නිදහස් අධ්‍යාපනය සංජීවලා සහ අපි

" නිදහස් අධ්‍යාපනය රැකගවු "


මේ දවස් වල කනක් ඇහෙන්නට නැති තරමට නිදහස් අධ්‍යාපනය ගැන එක එක කචල් ඇත. සෑබෑ ලෙසම නිදහස් අධ්‍යාපනය රැකගත යුතු වස්තුවකි . අවුරුදු 5කට වරක් බුද්ධිය මෙහෙයවා ඔලු බක්කන්  මහ පුටුවලට යවන බුද්ධිමත් ජනතාවක් සිටින රටකට නිදහස් අධ්‍යාපනය වනාහි රැකගත යුතු මහාම වස්තුවක්ම වන්නේය.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නෙ නම් ගහට පොත්ත සේ බැදුන නම් කිහිපයක් ඇත, ඒ අතර සංජීවලා. උදුල්ලා ප්‍රධානය එක් එක් අය  සංජීවලා , උදුල්ලා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දේ ලියා ඇති නිසා කහනවාට වාගේ මොනා හරි ලියන්නට මමද හිතාගත්තෙමි.

නිදහස් අධ්‍යාපනය රැකගෑනීමේ කැක්කුම. කාට තිබුනත් ඒකේ විලිරුදාව විදින්නට වෙන්නෙ ගමේ කඩේ සිරිපාලට . කන්තෝරුවෝ පියදාසට හා බයිසිකලේ යන මටය. එහෙම කියන්නට හේතුවක් ඇත. පහුගිය දාක අම්බානකට හදිස්සි රාජකාරියකට කන්තෝරුවේ පියන්ද පටවාගෙන පිම්මෙ ගිය මගේ රොද දේකේ BMW එකට මල්වත්ත  පහු කරන්නට හම්බ උනේ නැත . කට්ටියක් පාර දිගේ නිදහස් අධ්‍යාපනය රකිමින් සිටි නිසා. ඒ බිත්තරේ රැක පැටියා බිහි වන තුරු පියදාසටත් මටත් පැය 4ක් මල්වත්ත හන්දියේ බිත්තර රකින්නට විය.

ඒ උදවියගෙන් නොතේරුම් කමට අහන්නට ප්‍ර්ශ්න දෙක තුනක් ඇත

1 ) මහා පාරවල් වසා උබලාගෙම අම්මලා තාත්තලා සහෝදරයෝ බස් වල පාරවල් වල පැය ගනන් තප්පවා. වද දෙන්නේ නිදහස් අධ්‍යාපනයට විකුනන්නට හදන්නේ උන් නිසාද ?

2) නිදහස් අධ්‍යාපනය රකින්නට කියා පෙලපාලි ගොස් නිදහස් අධ්‍යාපනයෙන් ලැබුනු බිල්ඩින් ටික . ඒවායේ ජනෙල් විදුරු ටික ,කුඩු පට්ටම් කරන්නෙ ඒකත් නිදහස් අධ්‍යාපනයේ කොටසක් නිසාද


මේ නාඩගම මම විද ඇත්තේ වරක් දෙවරක් නොවේ. උබලාට ඇත්තටම නිදහස් අධ්‍යාපනය රකින්නට කැක්කුමක් තියනවානම් කොරන්නට බොහෝ දේවල් ඇත. උබලා පැය ගනන් පාරවල් වසා කලු කොඩි ,රතු බැනර්, මිනී පෙට්ටි පෙන්වනේ උබලාගෙම උන්ට මිසක  උබලාගේ ප්‍ර්ශ්න වලට උත්තර බදින්නට ඕනෑ උන්ට නොවන වග උබලාට තාම තේරී නැත.

අධ්‍යාපන ඇමතිවත්. රටේ ජනාධිපතිවත් , අමාත්‍යංශ ලේකම් වත් උබලා ඔය පැය ගනන් වහගෙන නටන පාරවල් වල නවතින බස් එකේ ගෙදර යන්නේ නැත. ඔය පාරක් වැහුවා කියාවත් ගිරිය කැඩෙනකම් කෑ ගැහුවා කියාවත් බැටන් පාරක් හැරෙන්නට නිදහසේ වෙන දෙයක් උබලාට ලැබෙන්නේද නැත. 

එහෙව් කතා කොච්චර කීවත් උබලාට නොතේරුනාට සංජීවලාගේ , උදුල්ලාගේ කැක්කුම අහක ඉන්නා මට තේරුනේ සෑහෙන කාලෙකට කලින්ය.

සංජිවලාගේ දේශපාලනය අනුව සමාජය පංති කරද්දි සිද්ධාලේප මුදලාලිලාද, නවලෝක මුදලාලිලාද වැටෙන්නෙ ධනපති පංතියටය.   උන්  ධනපති උම්මත්තකයන් වන අතර එදාවේල කන්නට නැති උන් පීඩිත පංතියේ අසරණයන් වන්නේය. වැරදිලාවත් අර පිඩිත පංතියේ අසරණයා මුට්ට කරගස එන අතර ගන්නා ලොතරැයිකට කෝටියක් ඇදුනහොත් ඌ ඒ වෙලාවේම ධනපති පංතියේ උම්මත්තකයෙක් වන්නේය.  සංජීවලාගේ මේ දේශපාලන පක්ශයට එක එක නම් එක එක හැදින්වීම් ඇත . ඒත් අහක ඉදන් බලන් ඉන්න අපිට පේන්නේ ඒ පක්ශය මහා ඉරිසියාකාර පක්ශයක් ලෙසත් ඒ දේශපාලනය මහා ඉරිසියාකර දේශපාලනයක් බවත්ය.

