26 හැවිරිදි එරන්ගට නාගොඩ පොලිසිය ඉන්ජෙක්ෂන් දෙයි.




හර්ෂි සි. පෙරේරා

කුලීවැඩ කර ජීවිකාව සරි කර ගන්නා එරන්ගට නාගොඩ පොලිසිය දෙදිනක් පුරා නිතිවිරෝදිව රදවා තබා ගෙන වද දුන්නේ උබට ඉන්ජෙක්ෂන් දෙන බව කියමිනි. වයස අවුරුදු 26 ක් වන ඔහු විවාහක දෙදරු පියෙකි. ඔහු ගාල්ල මාපලගම පදිංචිකරුවෙකි. ඔහුගේ කම්මුල් වලට සහ යටි පතුල් වලට පහරදී ඇති අතර දෙසැරයක් බිත්තියේ ඔලුව ඇන ඇත. ඔහුට ෂොපින් බැග් 04ක දැමු පෙට්‍රල් ද ඔළුවට දමා තිබේ. ඔහුට සිහිය නැතිවී ඇත. පසුව අදිකරණයට ඉදිරිපත් කර ඇත. ඔහුට පහරදී ඇත්තේ උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර සහ දුටුවොත් හදුනා ගත හැකි සෙසු පොලිස් නිලදාරීන් විසිනි. ඔහුව අත්අඩංගුවට ගත්තේ 2013.11.20 වන දිනදීය.  ඊයේ 2013.11.23 දින ජනසංසදය ගාල්ල නගර සබා ශාලාවේ රැස්වීමක් සංවිදානය කර තිබිණි. එයට එරංග පැමිණියේය. එරන්ගව එහි කැටුව ආවේ උඩුගම පොලිසියේ වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයෙක් සහ ඔහු ගේ බිරිදයි.