මනුතාපය යලි යලිත්.......



හර්ෂි සි. පෙරේරා

ගෙවීගිය මනුතාපය මෙවර යලිත් ලිවීමට උත්සාහ කරන්නේ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුෂාරි මියයි. මේ සිද්දිය ආන්දෝලනාත්මක පොල් සොරකම් කිරීමේ දැරියගේ කතාවට අලුතින් එකතුවුවකි. මෙම නිලදාරිනිය දරුවා නැවත දෙමාපියන්ගෙන් වෙන් කිරීමට උත්සාහ ගනී. ඇගේ මව ළමා ආරක්ෂක අදිකාරිය සහ මානව හිමිකම් කොමිසමට යැවු ලිකිත පැමිණිල්ල සහ එම දැරියගේත් මවගේත් චායාරුප මෙහි පල කෙරේ. රජයේ නිලදාරිනිය පැහැදිලිවම කරන්නේ ළමා අපයෝජනයකි. 


01. සභාපතිනි,
    ළමා ආරක්ෂක අධිකාරිය,
    330, තලවතුගෙඩ පාර,
    මාදිවෙල.

02. සභාපති,
     මානව හිමිකම් කොමිෂන් සභාව,
     165, කිංසි පාර,
      කොළඹ 08.

නීති විරෝධී ලෙස කටයුතු කරමින් මූලික අයිතිවාසිකම් කඩ කිරීම

කුකුල කංකානම්ගේ චන්ද්‍රලතා, අවු: 40යි, ජා.හැ.අ.728090391ඪ, විවාහක, දරුවන් 05යි.
ලිපිනය : 153 එ්, අරමනාගොල්ල, හොරණ.
2013.10.25 දිනදීය.

01. 2013.10.20 වන දින, මා රාජකාරි කටයුත්තක් සඳහා හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටගොස් සිටින විට, මා අසලට පැමිණි,

(අ* හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරී -   
     අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා මා වෙත පැමිණ,
     ”චන්ද්‍රලතා ඔය මට බැනලා තියෙනවා සුනිල් සර් එක්ක කියා” ප‍්‍රකාශ කලා.

ඉන් පසු ඇය මට කියා සිටියා, මාගේ දියණීය ”මහේෂිකා පාසල් යන්නේ නැහැ, ආනාචාර විධිහට හැසිරෙනවා කියා චෝදනා කලා.

එයින් අනතුරුව, ”ඔය ළමයාව මම කොහොම හරි නිවාසෙකට දානවා” කියා තර්ජණය කලා.

02. 2013.10.16 වන දින, මට හොරණ පරිවාස කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දීමක් ලැබුනා.

එ් අනුව මා පරිවාස කාර්යාලයට ගියා.

එහිදී, පරිවාස නිලධාරී පුෂ්ප කුමාර මහතා මා අමතා කියා සිටියා හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී - අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා ගෙන් ලිපියක් ලැබිලා තියෙනවා කියා.

එම ලිපියෙන්, මාගේ දියණිය මහේෂිකා අනාචාරයේ හැසිරෙණ බවත්, පාසල් යන්නේ නැති බවත් කියා තිබෙන අතර, පරිවාසය මගින් දියණියව නිවාසයකට දැමීමට කටයුතු කරන බවත් ඉල්ලා ඇති බවත් ප‍්‍රකාශ කලා.

03. මෙසේ, හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී -අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා ගේ ක‍්‍රියාකලාපය හා පසුබිම මෙසේය.

(අ* මාගේ දියණියට හොරණ පොලිසිය විසින් පොල් සොරකම් කළ බවට බොරු නඩුවක් ගොනු කරන ලදි. එය මහත් ආන්ෙදාලනයට හේතු විය. එම නඩුව පැමිණිල්ල විසින් ඉල්ලා අස්කර ගත්තා.

(ආ* එම සිද්ධියෙන් පසුව, එනම් 2013.03.09 දින දියණිය වැඩිවිය පැමිණියා. එම අවස්ථාවේ හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම් තුමිය හා ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා ගේ මූලිකත්වය ගෙන, සියලූ චාරිත‍්‍ර කටයුතු ඉටු කලා. මාගේ දැනීමේ හැටියට එයට ඔවුන් රු: 10000/=කට වැඩි මුදලක් වැය කරනු ලැබුවා.

(ඇ* එයින් අනතුරුව 2013.03.20 වන දින, ප‍්‍රාදේශීය ලේකම් තුමිය හා ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී අයි.එච්.තුෂාරි ප‍්‍රීයංගිකා පවුල් සෞඛ්‍ය සේවිකා අතුලිලියා මහත්මිය පැමිණ, මා හා දියණියව නිළ රථයෙන්, පාදුක්ක, ගුරුගල ළමා නිවාසයට ගෙන ගියා. 

එයට පෙර, පවුල් සෞඛ්‍ය සේවිකා අතුලිලියා මියගේ නිවසේදී ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා ලියන ලද ලියුමකට මාගෙන් අත්සන් ගනු ලැබුවා.

(ඈ* ඔවුන් සියලූ දෙනාගේ බලපෑම මත මා, එදින දරුවාව එකී ළමා නිවාසයට බාර කලා.

නමුත් එහිදී, දැඩි අපයෝජනයට ලක්වීම නිසා ඇයව නැවත රැුගෙන එන්නට මට සිදු වුනා.

⋆ මාගේ දියණිය කියා සිටියා පහර දුන් බව.
⋆ පල්ලියට ගෙන ගොස්, එහි යාඥවලට බලයෙන් සහභාගී කල බව.
⋆ නිරන්තරයෙන් බැණ වදිමින්, නිග‍්‍රහ කරනා බව

04. මෙම පසුබිම තුල - නීති විරෝධී අන්දමින් - හොරණ ප‍්‍රාදේශීය ල්කම් කාර්යාලයේ  ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා ගේ හා ප‍්‍රාදේශය ලේකම් වරියගේ නීති විරෝධී ක‍්‍රියා කලාපය මගින් - මගේ දියණියගේ ළමා අයිතීන් හා මාගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරිනී අයි.එච්.තුෂාරි ප‍්‍රියංගිකා හා ප‍්‍රාදේශය ලේකම් වරියට එරෙහිව නීත්‍යානුකූල හා විනායුනකූල පියවර ගන්නා ලෙසටයි.


කේ.කේ. චන්ද්‍රලතා