ගියප් අධිරාජ්යවාදයට ඉතිහාසීය පාඩමක් ඉගැන් වූ ඉතිහාස ගුරුවරයා




සුනන්ද දේශප්රිය

වෝ න්ගුයෙන් ගියප් - ඒ තමයි ප්රංශ සහ ඇමෙරිකානු යටත් විජිතවාදී හමුදාවන්ට   අමතක නොවන පාඩමක් ඉගැන් වූ යුද  සෙනෙවියා. ඉතිහාස ගුරුවරයකු ලෙස ජීවිත සටන පටන්ගත් ගියප් සිය දේශය වූ වියට්නාමය යටත් කර ගෙන සිටි ප්රංශ සහ ඇමෙරිකානු විජිතවාදී හමුදාවන්ට දුන්නේ අමතක නොවන සටනක්. වෝ කියන්නේ වියට්නාම් බසින් හයිය කියන එක. ගියප් කියන්නේ සවිමත් පළිහ වැනි තේරුමක්. සිය නම වචනයක් පමණක් නොව ඇත්ත අර්ථයක් බව පෙන්වන්න ගියප් වැඩි කලක් ගත්තේ නැහැ.

ඔහු හැදින්නේනේ මා ඕ සේතුංට පමණක් දෙවැනි වන දීර්ඝ කාලීන මහජන විමුක්ති යුද්ධයේ නිර්මානශීලී සෙන්පතියකු ලෙස යි. තවත් විචාරකයින් ඔහු  1815 දී වොටර්ලූ සටනින් නැපෝලියන් පරාජය කළ යුද සෙනවි වෙලින්ටන් හා සමාන කරනවා. තවත් විටෙක ගියප් සමාන කෙරෙන්නේ කාන්තාරයේ හිවලා ලෙස විරුදාවලි ලත් පළමු සහ දෙවන ලෝක යුද්ධයන්හිදී අප්රිවකානු යුද පෙරමුණෙහි ජය පිට ජය දිනූ  ජර්මානු යුද සෙනවි රොමෙල්ටයි.  තවත් විටෙක ඔහු දෙවන ලෝක යුද සමයේ ආසියා පැසිපික් ඇමෙරිකානු සේනාවන්හි සෙන්පති වූ මැක් ආතර්ට සමාන කෙරෙනවා.



ගියප් ගරිල්ලා යුද්ධ උපක්ර්ම සම්ප්රදායික යුද්ධෝපායන් සමඟ බද්ධ කොට මහජන යුද්ධයේ නව වර්ධනයක් ඇති කළ යුද්ධ ශිල්පියෙක්.
විමුක්තිය දිනූ වියට්නාමයේ උප අගමැති සහ ආරක්ෂක ඇමැති ධුරය දැරූ ගියප් දශක තුනක විශ්රාමික ජීවිතයෙන් පසු   වසර 102ක් ආයු වළදා පසුගිය 04 දා  මෙලොව හැර ගියා. ඔහු ඉපදුනේ 1911 අගොස්තු මාසෙල  ඉඩම් හිමි මැද පංතික පවුලක. ගියප් ඉපැදුනේම අධිරාජ්ය1 විරෝධී උණුසුමත් එක්ක. ඔහුගේ පියා 1885 – 1886 කාලයේ ප්රංශුවන්ට විරුද්ධව කැරුල්ලේ කොටස්කාරයෙක්.  ගියප් ඉපදිලා දස වසරක් යන්නත් කලින් 1919 දි ප්රංශ හමුදා ඔහුගේ පියා කඩාකප්පල් කාරයෙක් යැයි සිර ගත කොට මරා දැම්මා. එත් එක්කම ගියප්ගේ වැඩිමහල් සහෝදරියත් හිරේ දැමූ ප්රංශුවන් ඇය නොමරා මරා එළියට දැම්මා. ඇය ඉක්මනින්ම මිය ගියා වේදනාව සහ පහරදීම් නිසා.

