කාට කියමුද? ජාත්‍යන්තරයට කියමුද? - තවත් වදහිංසා පැමිණවීමක්.



හර්ෂි සි. පෙරේරා 

තවත් සාමාන්‍ය පුරවැසියෙකුගේ දුක්ගැනවිල්ලක්. කාට කියමුද? ජාත්‍යන්තරයට කියමුද? දේශද්‍රෝහී ලේබලය ඇලවුනත් මේවා හෙළිදරවු කල යුතුය. මෙවන් පුරවැසියන්ගේ හඩට බොහෝදෙ කල හැක. නමුත් එයට කාලයක් ගතවනු ඇත. 

"පොලිසියට ගිය පසු, මාව බැරැුක්කයට ගෙනගොස්, සම්පූර්ණයෙන් නිරුවත් කර, අත්දෙක පිටුපසට කර, මාගේ කමිසයෙන් අත්දෙක බැඳ, බංකුවක නිදි කරවා, දෙදෙනෙක් මාගේ කකුල් දෙක දතකොට අල්ලා සිටියදී, තිදෙනෙකු මාගේ කකුල්, උදරය හා පපුව උඩ නැග්ගා. පසුව බැනියමකින් මුහුණ සම්පූර්ණයෙන් වැසෙන සේ ගැටගසා, මුහුණට වතුර දැම්මා. එසේ වධ දෙද්දී ඉවසා ගත නොහැකි වූ මා, ගංජා දෙන්නම් කියා ප‍්‍රකාශ කලා. එසේ මට පැය 2ක පමණ කාලයක් වධ දුන්නා.  පසුව මාව මාංචු දමා කූඩුව තුල රඳවා තැබුවා. එ් අවස්ථාවේ මට එරෙහිව ගංජා ලඟ තබාගැනීම අදාළ නඩුවක් පැවරුවා. බියට පත්ව සිටි මා එම නඩුවට වැරදිකරු ලෙසට පිළිගත්තා."


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

ලිඛිත පැමිණිල්ල

සිඤ්ඤෝ ආරච්චිලාගේ ජයරත්න, අවු: 46යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව : ගොවිතැන.
ලිපිනය : ගල්තුඩුව, ගෝනගලපුර, බෙන්තොට.
2013.09. 12 දිනදීය.

දැනට සති දෙකකට පමණ පෙර සිට, කොස්ගොඩ පොලිසියේ ග‍්‍රාමආරක්ෂක නිලන්ත, උ.පො.ප.ජානක ඇතු`ඵ නිලධාරීන් විසින් මාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබේ. ඔවුන් මාහට බෝම්බ හෝ කුඩු දමා බන්ධනාගාරගත කරවන බවට තර්ජණය කරනු ලබයි.

මෙසේ කිරීමට හේතුව වන්නේ මා කලක සිට ගංජා බීමට පුරදුව සිටි අතර, එ් බව දැනගත් කොස්ගොඩ පොලිසියේ ග‍්‍රාම ආරක්ෂක නිලන්ත නැමැත්තා මාව පොලිසියට අසුකර දෙන බවට තර්ජණය කර, මාගෙන් කප්පන් ලබා ගන්නා ලදි. ඔහු බොහෝ විට මාගෙන් මුදල් හා එළව`ඵ, පොල් ආදිය ද ලබා ගන්නා ලදි.

එසේ තිබියදී, මා ගංජා පානය කිරිම නවතා දැමූ අතර, ඔහුට කප්පම් ලබාදීමද නතර වුනි. එසේ සිටියදී ඔහු විටින් විට මාගෙන් උඹ හොරෙන් කරනවා නේදැයි විමසා සිටියා. මා එය ප‍්‍රතික්ෂේප කලා.

අවුරුද්දකට පමණ පසුව, මා නැවතත් ගංජා පානය පටන් ගත් අතර, එය දැනගත් ඔහු 2013 ජූලි මස දිනකදී, උ.පො.ප. ජානක සමග පැමිණ මා අත්අඩංගුවට ගත්තා. නමුත් ගංජා අල්ලා ගැනීමට නොහැකි වුනා. පසුව මාව බෙන්තොට පොලිසියට ගෙනගොස් අමානුෂික වධහිංසා පැමිනෙව්වා. 

