නිලන්ත ඉලංගමුව
නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම
අශ්ලීල මනසේ සංඥාවකි - ඇල්බර්ට් කැමුස්
සතුරාගේ බලයේ විශාලත්වය
සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට
උත්සහයක් ගන්නේද නැත. කොටින්ම කිවහොත් එය ඔහුට අවශ්‍ය නොවේ. මන්ද ඔහු තවදුරටත්
මෙරට මැතිවරණ නාමයෙන් රැවටීමටත්, බලයේ අනුහසින් අනෙකාව මර්ධනය කිරීමටත් හොඳ හැටි
දන්නේය. පසුගියදා, හෙතම තොල් වෙව්ලමින් හති දමමින් අල් ජසීරා චැනනලයට සිදුකකළ
අදහස් දැක්වීම මඟින් රාජපක්ෂ, හෙවත් වර්තමානයේ ලංකාව මර්ධනය කරන්නාගේ ස්වභාවය
තවදුරටත් තේරුම් ගැනීම අසීරු නැත. ඔහුට
ඔහුගේම සොහොයුරාගේ මඟපෙන්වීමෙන් සිදු කළ සහ ඊට ඔහු දේශපාලන වශයෙන් ගොඩ ගිය දේශපාලන
පක්ෂයේ අයවලුන් පවා ගොදුරු වූ සුදුවෑන් අපරාධය වූ කලි කොල්ලන් කෙල්ලන්ව හෝටල් කාමර
තුළට රැගෙන යාම සඳහා පාවිච්චි කළ මගඩියකි.
ඇත්තය. ඔහුට ලෝකය
ඉදිරියේ එය තම සොහොයුරාගේ වැඩක් යයි කීමට හෝ තමා යටතේ වෙන කටයුත්තක් යැයි රෙද්දක්
ඇඳගෙන කීමට නොහැකිය. මෙය අතිශය වැදගත් දෙයක් වනවා පමණක් නොව රාජපක්ෂ තමා
කවුරුන්දැයි තව දුරටත් ලෝකය හමුවේ පෙන්වමින් තිබේ. කුහකකම සහ පීඩනෝන්මාදය අතර
සංකලනයකින් උපන් රාජපක්ෂ දේශපාලනය එම ලක්ෂණම තවදුරටත් පෙන්වමින් ඔප්පු කරමින්
තිබෙන්නේ රාජපක්ෂ රාජ්‍ය නායකයා වශයෙන් තෝරාගැනීම හාස්‍ය ජනක මෙන්ම ඛේදනීය
සිදුවීමක් බවයි.
පළමුව ඛේදවාචයක් ලෙස
සිදුවන යමක් දෙවනුව ඇතිවන්නේ ප්‍රහසනයක ( විහිලුවක) ආකාරයෙනි. ඛේදවාචකය කෙතරම් වීස්තාරන හෝ කටුක
වුවත් එය යලි යලිත් ඇති වීමේදී ඉන් විහිලු සකස් කර ගැනීමට පොදු මිනිස් මනස පෙළඹේ.
ලංකාව විශයෙහිලාද සිදුවන්නේ එයයි. එහි කදිම නිදසුන හෙවත් නිෂ්පාදනය, රාජපක්ෂය. රාජපක්ෂ
වැරදි බව කවුරුත් දනී, ඔහු බොරුකාරයකු බවඅමුතුවෙන් ඔප්පු කළ යුත්තක් නොවේ. නමුත්
බහුතරයකට වදදෙන විෂයක් පද්ධතිය තුළ තවදුරටත් සක්‍රීය වන්නේ මන්ද? අප පිළිතුරු සොයා
ගත යුත්තේ ඊටය.
කෙසේ වෙතත්; රාජපක්ෂ මේ
ආකාරයෙන් හැසිරීම අනෙකාට රාජපක්ෂ හඳුනා ගනීමේදී ප්‍රයෝජනවත් වේ. මන්ද ඔහු තම
අත්තනෝමතිකත්වය පෙන්වීම සඳහා සම්මත කරගත් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රාජපක්ෂට
එතෙක් කල් අනෙකා ලෙස රඟපෑමට අත්‍යවශ්‍ය වූ භුමිකාව රඟපෑමට අවශ්‍ය නැති වීමයි.
එතෙක් රාජපක්ෂ අනෙකා ලෙස එනම් වෙනත් අයෙකු ලෙස වෙස්ගනිමින්, ආගමික, ග්‍රාමීය,
සම්ප්‍රදායක ආදී වශයෙන් අවශ්‍ය වටපිටාව එනම් අනෙකා තමා ඉදිරියේ රවටාගැනීමේ හැකියාව
උපයා ගත්තේය. වෙනත් වචනවලින් කියන්නේනම් නවසීය තිහේ දශකයේ සිට රාජපක්ෂ පරම්පරාව
සිදුකළ දේශපාලනයේ වෙස් මුහුන ප්‍රසිද්ධියේ ගලවා දැමීමයි. එය තවදුරටත් අවශ්‍ය
නැතිබව රාජපක්ෂ දන්නා හෙයින් රාජපක්ෂ දේශීය මෙන්ම විදේශීය සන්දර්භය හමුවේ ටොම් පච
හෙලමින් සිටින්නේය. තවත් කාලයකින් ලිවීමට හැකි ජනප්‍රවාදය වූ කලි වෙන කිසිවක් නොවේ.
