පලිගැනීමට අසැබි දේ පල කිරීම තහනම්.



හර්ෂි සි. පෙරේරා

පලිගැනීම වශයෙන් තමන්ගේ හිටපු සහකරුවන්ගේ සහ සහකාරියන්ගේ නිරුවත් දසුන් ප්‍රසිද්දියට පත් කිරීම කැලිෆෝර්නියාවේ නීතියෙන්ම තහනම් කරයි.

 එසේ පල කිරීමට අවශ්‍යනම් අදාල පුද්ගලයන්ගෙන් අවසර ලබා ගත යුතුය. එසේ නොමැතිනම් දඩුවම් හිමිවන අතර මෙම නව පනත් කෙටුම්පතට කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් විසින් අත්සන් තබා තිබේ. දඩුවම මාස 06 ක සිරදඩුවම් සහ පවුන් 620 ක දඩය යන දෙකම වේ. 

මෙම නීතිය ගෙනෙන තුරු වින්දිතයින් ආරක්ෂා කිරීම සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. සමාජ මාද්‍ය යුගයක අසැබි දර්ශන ප්‍රසිද්ද කිරීම වර්දනය වන අර්බුදයකි. දැන් වින්දිතයින්ට අදාල අපරාදය සම්බන්දයෙන් නඩු පැවරිය හැකි අතර එය කාලය කා දමන මිල අදික කටයුත්තක්ද වේ. 

මෙම පනත් කෙටුම් පතට ඇමෙරිකානු සිවිල් නිදහස පිළිබද සංගමය විරුද්ද වූ අතර එය බාෂණයේ නිදහසට ඇති අයිතිය සිමා කිරීමක් බව ඔවුන් පවසයි. මෙය අනෙකුත් ප්‍රාන්ත වල සලකා බැලීමටද හේතුවක් වී තිබේ. මේ හේතුව නිසාම ෆ්ලොරීඩාවේ නීති සම්පාදකයින් මේ හා සමාන කෙටුම්පතක් ප්‍රතික්ෂේප කරන ලදී.