ඉතිහාසය වෙලාවකට හරි පුදුමාකාර දේ කරනවා. ඉගෙනීමට හපනෙක් වූ නිසා ප්රං ශුවන් පාලනය කල ලයිසී :උසස් පාසැළ* නම් විද්යා යතනයකට යෑමට ගියප්ට වාසනාව ලැබුණා. මේ පැසැල අයිති  කතෝලික පූජකවරයාගේ පුතාත් එම පාසැලේමයි ඉගෙන ගත්තේ . ඔහුගේ නම් න්ගෝ ඩින් ඩියම් පසු කළෙක ඩින් ඩියම් නමින් ඇමෙරිකානු ගැති දකුණූ වියට්නාම් පාලනයේ : 1955- 1963* ජනාධිපති බවට පත් වුනේ ඔහු. එම පැසැලේම රජයේ නිලධාරියෙක්ගෙ දරුවෙක් වූ තවත් ළමයෙක් හිටියා න්ගුයෙන් සින්ග් වන්ග් කියලා. 1943 දී හෝ චි මින් කියන නම ගත්තේ ඔහු තමයි. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වියට්නාමයේ විමුක්ති අරගලය දියත් කර ජයග්රහණය කරා ගෙන ගියේ ඒ හෝ චි මින් ගියප් සහ හෝ අතර මිතුදම ලියලා වැඩුනේ ඒ කාලයේ ඉදළ. එය පසු කළෙක වියට්නාම් විප්ලවයේ තීරණාත්මක සාධකයක් බවට පත් වුනා.  අර කී ඇමෙරිකානු ගැති ඩින් ඩියම් වෙවුලුවා ලූ මහජන යුද්ධය දියක් වුනේ ඒ සම්බන්ධතාවයත් ඇතිව.
තැලෙන කොට යකඩයක් පන්නරය ලබනවා වාගේම  සටන්කාමීත්වය පණ ගහලා  හැඩවෙන්නේ අරගලයේ අත්දැකීම තුලින්. පසු කළෙක ප්රංශ හමුදාවන්ට දුවන්න පහර දුන් මේ අනාගත යුද විශේඥයාගේ ජීවිතයත් මුල් කාලයේ සිටම ගෙවුනේ අරගලය සහ මර්දනය මැදින්.

1924 දි ගියප්ට ලයිසී පාසැලට ආයුබෝවන් කියන්න සිදු වුනේ දේශපාලන උද්ඝෝෂන වලට සහභාගි වුනැයි චෝදනා මත ඉන් ඉවත් කළ නිසා.  ඒ ඔහුට වසය 14ක් වෙත්දිග ඉක්මනින්ම ගියප් රහසිගත විප්ලවීය සංවිධානයක ක්රියාකාරිකයෙක් වුනා. ගියප්ට වසය 19 දි ප්රංශ හමුදාව ශිෂ්ය සටන්වලට එක් වුනැයි ඔහු අත් අඩංගුවට අරන් හිරේ දැම්මා. නිදහස් වී ඇවිත් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට බැදුණූ ගියප් හැනෝයි සරසවියෙන් දේශපාලන විද්යා උපාධියක් ලබා ගත්තා.

උසස් පැසැලේ මිතුරියක ද සරසවියේ සිය මාහාචාර්යිවරයාගේ දියණිය ද වූ  දේශපාලන ක්රිමයාකාරිනියක වූ  ති මින් හා 1939 දී ගියප් විවාහ වුනා. ඉතිහාස ගුරුවරයකු ලෙස රුකියාව කරන අතරවාරයේම  ගියප් වියට්නාම් බසින් පළ වූ පුවත්පත් වලට ලිපි ලිවුවා ,තප් මොයි, නමින් වියට්නාම් බසින් රහසිගත විප්ලවාදී පුවත් පතක් සහ ,ලා ත්රිවායි , නම් ප්රංශ බසින් පුවත් පතක් මේ කාලයේ දී ඔහු විසින් පටන් ගත්තා.



එනපොට හොඳ නැති බව තේරුම් ගත් ප්රංශ යටත් විජිතවාදීන් 1940 දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය තහනම් කළා. ගියප් සහ හෝ ඇතුළු පිරිස් චීනයට පැන ගත්තා. ගියප්ට සිය අලුත විවාහ වූ බිරිඳ සහ කිරිකැටි පුතනුවන් සිය නැසින්ට බාර දීමට සිදු වුනා. නමුත් ඉක්මනින්ම ඔහුගේ බිරිද ති මින් කඩාකප්පල්කාරියක යැයි අත් අඩංඟුවට ගත් ප්රංශ හමුදා පසලොස් වසරක සිර දඩුවමක් නියම කර දස වධ දී ඇය මරා දැම්මා.

