ඉස්ලාමයට නිගා කලයි බ්ලොග්කරුවන් 04 කට නඩු.



හර්ෂි සි. පෙරේරා

ඉස්ලාම් ආගම ගැන ලිවෙයයි බංග්ලාදේශයේ බ්ලොග්කරුවන් සිවු දෙනෙකුට නඩු පවරා තිබේ. බංගලාදේශයේ අගනුවර පිහිටි උසාවියක් විසින් ඉරිදා මෙම නඩු පැවරීම සිදුකල අතර එමගින් බ්ලොග්කරුවන් සිවු දෙනෙකුට ඉස්ලාම් ආගමට සහ මුහමඩ් නබි නායක තුමාට නිගා කළේයැයි චෝදනා කර ඇත.  නඩුව නොවැම්බර් 06 විබාගයට ගැනීමට නියමිතය. වරදට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කර ඇති බ්ලොග්කරුවන් මෙහිදී වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ට වසර 14 දක්වා සිරදඩුවම් නියම වේ. මාස තුනක පමණ කාලයක් සිරගතව සිටි බ්ලොග්කරුවන් සිවු දෙනාට දැනට ඇප ලැබී ඇත. නිවුයෝක්හි හියුමන් රයිට් වොච් සංවිදානය ආරම්බයේදී මෙම අත්අඩංගුවට ගැනීම් දැඩිව හෙලා දකින ලදී. නමුත් හෙඵසට් ඒ ඉස්ලාම් නමැති ඉස්ලාම් කණ්ඩායම බ්ලොග්කරුවන්ට නඩු පැවරිය යුතු බව තරයේ කියා සිටියහ.