අමිල ගුණරත්න
මේ සටහන තිබුනේ ලංකාදීප පුවත්පතේ එක් විදුහල්පතිවරයෙකු පිලිබඳවය.
....එවකට රාහුල විදුහලේ උගත් සිසු දරුවෝ ඔහු විදුහලට පැමිණි බග්ගි කරත්තයේ ගෙජ්ජි හඬ ද බග්ගිය දක්කන කරත්ත කරුවා ගේ ‘චක් මක්‘ හඬ පමණක් නොව ගොනා ගේ කුර හඬ පවා මැනෙවින් හඳුනා ගත්හ. ඒ කුමාරගේ විදුහල්පති තුමාට දැක්වූ භය සම්ප්‍රයුක්ත ගෞරවය නිසා යග විදුහලේ පැරනි තාප්පයට ඉදිරියෙන් පිහිටි දැන් ක්‍රීඩා පිටිය විජේතුංග, විජේසිංහ සහ වනිගසේකර යන මන්දිර ඉදිකර ඇති භූමිය එදා විශාල පොල් රුප්පාවකි. වේලාසනින් විදුහලට පැමිණ එහි ක්‍රීඩා කරන දුවන පනින දරුවෝ විදුහල්පති තුමන් ගේ බග්ගිය එන හඬ ඇසෙත් ම ඒ සියල්ල නවතා පන්ති කාමරවලට දුවති. පන්තිවල විහළු තහළු කරමින් සිටි සිසු දරුවෝ නිහඬ වෙති. කා ගේත් නෙත් ව්දුහල් ගේට්ටුව දෙසට යොමු වේ. ඒ කුමාරගේ විදුහල්පති තුමා පාසලට පිව්සෙන වේලාවයි. ගේට්ටුව ළඟ දී බග්ගියෙන් බසින ව්දුහල්පතිතුමා රටාවකට කුඩය බිම ඔබමින් කාර්‍යාලය දෙසට පිය නගයි. මුළු ව්දුහල් පරිසරය නිහඬ ය. මීයට පිමබා වැනි ය.....
විදුහල්පතිවරයෙකු ,ගුරුවරයෙකු දුටු විට බියට පත් වී එකත්පස්ව සිටීම සිසු විනය ලෙස පසුගාමී ශ්‍රී ලාංකික සමාජය සලකති. සමහර පාසල් වල පීරියඩ් එකෙන් පීරියඩ් එකට ඉගැන්වීමට එන ගුරුවරයන්ට වැඳීමට බල කෙරෙන පාසල් තිබේ. මේවා හීනමානයෙන් පෙලෙන වැඩවසම් පසුගාමී සමාජ වල ලක්ශන වේ. අධ්‍යාපන කාර්‍යාලයකට ගිය විට අධ්‍යාපන අධ්‍යක්‍ෂක ගේ සිට අධ්‍යාපන කාර්‍යාලයේ ක.ක.ස.නි දක්වා පිරිස ගුරුවරයාට සලකන්නේ බල්ලෙකුගේ ගානටය. ඒ නිසා පෟර්ෂ බිඳ වැටීමට මුහුන දෙන ගුරුවරයා තමන්ට නොලැබී ගිය ගරුත්වයේ එරියස් එක ලබා ගන්නේ පාසල් ලමුන් බියට පත් කිරීමෙනි.
විදුහල්පතිවරයෙකු ,ගුරුවරයෙකු එන විට ලමුන් මීයට පිම්බාක් මෙන් නිහඩ කර තැබීමලංකාවේ පාසල් වල සුලබ දසුනකි . මෙයින් ලමයාගේ නිර්නමානශිලීතාව අභිමානය බිඳ හෙලයි , ලංකාව වැනි රටවල මැර දේශපාලකයන්ට එරෙහිව මිනිසුන් නැගී නොසිටින එක් හේතුවක් ද වන්නේ ලමා කාලයේ පාසල් වල ලමයා එක් පුද්ගලයෙකුගේ පෳර්ෂයට අහේතුක බියක් දැක්වීමට පුරුදු කිරීමයි.
සංවර්ධිත රට වල පාසල් දරුවන් ගෙන් විනය ලෙස මෙවැනි බියසුලුබව අපේක්ශා නොකරන අතර ඔවුන් ලමයාගේ මානසික වර්ධනය පාගා නොදමති. සංවර්ධිත රට වල පාසල් දරුවන් විදුහල්පතිවරයෙකු හෝ ගුරුවරයෙකු දුටු විට අහේතුක බියක් දක්වා මුලු නොගැනෙති. ඔවුන් බිය නොමැතිව වැඩිහිටි විදුහල්පතිවරයා හෝ ගුරුවරයා සමග අදහස් හුවමාරු කර ගනිති. වැඩිහිටියා වැරදි නම් නොපැකිලව ඔහුගේ වරද පෙන්වා දෙති. එහෙත් ලංකාව වැනි පසුගාමී සමාජයන් සෑම විටම වැඩිහිටියා නිවැරදි ලෙස ලමයාට ඒත්තු ගන්වනු ලබයි. මේ චින්තනය ඉන්පසු සමාජයට ආදේශ වේ. නිසා දේශපාලකයෝ මොන වැරදි කලද ඔවුන්ට එරෙහිව හඩක් නැගීමට මිනිසුන් පැකිලෙති. මේ වහල් මානසිකත්වය මිනිසුන් තුල මුලින්ම ඇති කරවන්නේ පාසලයි.