පානදුර දකුණ පොලිසිය;- මේ දැන් සිදුවන වදහිංසා පැමිණවීමක්.





හර්ෂි සි. පෙරේරා 

රාජපක්ෂ පාලනය යටතේ පොලිසිය යකාට ආදී. 35 හැවිරිදි රුක්මාල් දර්මසෙන මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට පැමිණිලි කිරීමෙන් පසු ගෙදර ගිය අතර ඒ අවස්ථාවේ පානදුර දකුණ පොලිසිය පැමිණ පහරදී අත්අඩංගුවට ගෙන ඇත. නිවසේදී පහර දෙන අවස්ථාවේ ඔහුගේ අතේ සිටි අවුරුදු 0 ක් වයස ඇති බිලිදියද බිම වැටී ඇත. දැන් ඔහුව පානදුර දකුණ පොලිසියේ උඩ තට්ටුවට ගෙන ගොස් පහර දෙන බව වාර්තා වේ. ඔහුගේ බිරිද මිට මොහොතකට පෙර මේ බව ෆැක්ස් මගින් පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට දැන්වුවාය. එම පැමිණිලි පහතින් දැක්වේ.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ. 

ලිඛිත පැමිණිල්ල

නෙත්තිකුමාරගේ රුක්මාල් චින්තක ධර්මසේන, අවු: 35යි, විවාහක, දරුවන් 03යි, රැුකියාව : ගොවතැන.
ලිපිනය : 118, ජයන්ති මාවත, පමුණූගම, අ`ඵබෝමුල්ල.
2013.09.05 දිනදීය.

2013.09.04 දින, සවස 4.30 - 5.00 මණ, මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුනා. මට ඇමතුම ලැබුනේ 0773463400 අංකයෙන්. ඇමතුම ලබාදුන් පුද්ගලයා පානදුර දකුණ පොලිසියේ පොලිස් පරීක්ෂක ටෙරන්ස් බව ප‍්‍රකාශ කලා. ඔහු මට පැවසුවා ”මම උඹේ කොටුව ලඟ ඉන්නේ, එතනට වරෙන් ” කියා. මා ඊට හේතුව විමසූ විට, උඹ වරෙන්කෝ කියා ඔහු පැවසුවා. මම නැවතත් හේතුව විමසූ විට, තව ටිකකින් මම උඹට කෝල් කරන්නම් කියා පැවසුවා.

නැවතත් පැය බාගයකින් පමණ ඔහු මට නැවත ඇමතුමක් දුන්නා. ඔහු පැවසුවා උඹ මෙතන ඉඳලා පැනලා දිව්වානේද කියා. මා පැවසුවා මා එසේ නොකල බවත්, මා සිටින්නේ නිවසේ බවත්. ඔහු මට පැවසුවා උඹේ බඩු අහු වුනා, උඹ පැනලා ගියානේද  කියා. මා එම චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කලා. පසුව ඔහු මට කුණූහරපයෙන් බැණ වැදුනා. හම්බවෙන්න ආවේ නැතිනම් උඹ ගෙදර ඉන්න එපා, ගමේ ඉන්නත් එපා කියා තර්ජණය කලා.

අනතුරුව රාත‍්‍රී 7.30 පමණ මාගේ නිවසට පානදුර පොලිසියේ මංජුල නැමැති නිලධාරියා හා තවත් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් මාගේ නිවසට පැමිණ තිබුනා. මා එ් අවස්ථාවේ නිවසේ සිටියේ සිටියේ නැහැ. නිවසේ සිටියේ මාගේ බිරිඳත් දරුවන් තිදෙනාත් පමණි.

මංජුල නැමැති නිලධාරියා මාගේ බිරිඳට පවසා තිබෙනවා, මට ඔහු හමුවෙන්න එන ලෙසට. ඔහුගේ දුරකථන අංකයද ලබාදී ගොස් තිබුනා. එම අංකය 0712394647 වේ.

එ් අනුව මා ඔහුට රාත‍්‍රී 8.30 පමණ දුරකථන ඇමතුමක් ලබාදුන්නා. නමුත් ඔහු කතා කලේ නැහැ. පසුව ඔහු මට රාත‍්‍රී 8.45 පමණ දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඔහු මට පැවසුවා ගෙඟ් තිබී නීති විරෝධී මත්පැන් අසුවුන බව. එ්වා උඹේ නේද කියා ඔහු විමසා සිටියා. මා එම චෝදනාව ප‍්‍රතික්ෂේප කලා. මීට කලකට පෙර මා එ්වා කලා, දැන් කරන්නේ නැති බවත්, මාව පොලිසියට ගෙනගොස් පහරදී නඩු පැවරීම නිසා මා එය නවතා දමා බොහෝ කල් බවත් මා ප‍්‍රකාශ කලා.

