අතකොටා ගේ ඉඳුල් කෑ දැරණියගල හිටපු ඕ.අයි.සී ඇතුළු ‍පොලිසියේ 14කට විනය පියවර




අමිල ගුණරත්න 

අතකොටා ගේ ඉඳුල් කමින් දැරණියගල නූරි පාතාලය සම්බන්ධව කිසිදු වග විභාගයක් නොකොට අපරාධ යට ගැසූ දැරණියගල හිටපු ඕ.අයි.සී පොලිස් ස්ථානාධිපති නිමල් ගුණතිලක ඇතුළු ‍පොලිසියේ 14කට විනය පියවර  ගැනීම​ට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පියවර ගෙන ඇතැයි සැලවේ. දැරණියගල පාතාලය මර්දනය කිරීම වෙනුවට අතකොටා ආරක්‍ෂා කරමින් පැමිණිලි යට ගැසීම මොවුන් සිදු කොට තිබේ. අතකොටා ගේ අල්ලස් වලට යටවී අපරාධ යට ගසමින් පොලිස්  නිල ඇඳුමේ අසූචි තවරා ගත් පගා මරු පොලිස් නිලධාරීහු  මේ වන විට  කෑගල්ල ‍පොලිස් කොට්ඨාසයේ විවිධ ‍පොලිස් ස්ථානවල රාජකාරි කරති. අතකොටා ගේ  දැරණියගල නූරි පාතාල අපරාධ වලට ඇමති මහීපාල හේරත් සහ ඔහුගේ පුතාද සම්බන්ධව ඇති බැවින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ගේ විනය පියවර  ගැනීම පුස් වෙඩිල්ලක් වීමටද ඉඩ තිබේ.