වාද්දුව පොලිසියෙන් තවත් බොරු නඩුවක්.




හර්ෂි සි. පෙරේරා 

ශ්‍රී ලංකා පොලිසිය කිසිදු ලැජ්ජාවකින් තොරව දිගින් දිගටම බොරු නඩු දැමීමේ අපරාදය සිදු කරයි. බොහෝ දෙනෙකුගේ පැවැත්ම සදහා මේවා අවශ්‍ය වේ. ඒ නිසා සමාජයේ බහුතරය මේ සම්බන්දයෙන් නිහඩය. නමුත් ඔවුන්ට වැරදුන දාට සරණ ලබා ගැනීමට කිසිවෙකුගේ සහයක් නොලැබේ. නිලමෝර් කීවාක් මෙන් ඔවුන් මා කරා පැමිණිවිට කිසිවෙක් නැත. 


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

හෙට්ටි කංකානම්ගේ ප‍්‍රසන් රවීන්ද්‍ර පෙරේරා විජේසේකර, අවු: 35යි,  ජා. හැ. අ. 782482939ඪ, අවිවාහක, රැකියාව : අරක්කැමි.
ලිපිනය : බෙන්සිරි, පිරිවෙන පාර,
මොල්ලිගොඩ,වාද්දුව.
2013.11.09 දිනදීය.

2013.11.06 වන දින, සවස 6.30ට පමණ මා මාගේ යාලූවෙකු වන චන්දිම දිමුතු රණසිංහ යන අය සමග අප වත්තේ පොල් කඩන සේවකයකු වන පී.ගාමිණී පෙරේරා යන අය සමග, මාගේ කාමරයේ අරක්කු පානය කරමින් සිටියා. එසේ සිටින වට, අපි පොලිසියෙන් ෙදාර අරින්න යයි යමෙක් හඬ නගා කිව්වා.

මා කව්ද කියා නැවත විමසුවා. මා ෙදාර ඇරියා. සිවිල් ඇඳුමින් පස් දෙනෙක් සිටියා. ඔවුන් ගේ ඇතුලට ඇවිත්, මාගේ කාමරය පරීක්ෂා කලා.

එ් අවස්ථාවේ, මාගේ මිතුරෙකුට පහර දුන්නා. කාමරය පරීක්ෂා කර, එක් නිලධාරියෙක් දුරකථනයෙන් ස්ථානාධිපතිට කතා කොට මුකුත් නෑ කිව්වා.

ඔවුන්, මාගේ කාමරය තිබූ ෂොපින් බෑග් එකතු කරගෙන, අප තුන්දෙනාවම වාද්දුව පොලිසියට ගෙන ගියා.

අප තුන්දෙනාවම, ස්ථානාධිපති උපුල් සෙනෙවිරත්න ට ඉදිරිපත් කලා.

ඔහු, තොපි කුඩු බොනවා නේද කියා ඇහුව්වා.

මම කිව්වා අපි කුඩු බිව්වේ නෑ, අරක්කු බිව්වේ කියා. ඉස්සර සෙල්ලම් මාත් එකක් බෑ කියා ඔහු තොපිට බෝම්බ දාන්නේ කියා, මුංව ප‍්‍රඩියුස් කරන්න කිව්වා.

අප අත්අඩංගුවට ගත්තේ-  සැරයන් 56202 රන්කොත් ප‍්‍රමුඛ කණ්ඩායමක්. එදින අපව කූඩුවට දමා තිබුනා.

පසු දින, 07දා, දහවල් 11.00 පමණ, අපගේ ප‍්‍රකාශ ගත්තා. එසේ ප‍්‍රකාශ ගත්තේ අපව අත්අඩංගුවට ගත්ත නිලධාරියෙක්.

මාගෙන් නම, ලිපිනය ආදී තොරතුරු විමසා, ඔහුම මොනවද ලියා, මට කියවන්න හෝ ඔහු කියවා තේරුම් කර දෙන්නේ නැතිව, මට අත්සන් කරන්න කිව්වා. 

මා අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කලා. මම කිව්වා ලියා තිබෙන දේ දන්නේ නැති නිසා, කියවා තේරුම්කර නොදුන් නිසා, අත්සන් කරන්නේ නැහැ යනුවෙන් ලියා - අත්සන් කරන්නම් කිව්වාම, මට එ්කට ඉඩ දුන්නා.

නැවත කූඩුවට ගෙනවිත් දැම්මා. ප:ව:2.00 පමණ, අප සිය`ඵ දෙනාවම පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා.

අනෙක් දෙන්නාව, පුෂ්ප කුමාර නිලධාරියා සමග, අධිකරණය අසල බස්සවා, මාව පානදුර රෝහලට ගෙන ආවා.

පානදුර රෝහලේ මාව ගෙනිච්චේ, අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත. 

අධිකරණ වෛද්‍ය නිලධාරී කාමරයෙන් පොලිස් නිලධාරී රන්කොත්ව කාමරයෙන් පිටකර, මගෙන් විස්තර විමසුවා.

මා සිදුවූදේ සම්පූර්ණයෙන් කිව්වා. ඉන්පසු ඔහු වාර්තාව ලියා පොලිසියට බාර දුන්නා. 

අධිකරණයේදී, මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා, කරුණු දැක්වීමෙන් අනතුරුව මා ශරීර ඇප මත මුදා හැරිනු ලැබුවා.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා මත නඩු පැවරූ, වාද්දුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුලූ, මා අත්අඩංගුවට ගත් නිලධාරීන්ට එරෙහිව, නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටයි.

එච්.කේ. ප‍්‍රසන් රවීන්ද්‍ර පෙරේරා විජේසේකර