ආශ්චර්ය - මේ දැන් සිදුවන වදහිංසා පැමිණවීමක්.



හර්ෂි සි. පෙරේරා

නීතියක් නොමැති රටක සන්වර්දනයෙන් පලක් නැත. රාජපක්ෂ ආණ්ඩුව යටතේ පොලිසිය දිගින් දිගටම බරපතල අපරාද වල නිරතව සිටි. මෙරට අපරාද නීතිය අනුව වදහිංසා පැමිණවීම බරපතල අපරාදයකි. නන්දවතිගේ තරුණ පුතාව දැන් කළුතර විශේෂ පොලිස් ඒකකයේ රදවාගෙන වදහිංසා පමුණුවනු ලැබේ. ඊයේ වාද්දුව පොලිසියේ ස්ථානදිපති බිමත්ව සිටියේයයි ඔහුගේ වැඩ තහනම් කෙරිණි. මෙවැනි වදහිංසා පැමිණවීම් සිදුකරන පොලිස් නිලදාරීන් සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? නන්දාවතී මිට සුළු මොහොතකට පෙර පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට කල ලිකිත පැමිණිල්ල පහතින් පළවේ.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂම,
    165, කිංසි පාර,
    කොළඹ- 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

ලිඛීත පැමිණිල්ල

ඊස්වරගේ දෝන නන්දාවතී, අවු: 55යි, ජා.හැ.අ.587233478ඪ, විවාහක, දරුවන් 02යි.
ලිපිනය : අංක 15 එ්, ඈතගම, ගාලූ පාර, ක`ඵතර. දු.අ.071589580
2013.09.18

මඩවල මද්දුමාගේ තුසිත පුෂ්ප කුමාර, අවු: 32යි, අවිවාහක, ධීවර රැුකියාව.

2013.09.15 වන දින, සවස 3.30 ට පමණ, මාගේ පුතා නිවසේ සිටියදී ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන - පොලිස් විශේෂ එ්කකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙදින රාත‍්‍රී 8.30ට පමණ, වැඩ ඇරී පැමිණි පසු, මමත් මාගේ නංගී වන ඊ.ඞී.රංජනී සමග ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගියා.

මා එහි ගොස්, එ් අවස්ථාවේ සිටි සිවිල් ආරක්ෂකට, මා පුතා බලන්න ආපු බව පැවසූ පසු, මාව පිටුපස කාමරයකට ගෙන ගියා.

එහිදී, එම අංශයේ ප‍්‍රධානියා කියන නිලධෘරියා, මට පුතාව පෙන්නුවා. පුතාට මාංචු දාලා තිබුනේ. තවත් හතර දෙනෙක් කාමරයේ මාංචු දමා බිම දමා තිබුනා.

එම නිලධාරියා මට කිව්වා, පුතා කුඩු විකුණනවා දන්නේ නැද්ද කියා කියමින් මට තිත්ත කුණූහරපයෙන් බැන්නා.

මට කියලා කෑම එකක් ගෙන්වා ගත්තා.

2013.09.16 (පසුදා* උදේ 8.30 ට පමණ පුතාව බලන්න ගියා. උදේ කෑම ගෙනිහින් දුන්නා. එදා දවල් කෑම ගෙනිච්චා. පස් දෙනාටම කෑම ගෙනිච්චේ මම. 

එ් වෙලාවේ මට පුතා කිව්වා , ? හොඳටම ගැහුව්වා කියා. එදින ? ද කෑම ගෙනිච්චා.

රාත‍්‍රී කෑම ගෙනිච්චට පස්සේ, මම දැනගත්තා අනෙක් හතර දෙනාව එදින උදේ උසාවියට ඉදිරිපත් කරලා ඇප මත මුදාහැර තිබෙන බව.

එදින රාත‍්‍රියේ පුතාව පයාගල පොලිසියට ගෙන ගියා. රාත‍්‍රියේ හිටියේ පයාගල පොලිසියේ.

පසුදින, 2013.09.17 අගහරුවාදා උදේ ක`ඵතර විශේෂ එ්කකයට පුතාව අරන් ආවා. ඊට පස්සේ මාගේ පුතාව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත කලා. රැුඳවුම නියෝග ලබාගත්තා.

එදින රාත‍්‍රී 7.30 ට, (එනම් 2013.09.17* පයාගල පොලිසියට ගෙන ගොස් පුතාව බාර දුන්නා.

පයාගල පොලිසියේදී, පුතා ගෙන ආවට පස්සේ හොඳටම ගැහැව්වා. ඇස්වලට කොච්චි දැම්මා කියා පුතා කිව්වා.

අද දින (18දා* උදේ යලිත් පුතාව ක`ඵතර විශේෂ එ්කකයට ගෙන ආවා.

ඊයේ රාත‍්‍රියේදී කිව්වා, දවල් පුතාට පහර දුන්න බව.

පහර දිදී පුතාගෙන් අහන්නේ කුඩු විකුණන තැන් හා කුඩු තියන තැන් බව කිව්වා.

පුතා කුඩු බොන්නේ නැහැ. කුඩු විකුණන්නේ නෑ. එ් නිසා ඔහුට කියන්න දෙයක් නැහැ. 

මෙසේ, හේතුවක් නොමැතිව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දෙමින් රඳවා තබාගෙන බොරු නඩු දැමීමට උත්සාහ ගන්නා බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,
1. දැනට ක`ඵතර ජේ්‍ය.පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන විශේෂ එ්කකයේ රඳවා තබාගෙන සිටින මාගේ පුතාව මුණ ගැසී, ඔහුට වධහිංසා පමුණූවා ඇති ආකාරය නිරීක්ෂණය කරන ලෙසටද,

2. ඔහුට නොපමාව වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසටද,

3. මෙසේ නී විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණූවන ලද නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායනුකූල පියවර ගන්නා ලෙසටද ඉල්ලමි.



ඊ.ඞී.නන්දාවතී