යසර් අරඵට්ට වස දුන්නද?




හර්ෂි සි. පෙරේරා

හිටපු පලස්තීන ජනාදිපති යසර් අරඵට්ගේ පවුද්ගලික දේවල විකිරණ ද්රවිය තිබු බව සුවිස් විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. මේ නිසා ඔහුව ඉස්රයාලය වස දි මරා දැමු බව තවදුරටත් තහවුරු වේ. මේ බව ගිය වසරේ ප්‍රසිද්දියට පත්විය. ගිය නොවැම්බර් මාසයේදී ඔහුගේ සිරුර ගොඩ ගැනිණි. එය සුවිස් ප්‍රංශ සහ රුසියානු විද්‍යාඥයින් විසින් පරික්ෂා කරන ලදී. නමුත් එහි ප්‍රතිපල කිසිවක් නිල වශයෙන් හෙලිදරුවූ කලේ නැත. අරඵට්ට අයත් උපකරණ 38 ක් පරික්ෂාවට ලක්වූ අතර එහි යට ඇදුමක් සහ දත් බුරුසුවක්ද විය. මේවා 2004 දි ඔහු මියයාමට පෙර බාවිතා කල දේ වේ. සොයාගෙන ඇති විකිරණ ශීලි ද්රවිය පොලෝනියම් 210 වේ. නමුත් රුසියානු විද්‍යාඥයින් මෙය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරති. 2004 නොවැම්බර් මාසදී අරඵට් මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 ක් විය. 2006 දි අලක්සන්ඩර් ලිටිවින්කෝ නමැති හිටපු රුසියානු කේ ජි බි නියෝජිතයා මරමුවට පත්වූ අතර ඔහුව මරා දැමීමට පොලෝනියම් 210 යොදා ගෙන ඇත.