පොලිසියට ගිය පසු, මාව බැරැුක්කයට ගෙනගොස්, සම්පූර්ණයෙන් නිරුවත් කර, අත්දෙක පිටුපසට කර, මාගේ කමිසයෙන් අත්දෙක බැඳ, බංකුවක නිදි කරවා, දෙදෙනෙක් මාගේ කකුල් දෙක දතකොට අල්ලා සිටියදී, තිදෙනෙකු මාගේ කකුල්, උදරය හා පපුව උඩ නැග්ගා. පසුව බැනියමකින් මුහුණ සම්පූර්ණයෙන් වැසෙන සේ ගැටගසා, මුහුණට වතුර දැම්මා. එසේ වධ දෙද්දී ඉවසා ගත නොහැකි වූ මා, ගංජා දෙන්නම් කියා ප‍්‍රකාශ කලා. එසේ මට පැය 2ක පමණ කාලයක් වධ දුන්නා.  පසුව මාව මාංචු දමා කූඩුව තුල රඳවා තැබුවා. එ් අවස්ථාවේ මට එරෙහිව ගංජා ලඟ තබාගැනීම අදාළ නඩුවක් පැවරුවා. බියට පත්ව සිටි මා එම නඩුවට වැරදිකරු ලෙසට පිළිගත්තා.

පසුව මා ගංජා පානය සම්පූර්ණයෙන් නවතා දැමුවා. එසේ තිබියදී, 2013 අගෝස්තු මස දිනක ඔවුන් නැවතත් මා අත්අඩංගුවට ගැනීමට මාගේ නිවසට පැමිණ තිබුනා. එ් අවස්ථාවේ මා නිවසේ සිටියේ නැහැ. ඊට සතියකට පමණ පසුව මාව අත්අඩංගුවට ගෙන, මාගේ කොටුවට මා ගෙනගොස්, පැය 2 1/2ක් පමණ වගා බිම අවුස්සා පරීක්ෂා කලා. මට කුඩු හෝ බෝම්බ දමන බවට තර්ජණය කලා. 

පසුව නැවතත් එක දිගට දින 3ක් මා සොයාගෙන නිවසට පැමිණ තිබුනා. නමුත් මා නිවසේ නොසිටි හෙයින් මාව අත්අඩංගුවට ගැනීමට නෙහැකි වුනා. 

එක් දිනක් මාගේ යතුරු පැදියද රැුගෙන යාමට උත්සාහ කර තිබුනා. 

දිනක් මාගේ බිරිඳ පමණක් නිවසේ සිටි අවස්ථාවක නිවසට ඇතු`ඵ වී, නිවස පරීක්ෂා කර, නිවසේ තිබූ වැටකො`ඵ මල් - ගංජා මල් ලෙසට හඳුන්වා මාගේ බිරිඳව අත්අඩංගුවට ගැනීමට සූදානම් තිබේ. ඇය මල් සහිත වැටකො`ඵ ඔවුන්ට පෙන්වූ පසු වැටකො`ඵ මල් බව පිළිගෙන ඇයව මුදාහැර තිබුනා. එහෙත් මා අත්අඩංගුවට ගෙන කුඩු හෝ බෝම්බ දමන බවට තර්ජණය කර ගොස් තිබුනා.

2013 ජූලි මස පැවරූ නඩුවට පෙරද, නඩු 2ක් මට එරෙහිව පවරනු ලැබුවා. එ්වාටද මා වැරදිකරු බව පිළිගත්තා.

2013 ජූලි මසින් පසුව, මා ගංජා පානය නතර කරන ලදි. එසේ නතර කර තිබියදීත්, ග‍්‍රාමආරක්ෂක නිලන්තට කප්පම් ගැනීමට නොහැකිවූ නිසා, ඔහු උ.පො.ප.ජානක ද හවුල් කරගෙන, මා අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ නඩු පැවරීමට උත්සාහ ගනිමින් සිටී.

මා ඉල්ලා සිටින්නේ, කොස්ගොඩ පොලිසියේ ග‍්‍රාමආරක්ෂක නිලන්ත, උ.පො.ප.ජානක නැමැති නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගන, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසත්, නීති විරෝධී ලෙස කටයුතු කරනු ලබන එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්, මට ආරක්ෂාව සලසන ලෙසටත්ය.


එස්.එ්. ජයරත්න