බංග්ලාදේශය;- ඉස්ලාම් යුද අපරාදකරුට මරණ දඩුවම.



හර්ෂි සි. පෙරේරා

බංග්ලාදේශ් ශේෂ්ට්‍රදිකරණය  යුද අපරාද වලට වරදකරු වූ ඉස්ලාම් නායකයකුට මරණ දඩුවම ලබා දි තිබේ. අබ්දුල් කුදර් මොල්ලා මෙසේ වරදකරු වුයේ 1971 නිදහස වෙනුවෙන් කල යුද්දයේදී මිනීමැරුමට ස්ත්‍රී දුෂණයට සහ වදහිංසාව යන යුද අපරාද සිදුකිරීම සම්බන්දයෙනි. ඔහුට කලින් දි තිබු ජිවීතාන්තය දක්වා වූ සිරදඩුවම මරණ දඩුවමට වෙනස්  විය. මරණ දඩුවම දෙන්නයි ජනතාව විරෝදතාද දක්වා තිබුණි. මුල්ලා ජමාට් ඊ ඉස්ලාම් පක්ෂයේ සහකාර ලේකම් ජෙනරාල් වරයා විය. මෙම පක්ෂය 1971 යුද්දයේදී බංග්ලාදේශය පකිස්ථානයෙන් නිදහස ලැබීමට විරුද්ද විය. නමුත් මෙම ගැටුමේදී තම නායකයින් මිනීමැරීම, ස්ත්‍රී දුෂණය සහ වදහිංසා පැමිණවූ බව එම පක්ෂය ප්‍රතික්ෂේප කර සිටි.