මොරගහහේන පොලිසිය අපරාදකරු ආරක්ෂා කරයි.



හර්ෂි සි. පෙරේරා

මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට යොමුකළේ ඒ මාතුපාල විසිනි. ඔහු 55 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. 157 ඒ ගොඩිගමුව ගෝනපල පදිංචිකරුවෙක් වේ. 2013 ජුනි මස 27 වැනිදා ඔහුට ගන්කන්දගේ නාලක පෙරේරා විසින් පහර දෙන ලදී. ඒ මාතුපලගේ රබර් ඉඩමේ රබර් ගස් වල පොල්කටු ගලවා විසි කිරීම ගැන ප්‍රශ්න කරන්නට ගිය විටදීය. මේ පිලිබදව මොරගහහේන පොලිසියට කල පැමිණිල්ලේ අංකය 2013.06.27 සි අයි බි (1) 67/292 වේ. නමුත් මොරගහහේන පොලිසිය මේ වනතෙක් අපරාදකරුව අත්අඩංගුවට ගෙන නොමැත. මාතුපාල මෙම පහරදීම නිසා හොරණ මුලික රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාරද ලබා ගෙන තිබේ. ඊට අමතරව නාගොඩ රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇත. දැන් සිද්දියට මාස දෙකකි. බරපතල තුවාල සිදු කල අපරාදකරු නිදැල්ලේය. මේ නීතියක් නොමැති අශ්චර්යේ රග සොබාය.

01. සභපාති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

අපරාධය කරනු ලැබූ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර නොගැනීම

අතුකෝරලගේ මාතුපාල, අවු: 55යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව : කිරිකැපීම.
ලිපිනය : 157 එ්, ගොඩිගමුව, ගෝනපල.  දු.අ.038 22 91441
2013.09.11 දිනදීය.

01. 2013 ජූනි මස 27 වන දින, මා හාල්පිටිය, අමුණ අසල, පිහිටි රබර් ඉඩමේ කිරි කැපීමට මා සුපුරුදු පරිදි ගියා.

එහි ගිය විට, මට දකින්නට ලැබුනේ එකම පොල්කට්ටක්වත් රබර් ගස්වල නොතිබින.

මා දැන සිටියා, මෙම පොල්කටු ගලවා විසි කරනු ලබන්නේ රබර් ඉඩම අසල වැල්මිල්ල හංදියේ ගැමුණූ මාවතේ, 187/2 හි පදිංචි, ගංකන්දගේ නාලක පෙරේරා බව.

2. මා, එ් වේලාවේම, මේ ගැන විමසීමට ඔහුව ගොස් හමුවුනා. මම ඔහුගෙන් විමසුවා ඇයි මේ ආකාරයට රබර් කිරි සහිත පොල්කටු ගලවා විසි කරන්නේ, එයින් මට පාඩු වන බවද කිව්වා.

3. එවිට ඔහු මට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින්, පැමිණ මට අතින් මගේ මුහුණට කණට ගැසුවා. කණට වැදුන පාරකින් මට දැඩි වේදනවාක් ඇතිවුනා. කණ ඇහෙන්නේ නැතිව ගියා.

4. මා විගස, ගෙදරවිත්, මොරගහහේන පොලිසියට ගියා. මා පැමිණීලි කලා. 2013.06.27 ක්‍ෂඊ :1* 367රැු292 පැමිණිලි අංකය වේ.

5. මට පොලිසිය පෝරමයක් දී හොරණ මූලික රෝහලට යන ලෙසට දැනුම් දුන්නා.

6. එ් අනුව, මා රෝහලට ගියා. මාව නේවාසිකව නවත්වා ගත්තා. පසුදින මාව අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කලා. 

7. අධිකරණ වෛද්‍ය නිලධාරී මාව නාගොඩ මහා රෝහලේ, ශ‍්‍රවණ පරික්ෂණයකට යොමු කරනු ලැබුවා. මා දැනටද, එම රෝහලේ සායනයට යනු ලබනවා. ප‍්‍රතිකාර ලබාගන්නවා.

8. එසේ කිබියදී, මොරගහහේන පොලිසි යමට පහරදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමක් කළේ නැත.

9. 2013.06.29 මාව  පොලිසියට කැඳෙව්වා. මට පහර දුන්න නාලක පෙරේරාද පැමිණ සිටියා.

