ගුවන්ටනාමෝ ආහාර වර්ජනයට දින 200 යයි.




හර්ෂි සි. පෙරේරා 

ගුවන්ටනාමෝ සිරගෙදර ආහාර වර්ජනයට දින 200ක් ගතව තිබේ. හමුදා වාර්තා වලට අනුව ආහාර නොගන්නා රැදවියන්ගේ අඩුවක් ඇත. නමුත් සිරකරුවන් පවසන්නේ තත්වය දියුණු නැති බවත් තමන්ගේ දයිවය අපැහැදිලි බවත්ය. රැදවියන් 37 දෙනෙකු මේ වනවිට ආහාර නොගන්නා අතර එයට මාස 07ක් ගතව තිබේ. එයින් 33 දෙනෙකුට බලහත්කාරයෙන් ආහාර දෙනු ලැබේ. මෙය ආරම්බ වුයේ පෙබරවාරි මාසයේදීය. ඒ රැදවියන් විසින් බන්දනාගාර නියාමකයින් තමන්ගේ පවුද්ගලික දේවල් වලට මැදිහත්වන බව පවසමිනි. ඒ අතර කුරානය අනවශ්‍ය ආකාරයට යොදා ගැනීමද වේ. 2002 දි කියුබාවේ ගුවන්ටනාමෝ බේ සිරගෙදර විවුර්ත කෙරිණි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ 9/11 ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්දයේදී අත්අඩංගුවට ගන්නන් රදවා තබා ගැනීම සදහාය. බන්දනාගාර බලදාරීන් ආරම්බ කර ඇති බලෙන් ආහාර දීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අනුව වදහිංසා පැමිණවීමක් වේ. මෙයට මුහුණ දෙන සිරකරුවන් කියන්නේ එය වේදනාකාරී මෙන්ම දරා ගත නොහැක්කක් බවයි. මෙහි රැදවියන්ට ලිංගික අතවර සිදුවන බවද වාර්තා වේ. 2008 බැරක් ඔබාමාගේ මැතිවරණ වියාපාරයේ මෙම සිරගෙය වසා දමන බවට ප්‍රමුකත්වය දුන්නද එය තවම ඉටුවී නැත. ජනදිපතිවරයා මේ ගැන කොන්ග්‍රසයට දෝෂාරෝපණය කලද විවේචකයින් කියන්නේ ඔහුට ඒ සදහා ප්‍රමාණවත් දේශපාලන අදිශ්ටානයක් නොමැති බවකි.