"උබට බෝතල් 48 ක් දානවා !"- පානදුර පොලිසිය




හර්ෂි සි. පෙරේරා 

ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම තම රටේ පුරවැසියන්ට බොරු නඩු දමයි. ශ්‍රී ලංකා හමුදාවේ තත්වය වැලිවේරිය සිදුවීමෙන් පසුව නොදරුවෙකුට වුවද හදුනා ගත හැක. එය මේවනවිට ජිවිත තුනක් බිලිගෙන තිබේ. පොලිසියේ බොරු නඩු දැමීම ගැන දැන් ජනතාව කතා කරති. ඉන් නොනැවතී අදාල බලදාරීන්ට පැමිණිලිද කරති. පොලිසියේ දුෂණ හා නීතිවිරෝදී ක්‍රියා ශොදනය නොකර රටක් සංවර්දනය කල නොහැක. එල් ආනන්ද ප්‍රනාන්දු පානදුරේ පදිංචි 46 හැවිරිදි විවාහක දෙදරු පියෙකි . දවසේ වැඩ අහවර කර පැමිණ අරක්කු ටිකක් බිමට ගිය ඔහුටද බොරු නඩු දැමු පොලිසිය අවසානයේ ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. ඔහු මෙම පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාව ගැන 2013.08.01 දින අදාල බලදාරීන්ට කළ ලිකිත පැමිණිල්ල පහතින් පල වේ.

01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02. පොලිස්පති
    නව මහලේකම් කාර්යාලය
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
     ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     පානදුර