චීනයේ ගත කළ කෙටි කාලය තුල ගියප් චින බස ඉගෙන ගත්තා. චීන විප්ලවයේ ලියැවිලි අසුරු කිරීමට එය මහඟු ආධාරකයක් බවට පත් වුනා.
පක්ෂයේ බුද්ධි අංශය ගොඩ නැගීමටත් උතුරෙහි මහජන පදනම් ගොඩ නැගීමටත් 1941 දී ගියප්ට බාර කෙරුණා. 1942 දී ඔහු  40 දෙනෙකුගෙන් සමන්විත පිරිවරක්  සමඟ එම කාරිය සඳහා සිය රට පැමිණියා. ඔහු එම පෙදෙස්හි  වැසියන් කතා කළ උප භාෂාව ඉගෙන ගත්තා. කුඩා කන්ඩායම් ගොඩ නගන්නට ආරම්භ කළා. වියට් මින් නමින් පසු කළෙක ජනතා ගෞරවාදරයට  පාත්ර  වූ වියට්නාම් විප්ලවයේ මුල් ගරිල්ලා කන්ඩායම් ගොඩ නැගුනේ ගියප්ගේ මෙහෙයවීමෙන් ඒ විදිහටග වසර කිහිපයක් තුල සිය ගණනාවක ගරිල්ලා හමුදාවක් වර්ධනය කරන්නට ගියප් සමත් වුණා. වියට් මින් ගරිල්ලෝ ප්රංශ හමුදා මුර පොළවලට පහර දෙමින් ජයපිට ජය ලැබුවා. එක් සටනක දී ගියප්ගේ පාදයකට වෙඩි වැදුණා. ඒ ඔහු පෙරමුණේ සටන් කළ නිසා. ටික කළකදී ඔහුගේ ගරිල්ලා හමුදාව සෙබළු  පන් දහස ඉක්මවා තිබුණා.

ඉතිහාසය වියට්නාම් විප්ලවයට වට වංගු ගණනාවක් ඉදිරිපත් කළා. දෙවැනි ලෝක යුද සමයේ දී ගියප්ට සිය ගරිල්ලා හමුදා ආක්රමණික ජපන් හමුදාවන්ට විරුද්ධව මෙහෙයවන්නට සිදු වුනා. යුද්ධාවසානයෙන් පසු 1945දී උතුරු වියට්නාමයේ බලය හෝ චි මින් නායකත්වයෙන් යුතු කොමියුනිස්ට් පක්ෂයට හිමි වුනා. ගියප් අභ්යන්තර කටයුතු ඇමැති ලෙස පත් වුනා. නමුත් ප්රංශ යටත් විජිතවාදීන් එය පිළි ගත්තේ නැහැ. වියට්නාමය සතු ස්වභාවික සම්පත් වලට ප්රංශුවන් වහ වැටිලයි උන්නේ. රබර් සහ සහල් අත හැරීමටත් ප්රංරශය අකැමැති වුණා. ගියප් මහජන යුද්ධයේ අති දක්ෂ උපාය ශිල්පියකු ලෙස දිදුලන්ට පටන් ගත්තේ  බලවත් ප්රං ශ හමුදා එළවා දැමීමට ඉන් අනතුරුව දියත් වූ  මහජන යුද්ධය මැදින්.

වියට්නාම් විප්ලවීය හමුදා දෙකට බෙදා ඔවුන්ගේ සැපයුම් නතර කොට පරාජය කිරීමට සැළසුම් කළ ප්රංශ සෙන්පති හෙන්රි නවාරේ ඩියන් බියන් පූ නම් පෙදෙසෙහි මහා යුද කඳවුරක් ගොඩ නැඟුවා. ඒ 1954 දි. එය හැදින්වුනේ පරාජය කළ නොහැකි බල කොටුව ලෙසයි. 12000 ක ප්රංශ හමුදාවක් මේ කදවුරට පැරෂුට් මගින් බැස්සුවා. නවාරේ මෙම කඳවුර වියට්නාම් විමුක්තිකාමීන්ට අභියෝගයක් බව කිව්වා. ගියප් අභියෝගය බාර ගත්තා. කඳවුර වටා වූ කදුකරයෙහි දහස් ගණනින් සිය හමුදා රුස් කළ ගියප් නොනවතින  වැටලීමක් දියත් කළා. හෝ චි මින්  යුද ගමන් මඟ නමින් සුපතල සැපයුම් මාර්ග උපාය ගියප් දියත් කළේත්  මේ අතරවාරයේ. මාවත් නැති කඳුකරයට අවි ගෙන යා නොහැකි යැයි ප්රංශුවන් සිතා සිටියත් කඳු හෙල් මඩවඟුරු සහ වනාන්තර මැදින් දින ගනන් ගත කරමින් ආයුධ සහ ආහාර ගෙනෙන පාපැදිකරුවන් දහස් ගණනාවක් ගියප් ට සිටියා.  කඳුකරයේ සිට නෙකඩවා ඇඳ හැලුනු වෙඩි වරුසා ගරිල්ලා ප්රහාර සහ වැටලීම මැද විජිතවාදී ප්රංශ හමුදා පරාජය බාර ගත්තේ සිය හමුදාවෙන් 4000ක් මිය ගියාට පසුවයි. ප්රං ශ හමුදා සොල්දාදුවන් 11000ක් ගියප් ගේ වියට්මින් හමුදාවට බාර වුනා. ප්රංශ හමුදා ලද මෙම පරාජය යටත් විජිතයක දී බටහිර විජිතවාදී හමුදාවක් ලද මහම පරාජය ලෙස සැළකෙනවා.