10. එහිදී මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මට පහර දුන්න නාලක පෙරේරාගෙන්ද ප‍්‍රකාශයක් ගත්තා. මම ප‍්‍රකාශ කලා කාරණය සමථ මණ්ඩලයට දමන බව.

11. සති 2ක් බලා සිටියත්, කිසිම දෙයක් සිදු නොවූ නිසා මා පොලිසියෙන් ගොස් විමසුවා. මට කිව්වා සමථ මණ්ඩලයට දාලා තියෙන්නේ, ලියුමක් එව්වා කියා. මා කීවා එහෙම ලිපියක් මට නොලැබුන බව.

12. ඉන්පසු මට පෝරමයක් දුන්නා. එයින් ජායා පිටපත් 2ක් ගහලා ගෙනත් දෙන්න කියා. මා එ් අනුව ක‍්‍රියා කලා.

13. 2013.08.03 - හොරණ සමථ මණ්ඩලයට කැදෙව්වා. මට පහර දුන් අය පැමිණ සිටියේ නැහැ. නැවත 2013.08.10 කැඳෙව්වා. එදිනද ඔහු පැමිණ සිටියේ නැහැ. 2013.08.17 කැඳෙව්වා. එදිනද පැමිණ සිටියේ නැහැ. එ් අනුව - එදින එනම් 2013.08.17 සමථ නොවීමේ සහතිකය, නිකුත් කරනු ලැබුවා.

14. දැනට මෙම සිද්ධිය, මේ දක්වාම මොරගහහේන පොලිසිය, මට පහරදුන් නාලක පෙරේරාට විරුද්ධව නඩු පවරා නැත.

මේ පිළිබඳව මා මොරගහහේන පොලිසියට දින 2ක් ගියා. නමුත් කරන්නේ මාව හරවා එවීමය.

මේ ආකාරයට, අසරණ මට, පහරදී තුවාල සිදුකල නාලක පෙරේරා යන අයට එරෙහිව, මොරගහහේන පොලිසිය නීතිමය පියවර නොගන්නේ, ඔහු මා දන්නා තරමින් නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ අයකු නිසාත්, එම තත්වය තුල ඔහු පොලිසිය සමග සම්බන්ධ නිසාත් යයි මාගේ විශ්වාසයයි.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, මට පහර දුන්, නාලක පෙරේරා ට එරෙහිව නීතිමය පියව නොගැනීම මගින් - මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ඇතුලූ අදාල නිලධාරින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවය.

එම නිසා, මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ඇතුලූ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.



එ්. මාතුපාල.

ඒ.මාතුපාල,
157 ඒ, ගොඩිගමුව,
ගෝනපල.
2013.10.01

ස්ථානාධිපති,
මොරගහහේන පොලිස් ස්ථානය,
මොරගහහේන.

මහත්මයාණෙනි,

පහරදී බරපතල තුවාල සිදු කිරීම 

මා හට, 2013 ජූනි 27 වන දින, වැල්මිල්ල හංදිය, ගැමුණු මාවත, අංක 187/2 හි පදිංචි ගංකන්දගේ නාලක පෙරේරා යන අය පහරදී බරපතල තුවාල සිදු කිරීම පිලිබඳව කරන ලද පැමිණිල්ල ඔබ විසින් සමථ මණ්ඩලයට යොමු කරනු ලැබීය. 

සමථ මණ්ඩලය සමථ නොවීමේ සහතිකය, 2013.08.07 දතමින් ඔබ වෙත එවා තිබේ.

සිද්ධිය වී දැනට, මාස දෙකක් ඉක්මවී තිබේ.

පහර දීම නිසා මම හොරණ මූලික රෝහලේ හා නාගොඩ මහා රෝහලේ ප‍්‍රතිකාර ගෙන තිබේ.

මා ඉල්ලා සිටින්නේ,  මට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් වැල්මිල්ල හංදිය, ගැමුණූ මාවත, අංක 187/2 හි පදිංචි - ගංකන්දගේ නාලක පෙරේරා ට එරෙහිව, නීතිමය පියවර ගෙන තිබේනම් අදාල නඩු අංකය හා දිනයද, මීලඟ නඩු දිනය ද මා වෙත දන්වන ලෙසයි.

එසේ නොමැති නම් එ් පිලිබඳව කඩිනම් පියවර ගන්නා ලෙසට ඉල්ලමි.


ඒ.මාතුපාල,