පානදුර දකුණ පොලිසිය කාටද මේ කොකා පෙන්වන්නේ?




හර්ෂි සි. පෙරේරා

මෙය හැදින්විය යුත්තේ පානදුර දකුණ පොලිසියේ පාහර වැඩක් ලෙසයි. මේ මව 65 හැවිරිදි බලයෙන් අඩු දුප්පත් කාන්තාවකි. ඇගේ පුතාව අත්අඩංගුවට ගත් පානදුර පොලිසිය වියාජ චෝදනා නගා ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. නමුත් මෙම මව තම පුතා ඉන්නේ කොහේදැයි නොදනී. ඇය පොලිසියෙන් ලිකිතව තම පුතාගේ නඩුවට අදාල නඩු අංකය ලබා දෙන ලෙස ඉල්ලුවාය. නමුත් පොලිසියෙන් උත්තරයක් නැත. ඇය නැවත නඩු අංකය ඉල්ලා පොලිස්පතිට යැවු ලිපිය පහතින් පල වේ. ඇය වරක් නඩු අංකය ඉල්ලීමට පානදුර දකුණ පොලිසියට ගිය විට ඇය ව කුඩුවට දමන බවටද පොලිස් නිලදාරීන් තර්ජනය කර ඇත. ඒ තරමටම පොලිසිය අගාදයකට වැටී අවසන්ය. ඇය පානදුර කන්දසාමි කෝවිල අතුගා ජීවිකාව කර ගනී. 


ජයසීලි සිල්වා
10, මිරිස් වත්ත,
මහවිල,
පානදුර.
2013.10.14

එන්.කේ.ඉලංගකෝන් මහතා
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නඩු අංකය ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

හිතාදුර නුවන් පුෂ්ප කුමාර (අවු: 26)* - මාගේ පුතා වේ.

2013.09.03 දින පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, 2013.09.05 දින, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

මාගේ පුතාව - බන්ධණාගාරගත කල බව ප‍්‍රකාශ කලද, ඔහු ඉන්නා තැන් සොයාගැනීමට නොහැක.

අධිකරණය ලබා දී තිබෙන නියෝගය දැන ගැනීමට නඩු අංකය දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටිමි.

මේ පිළිබඳව - මා ඔබටද පිටපතක් සහිතව, 2013.09.10 දින පානදුර දකුණ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇමතූ ලිපියට පිළිතුරක නොමැති බව කණාගාටුවෙන් දැනුම් දෙමි.

65 හැවිරිදි මා - පානදුර කන්දස්වාමි කෝවිල අතුගා ජීවත් වන්නියක් බවද සඳහන් කරමි.


ජයසීලි සිල්වා