ඊට පසුදාම තමන් වියට්නාමයෙන් ඉවත්වන බව ප්රංශ ආන්ඩුව නිවේදනය කළා.  ඒත් ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිගුවා සේ ප්රංශුවන් අත හැර ගිය දකුණූ වියට්නාමයට ඇමෙරිකානු අධිරාජ්යෙවාදීන් පැමිණියා. ලෝකයේ බලගතුම හමුදාව යැයි සැළකෙන ඇමෙරිකානුවන්ටත් වියට්නාමයෙන් දුවන්නම පහර දුන්නේ මේ වෝ න්ගුයෙන් ගියප් කියන සෙන්පතියාමයි. ඩියන් බියන් පූ සටනෙහි සිය උපාය උපක්රම ,මහජන යුද්ධය මහජන හමුදාව, නමින් පොතක් ලෙස 1962 දී ගියප් වියට්නාම් ජනයාට දායාද කළා. ඇමෙරිකානු හමුදාවන්ට එරෙහි යුද්ධයේ දී එකී උපායෝපක්රම ඇමෙරිකානු ආක්රමණික හමුදාවන්ට මරණිය විපාක ඇති කරමින්  පාවිච්චියට ගැනුණා. ඒ ගියප් මෙහෙය වූ වියට් කොං ගරිල්ලා සේනාංක විසින්.

1968 වියට්නාමීය නව අව්රුදු ටෙට් උත්සව සමයෙහි දියත් වූ ටෙට් ප්රහාරය ඇමෙරිකානුවන් වේවලුම් කැව්වා. ඇමෙරිකානු පාලනය යටතේ වූ නගර 40කට එකවර ප්රහාරයක් එල්ල කළ වියට් කොං ගරිල්ලා හමුදා මර්මස්ථාන අල්ලා ගත්තා. පසුව මහත් විනාශයක් කරමින් ඇමෙරිකානු හමුදා ප්රති ප්රහාර දී දහස් ගණනාවක් වියට් කොං ගරිල්ලන් මරා දැම්මා. නමුත් ටෙට් ප්රාහාරයෙන් ඇමෙරිකානු හමුදා ලද මානසික පරාජයෙන් ඔවුන්ට ගැලවීමක් තිබුණේ නැහැ. ඇමෙරිකානු හමුදා ලැබීමට නියමිත පරාජය ටෙට් ප්රිහාරය තුළ සකේතවත් වුණා. ගරිල්ලා යුද්ධයට මුහුණ දී ගත නොහෙණු ඇමෙරිකානු හමුදා 1972 දෙසැම්බරයේ දී උතුරු වියට්නාමයේ හැනෝයි නුවරට බෝම්බ ටොන් 10000 කට වඩා අත හැරියා. නමුත් ගියප් නම් ඉතිහාස ගුරුවරයා විසින් ඇමෙරිකානුවන්ට ඉගැන්වීමට නියමිත යුද්ධ පාඩම ඒ වන විටත් මහ පොළව මත ලියැවිලැයි තිබුණෙ.

ඇමෙරිකානු හමුදා වියට්නාමයෙන් ඉවත් වුනා. 1975 දී සමස්ත වියට්නමයේම ආරක්ෂ ඇමැති බවට ඒ ඉතිහාස ගුරුවරයා පත් වුනා. අසමාන විශිෂ්ඨයන් ලොව පහළ වන්නේ කලාතුරකින්. වෝ න්ගුයෙන් ගියප් නිසැකවම මහා ජනයාගෙන් පහළ වූ මහා ජනයා වෙනුවෙන්ම ජීවත් වූ අධිරාජ්ය්න් දණ ගැස් වූ විශිෂ්ඨයෙක්.

20.10.13