එවිට ඔහු කීවා අපිට තේරෙනවා, උඹේ නොවෙයි වෙන්නත් පුලූවන්, අපිට මෙතන ඉඳලා දුවපු කෙනාව කියපන් , කරන කෙනාගේ ගේ පෙන්වපන් කිව්වා. මා පැවසුවා මම දන්නේ කොහොමද කියා. පසුව ඔහු මාගේ නිවසට එන බවට තර්ජණය කලා.

එ් අනුව රාත‍්‍රී 9.30ට පමණ මංජුල නැමැති නිලධාරියා හා තවත් නිලධාරියකු සිවිල් ඇඳුමින් මාගේ නිවසට පැමිණ තිබුනා. මා නිවටසේ සිටියේ නැහැ. ඔවුන් රාත‍්‍රී 11.30 පමණ වන තෙක් නිවසේ රැුඳී සිට බැණ වැදී ගොස් තිබුනා. මංජුල නැමැති නිලධාරියා ”හරි බලාගමු, ඌද ගේම දිනන්නේ, මමද කියලා, හොඳ වැඩක් කරන්නම් ඌට”යනුවෙන් තර්ජණාත්මකව මාගේ බිරිඳට පවසා තිබෙනවා. මට පහර දෙන බවටද පවසා ඔවුන් පිටව ගොස් තිබෙනවා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, මීට අවුරුදු 2 1/2 , 3 කට පමණ පෙර - මා නීති විරෝධී මත් පැන් වෙළඳාම සිදුකල අතර, මා අත්අඩංගුවට ගෙන පහරදී, නඩු පවරනු ලැබුවා. පසුව මා එම වෙළඳාම නතර කරනු ලැබුවා. ඉන් පසුවද මාව නිකරුනේ ගොනගොස් ව්‍යාජ නඩු 05ක් පවරනු ලැබුවා. මා එ්වාට නිවැරදිකරු බව ප‍්‍රකාශ කලා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, පානදුර දකුණ පොලිසියේ ටෙරන්ස්, මංජුල ඇතු`ඵ නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන, හිරිහැර කර, ව්‍යාජ නඩු පැවරීමට සූදානම් වන බවත්, නීති විරෝධී මත් පැන් වෙළඳාම සිදු කරන අය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ විට එ් වෙනුවට මා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත්ය.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගැනීම වලක්වාලන ලෙසත්, මට ආරක්ෂාව සලසන ලෙසත්, නීති විරෝධීව කටයුතු කරනු ලබන පානදුර දකුණ පොලිසියේ ටෙරන්ස් හා මංජුල ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්ය.


එන්. රුක්මාල් චින්තක ධර්මසේන


සන්ධ්‍යා අත්තනායක
118, ජයන්ති මාවත,
පමුණුගම,
අ`ඵබෝමුල්ල.

2013.09.05

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම

නෙත්තකුමාරගේ රුක්මාල් චින්තක ධර්මසේන, අවු: 35 -මාගේ සැමියා වේ.

2013.09.05 (අද )දින* දහවල් 11.30 ට පමණ, පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එසේ අත්අඩංගුවට ගත් ඔහුට අමානුෂික ලෙස පහර දී මාංචු දමා, එම නිලධාරීන් දෙදෙනා පැමිණ තිබූ යතුරු පැදියේ මැදින් තබාගෙන ගෙන යන ලදි. එසේ අත්අඩංගුවට ගත්තේ මංජුල නැමැති නිලධාරියා හා තවත් නිලධාරියෙකු විසිනි.

මා හා සැමියාගේ මව ඔහුව බැලීමට පානදුර දකුණ පොලිසියට ගිය අතර, ඔහුව උඩතට්ටුවට ගෙනගොස් තිබුණි. ඔහුට තවත් වධහිංසා පැමණවීමට එසේ ගෙනගොස් ඇති බව මාගේ විශ්වාසයයි.

ඔහුට පානදුර දකුණ පොලිසියේ මංජුල හා ටෙරන්ස් නැමැති නිලධාරින් විසින් තර්ජණය කිරීම අදාළව අද දින පෙරවරුවේ ඔබ වෙත ෆෑක්ස් මගින්ද පැමිණිලි කළෙමි.

මේ පිළිබඳව මා.හි.කොමිෂමේ 0112689064 අංකයට මා විසින් පැමිණීලි කළෙමි.

නැවතත් සැමියාගේ මව වන පී.කේ.පෙරේරා මිය විසින්ද එම අංකයට පැමිණීලි කළෙමි.

මා ඉල්ලා සිටින්නේ,
මාගේ සැමියාට වධහිංසා පැමිණවීම නවතාලීමට පියවර ගන්නා ලෙසත්, කඩිනමින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරවීමට කටයුතු කරනා ලෙසත්, ව්‍යෘජ චෝදනා නැගීම වලකාලන ලෙසත්ය.


සන්ධ්‍යා අත්තනායක