ලිඛිත පැමිණිල්ල
ලංකාහ`ඵගේ ආනන්ද ප‍්‍රනාන්දු, වයස අවු: 46 යි විවාහක, දරුවන් 02 යි, රැුකියාව වඩු කාර්මික, ජා.හැ.අ. 670572790 ඪග  ලිපිනය 190/2 එ්, නිව්ඩාව පාර, අරුක්ගොඩ, අ`ඵබෝමුල්ල, පානදුර.
2013.08.01 වන දින දීය.
මා වඩු කාර්මිකයෙක් වශයෙන් සේවය කරන අතර දිනපතා හැන්දෑවට මත්පැන් ටිකක් බීමට පුරුදු වී ඇත. 2013.07.17 වන දින මා බණ්ඩාරගම ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක සේවය කර, සවස 6.30 ට පමණ ගෙදරට පැමිනියා. හැන්දෑවේ 7.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන අටපට්ටම නරඹා අවසන් වී මත්පැන් ටිකක් බීමට යෑම සඳහා මාගේ බිරිඳ වන ඈන් ප‍්‍රනාන්දු ගෙන්, රු: 100 ක් ඉල්ලා සිටියා. ඇය ළඟ මාරු සල්ලි නොමැති බව දන්වම්න් රු: 500 ක් ට දුන්නා. මා එයද රැුගෙන අප ප‍්‍රදේශයේ මත්පැන් විකුණන චන්දා යන අයගේ ස්ථානයට ගියා. මා ඔහුන්ට රු: 500 දී මත්පැන් ඉල්ලනවාත් සමගම පොලීසියෙන් එතනට පැමිණි බව ප‍්‍රකාශ කරමින් එහි සිටි අය කිහිප දෙනෙක් දිව්වා. මාද ඉක්මණින් මාගේ ගෙදර පැත්තට ගියා. එවිට මම දුටුවා මගේ පස්සෙන් පොලිස් නිලධාරියෙක් දුවගෙන එනවා. ඔහු සිවිල් ඇඳුමින් සිටියේ. ඔහු මාව එළවාගෙන විත් අල්ලා ගත්තා. එම අවස්ථාවේ මා සන්තකයේ කිසිදු නීතිවරෝධී ද්‍රව්‍යයක් තිබුනේ නැත. එම නිලධාරියා මට අතින් පහරක් මුහුනට ගසා, පරුෂ වචන කියමින් බැන්නා. මම ඔහුට ”ගහන්න එපා සර් මම බයට දිව්වේ,” මම අරක්කු ටිකක් බොන්න ගියේ, මම බිව්වේ නැහැ යනුවෙන් ප‍්‍රකාශ කළා. ඔහු මාගේ අතින් ඇදගෙන චන්දා යන අයගේ නිවසට ගියා. එතැන තවත් පොලිස් නිලධාරීන් කහිප දෙනෙක් සිටියා. වත්තෙන් පිටද කීප දෙනෙක් හිටියා.
මාව අල්ලගෙන ගිය  නිලධාරියා මගේ අත් දෙකට මාංචු දැම්මා. එතැන හිටපු උසස් පොලිිස් නිලධාරියා පිස්තෝලය මාගේ ඔ`ඵවට තියා, උඹලා තමයි විකුනන්නේ, උඹලා බලා ගනිල්ලා උඹලට කරන දේ කියාමට තර්ජනය කළා. මම කිව්වා සර් මම බොන්නයි ආවේ මම විකුණන්නෙ නැහැ කියා. එම නිවසෙන් ඔවුන් පරණ ටින් එකක්, ඉටි කොළයක් හා අරක්කු පැකට්ටුවක් අරගෙන ගියා. මාව පාර දිගේ පහළට ගෙනාවා. එතන පොලිස් නිලධාරීන් ආපු යතුරුපැදි තිබුනා. එතෙන්ට අප ප‍්‍රදේශයේ පදිංචි අරක්කු බොන්න ආපු තවත් පුද්ගලයකුවද රැුගෙන ආවා. ඔවුන්ගේ යතුරුපැදිවල අපව නංවාගෙන පානදුර දකුණ පොලීසියට ගෙනාවා. එහි තිබුන බංකුවක අපව වාඩි කළා. ටික වෙලාවකින් නිලධාරියෙක් පැමිණ මාව උඩ තට්ටුවට රැුගෙන ගියා. එහි තිබූ මේසයක් ළඟ පුටුවක මාව වාඩි කරවා මගේ නම ගම විස්තර ඇහැව්වා. උඹට බෝතල් 48 ක් දානවා. උඹ වික්ක නිසා. මම කිව්වා සර් එහෙම බොරුවට දාන්න එපා මම අරකකු විකුණන්නේ නැහැ. මම බොන්නයි ආවේ, එ් උනාට උඹ දිව්වනේ, එවිට මම බයටයි සර් දිව්වේ. මම කවදාවත් අරක්කු විකුණලා නැහැ. මම බණඩාරගම වැඩට ගිහිල්ලා හැන්දෑවේ ගෙදර ආවේ. නමුත් ඔහු එ්වාට ඇහුම්කන් දුන්නේ නැහැ. නැවතත් පොතක මොනවද ලියා මට අත්සන් කරන්න කිව්වා. නමුත් එහි මොනවා තිබුනාද කියා මා දන්නෙ නැහැ. නැවතත් මාව පල්ලෙහා තිබුන බංකුවට ගෙනවිත් වාඩි කෙරෙව්වා. එ් වන විට මගේ ගෙදරින් මාව බලන්න පොලීසියට පැමිණ සිටියා. මගේ බිරිඳයි, බිරිඳගේ මල්ලීයි. තව අසල්වැසියෙකුයි. මම ඔවුන්ට, මම අරක්කු විකුනුව කියා, බෝතල් 48 කට නඩු දාන්න හදන බව ප‍්‍රකාශ කළා. ඊට පසු මගේ බිරිඳයි,මල්ලියි ගිහින් පොලිස් නිලධාරින් සමග එ් ගැන කතා කළා. බොරුවට නඩුදාන්න එපා කියා. ඉල්ලා තිබුනා. නමුත් පොලිස් නිලධාරීන් එ්වාට ඇහුම්කන් දීමක් කර තිබුනේ නැත. මාත් සමග අල්ලාගෙන ආපු අනෙක් පුද්්ගලයාවද කූඩුවට ගෙනත් දැම්මා.ඊට පෙර අල්ලාගෙන ආපු සැකකරුවන් දෙන්නෙක්ද කූඩුවෙ සිටියා. එදින ? මට ඇප දුන්නේ නැත. පසු දින උදේ, මගේ බිරිඳයි ඥතීනුත් ඇවිත් පොලීසියෙන් ඉල්ලා සිටියා බොරුවට නඩු දාන්න එපා, මේ ගැන හොයලා බලන්න කියලා.  පසුව දහවල් 11.00 ට මාත් සමග අල්ලාගෙන ආපු අනෙක් අයට ඇප දුන්නා. මට ඇප ලබාදීමට කොළයක් ලියා තිබුනද ඇප ලබා දුන්නේ නැත. මා කූඩුවේ සිටින විට පොලිස් නිලධාරියෙක් පැමිණ නමන ලද කොළ 2 කට මගෙන් ඇඟිලි සලකුණු ගත්තා. දහවල් 1.30 ට පමණ මාව අධිකරණයට ඉදිරපත් කළා. මා සන්තකයේ නීති විරෝධී අරක්කු බෝතල් 48 ක් තබා ගනිමින් විකූනූ බවට චෝදනා කොට 12964 අංකය යටතේ මට විරුද්ධව ව්‍යාජ නඩුවක් පවරා තිබුනා. මෙම චෝදනාව අනුව අධිකරණයෙන් මාව බන්ධනාගාරගත කිරීමට නියෝගයක් ලබා දී තිබුනා. 2013.07.26 වන දින මා වෙනුවෙන් අධිකරණයේ නීතඥවරෙයක් පෙනී සිටිමින්, මට ඇප ලබා ගත්තා. නමුත් මාගේ ඥතීන්ට එදින ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට පොලිස් වාර්තාව ගැනීමට නොහැකිවීම මත 2013.07.31 වන දින දක්වා නැවතත් මට බන්ධනාගාර ගත වීමට සිදු වූවා. 2013.07.31 වන දින මා ගෙදර පැමිනියා. 
මා ඉල්ා සිටිනේන් කිසිදු නීති විරෝධි කටයුත්තක් මා විසින් නොකර මා සන්තකයේ කිසිදු නීතිවිරෝධි ද්‍රව්‍යයක් නොමැතිව මට විරුද්ධව පානදුර දකූණ පොලීසිය ව්‍යාජ නඩුවක් ගොනු කිරීම මත මාත් මාගේ පවුලේ අයත් විශාල පීඩාවකට ලක් වී ඇත. එබැවින් එම නීතිවිරෝධි ලෙස කටයුතු කළ පානදුර පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

ලංකාහ`ඵගේ ආනන්ද ප‍්‍රනාන්දු