එහෙවු පොලිසිය මෙහෙවූ පොලිසිය.



හර්ෂි සි. පෙරේරා

අද වාද්දුව පොලිසියේ ස්ථානදිපතිට අපලයක් පල දුනි. ඒ පොලිස් ස්ථානයේ බීමතින් සිටීම නිසා වැඩ තහනමකට ලක්වීමය. බීමතින් සිටීම අප සුළු කාරණයක් ලෙස නොසලකමු. එහෙත් පොලිස් ස්ථානදිපතිවරු සිදු කරන වදහිංසා පැමිණවීම් ගැන බොරු නඩු දැමීම ගැන සියල්ලම නිහඩය. මෙම මානව හිමිකම් උල්ලන්ගනයන් සිදුකල පොලිස් ස්ථානදිපතිවරු කීදෙනෙක් යෙහෙන් වැජබේද? ඔවුන්ට රාජපක්ෂ පාලනයේ ආශීර්වාදය නොඅඩුව හිමි වේ. රාජපක්ෂලාට අවශ්‍ය වන්නේද එවැනි මානව හිමිකම් කඩන පොලිසියකි. පිඩාවට පත්වන්නේ සාමාන්‍ය මහ ජනතාවයි. පොලිසිය පඩි ගන්නේද සපත්තු දාන්නේද නිල ඇදුම් අදින්නේද මෙම මහ ජනතාවගේ බදු මුදලිනි.