කුරානය පිළිස්සීමට උත්සාහ කල පාදිලි තැන අත්අඩංගුවට ගැනේ.



හර්ෂි සි. පෙරේරා

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට විරෝදය පල කිරීම සදහා කුරාන 3000 ක් පමණ පුච්චා දැමීමට උත්සාහ කල ෆ්ලොරීඩාවේ පාදිලි කෙනෙකු බදාදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වුයේ 61 හැවිරිදි ටෙරී ජෝන්ස්ය. ඔහු සමග ඔහුට උදවු කල පාදිලි තැන වූ 44 හැවිරිදි මවින් සැප් වද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙසේ කුරාන පුච්චා දැමීමට බබිකු විදියේ උදුනක්ද සකසා තිබිණි. 2011 දි මියගිය සැම වින්දිතයින් එක්කෙනෙකු වෙනුවෙන්ම එක කුරානය බැගින් පුච්චා දැමීමට කුරාන 2,998 ක් සකස් කර තිබිණි.