා නඩුවක් දැම්මා. 2013.11.12 දින ක`ඵතර උසාවියට එන්න කිව්වා.

මීට පෙර මට ”රා” නඩු තුනක් තිබුනා. එ් මා අසල්වැසියෙකුගෙන් රා විකුණා අසුවී. එ් වැරදිවලට මා වරද පිළිගත්තා.

ක`ඵතර දකුණ පොලිසියෙන් මට දාපු 20287 නඩුවට මා වරදකරු බව පිළිගත්තා. ප‍්‍රජා සේවයට දැම්මා. 2013.10.25 නඩු දිනයට යන්න බැරි වුනා. මාව වරෙන්තු වුනා. 

2013.10.28 දින මා අධිකරණයට ඉදිරිපත් වුනා. වරෙන්තුව ආපහු කැඳෙව්වා. මීළඟ නඩු දිනය 2014.02.07  වේ.

මා දැන් රා විකිණීමට යන්නේ නෑ. මා කරන්නේ අම්මා එක්ක බත් පාර්සල් විකුණන එක. 

එසේ තිබියදී, වරෙන්තුවක් කියා අත්අඩංගුවට ගෙන, අමු කුණූහරපයෙන් බැන වැදී, නින්දා අපහාස කොට, රඳවා තබාගෙන, බොරු නඩු දැමීම මගින් මූලික අයිතීන් උල්ලංගණය කරමින්, අපරාධයක් සිදු කළ පයාගල පොලිසියේ ස්ථානාධිපති , ධම්මික නැමැති නිලධාරියාට හා අනෙකුත් අදල නිලධාරීන්ට එරෙහින නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.



යූ. එම්. සුරංජි ලක්මාල් පෙරේරා.