එනම් විහිලු ඇසීම සඳහා අන්දරේ ලඟට සේන්දු වූවාසේ, බොරු අසීමටනම් රාජපක්ෂ මතක් කළ
යුතුය යන්නයි. එපමණකට ඔහු මුසාවන් අලංකරණය කොට භාෂාවේ ඇති පරාමිතීන් සහා ඊට ඇති
වටිනාකම කෙලසමින් සියල්ලම විනාශකොට ඇත. එම නිර්මාණය මත ඔහූ ඔහුගේම ඉතිහාසයක්
නිර්මාණය කොට ඇත. මෙය බොරුකාරයෙකු විසින් ජාතියට, ඊට අයත් භාෂාවට මෙන්ම එහි
වටිනාකම් වලට කළහැකි උපරිම විනාශයයි.
ආදාල සම්මුඛ සාකච්චාව බැලූවිට
පළමුව සිතට එන අදහස නම්, මෙය ජනතාවක් ගැන හෝ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන නොව, ඌරු
වෙළඳාමේ යෙදෙන ඌරු මුදලාලි කෙනෙක් තම ඌරූ කොටුවේ සිටින ඌරන් ගැන කතාකළ එකක්ද
යන්නයි. සැබවින්ම තමන්ගේ මෙන්ම අනෙකාගේ අතම ගරුත්වය ගැන උගත් මනුස්සයෙකුට මෙවැනි
අමන කතා, නොසැලිකිලිමත් ආකාරයේ බේබදු විලාසයෙන් කතා කළ නොහැකිය. වගකීම වූ කලී රටේ කෝටි
දෙකකට වැඩි ජනතාවක් ණයකාරයින් බවට පත් කළ මෙම දේශපාලන කල්ලිවාදයේ සහ තම නොමන්ත්කම
නිසා රාජ්‍ය අපහරණය කිරීමේ වරද හේතුවෙන් එම රට මුහුණ දී සිටින අවාසනාවන්ත තත්වයෙන්
ගොඩ එන ආකාරයෙන් තොරතුරු දැක්වීමය. එවැනි ආකාරයේ කිසිඳු හැසිරීමක් රාජපක්ෂගෙන් තබා
ඔහුගේ කැබිනෙට්ටුවේ සිටින කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. අසබවිනම අල්
ජසීරා නිවේදකයා ඇසිය යුතුව තිබුනේ රාජපක්ෂ තම මුවන් ඉදිරිපත් කරන විට කැමරාව
ඉදිරියේ කරකවමින් සිටි තම හූනියම් යන්ත්‍රය ගැනය. එය එසේ වූවානම් වඩාත් වැදගත්
මෙන්ම හාස්‍යජනක බොරුවෙන් තොර පිළිතුරක් ලැබෙනු ඇත.
මෙම දේශපාලන ප්‍රවණතාවය හමුවේ
සිදුවන කාරණා කිහිපයකි. මෝඩකම පෙන්වීමට ඇති හැකියාවේ උපරිමය මඟින් සිංහල ප්‍රජාව
නව ආකාරයේ ප්‍රමොදීය ෆැන්ටසියක් වෙතට
තල්ලු වෙමින් එහිම සිටින රැඩිකල් මතදාරින් වෛරය සහ තරහ මත මදනම් වෙමින් ගොඩනගා
ගන්නා මානසික ප්‍රමෝදය සඳහා හෙවත් කාලය කාදැමීම සඳහා වෙනස් ස්වරූපයක දේශපාලනයක්
ගොඩනගා ගැනීම. මේ අතර දෙමළ ජනතාව යාපනය මුලික කරගනිමින් නවආකාරයේ ගැඹුරු, මෙන්ම ක්‍රමෝපායික
දේශපාලනයකට අවතීරණය වීමට ඇති ඉඩ. එය විසින් ක්‍රමෝපායිකව ඉන්දියාව, ජාත්‍යන්තර ප්‍රජාව
පමණක් නොව, නැගෙනහිර මෙන්ම කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවද ඒකරාශිවන වැඩපිළිවෙලකට තල්ලු
වෙනු ඇත. රාජපක්ෂ විසින් ඔප්පු කරමින් තිබෙන තමා විසින් තමාව රවටා ගෙන සෙල්ලම් කිරීම
වූ කලී කිසිඳූ දේශපාලන දර්ශනයක් නොව යමක් අරාජික කොට ඉන් වාසී ලබා ගැනීමය. එය
සිදුකරන මෙවලම නම් ජාතීන් අතර මෙන්ම එකම
ජාතිය තුළද ගැටුම් ඇතිකිරීමය. ඔහු කියන ඔහුගේ චින්තයනට අයත් සමුර්දිය කේන්ද්‍රගත
වන්නේ එතැනටය. මෙය මකියවෙලියානු දේශපාලනය යයි හඳුවන්නේනම් ( මෙම ලේඛකයා විසින්ද එම
අත්වැරැද්ද මීට වසර කිහිපයකට පෙර සිදු කොට ඇත.) එය මකියාවෙලිට සිදුකරන දරුණු
අපහාසයකි.