ඒ තර්කයට වැටෙන්නට මට සිද්ධවෙන්නෙ සංජීවලාගේ දේශපාලනය ගැන අමුතු කතන්දර කිහිපයක් අහන්නට දකින්නට වීම නිසාය. මේ එයින් එක කතාන්දරයකි

 මගේ මිතුරකුගේ සහෝදරයෙක් ඔය නිදහස් අධ්‍යපන රකින සටනේ ඉහලම චරිතයකි. මිනිහා ගෙදරට වෙලා පාඩම් කරනවාට වඩ කලේ පොස්ටර් අදින එකය. කහ පාටින් සුදු කොලේ මැද ඔහේ නයෙක් වගේ ඉරක් ඇදෙන්නේය   ඊට පස්සේ එක වේලුනාම ලියනවෙන්නෙ  මෙන්න මෙහෙම වැකියකි. " නිදහස් අධ්‍යාපනයට අත නොතබනූ " ඊට පස්සෙ ඊලග කොලේ " පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හකුලා ගනිව් "  ඒ ගෙදර හැමදම තුන් හතර දෙනෙක් එකතු වෙලා ඔය පොස්ටර් ඇදිල්ල නැති උනේ නැත. ඒ වගේම අපිට මේ කර්යයේ උතුම් බව පැහෙදිලි කරන්න ඒ අයියලා නිතර උනන්දු උනේය. මාසෙකට දෙකකට සැරයක් බැන්ඩේජ් එකක් පිටින් මිනිහා දකිනවා සේම අවුරුද්දකට විතර සැරයක් උන්ගේ තාත්ත ඌට ඇපදෙන්න පොලිසියට ගියේය. ඒ පවුලේ කොල්ලොම තුනක් තාත්තා දුම්රිය දෙපාර්තුමේන්තුවෙ පොඩි රස්සාවක් කලෙ. ඉතිං ඒ කතාව එහෙම ගෙවිලා ගියා.

දැන් අවුරුද්දකට විතර ඉස්සර ඔය කියපු සහෝදරයගෙන් මට කෝල් එකක් ආවා. 

" හලෝ මල්ලි මම අහවලා "

" ආ.. අයියා කියන්න. කොහොමද මොකෝ කරන්නෙ "

" ගිය සතියේ ලංකාවට ආවෙ මල්ලි... පොඩි උදව්වක් ඉල්ලගන්න කතා කලේ ... "

" කියන්න අයියා මොකක්ද වෙන්ඩ ඕන "

" මල්ලි අපේ පොඩි මල්ලි රංගිකයව  SLIT එකට දාගන්ඩ ඕන.. .."

" ඇයි අයියා ඌ දෙවෙනි සැරේ A/L කරනව කිව්වා නේද.. "

" වැඩක් නෑ මල්ලී ඊලග පාර ගොඩ ගියත් එලියට එනකොට කවදා වෙයිද මම බැලුවෙ SLIT එක කරවලා එහෙට ගන්න . උබ IT ගැන දන්නවනේ ඒකයි මේ කතා කලේ "


අන්න එහෙමයි ඒ කතාව ඉවර උනේ..  අද උගේ මල්ලි SLIT එකේ.   එදා උන්  අකුලවන්ඩ හදපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනත  ගැන මට මහා සංවේගයක් ඇති උනා

සංජීවලා කරන්න ඕන කියලා මට හිතෙන්නෙ මේ දේ .අඩුම තරමේ තියන දේවල් ටිකවත් රැකගෙන ආර්ක්ශා කරගෙන ඉගන ගන්න ඕන කියල ඔතෙන්ට දාහක් බලාපොරොත්තු බැදගෙන එන උන්ට ඉගන ගන්න දෙන එක.  ලංකාවෙ කැම්පස් වලට යන උන්ගෙන් බහුතරයක් 2500 මහපොලෙනුයි ගෙදරින් එවන 2500 රෝල ගහන උන්. උන්ට ඉර අල්ලනවත් ලෝකෙ පෙරලන්නවත් උවමනාවක් නෑ උන්ට ඕන තාත්තා නය වෙලා එවන 2500 නය බේරන්න ඉක්මනට මෙතනින් පැනගන්න. සංජීවලාගේ නිදහස් අධ්‍යාපනේ රැකිල්ලෙන් වෙන්නෙ අවුරුදු 4ක් නය වෙවී ඉගන ගන්න එකා අවුරුදු 5ක් 6ක් නය කාරයෙක් කරවලා තියන එක.

උබට නොතේරුනාට සංජීව සක්කුව බර උන් උබලා එක්ක පාරට බැහෙලා ජෝගි නටන් නෑ . ඔතන නැත්තං උන් කෙලින්ම කටුනායකින් උඩට . මොකුත්ම කරගන්න බැරි ගමේ කුබුරු කොටලා, හේන් කපලා , ගල් කොරියේ ගල් තලලා කැම්පස් යවන එකා තමා  නන්නත්තාර වෙන්නෙ. ඔතන මාසෙකට හමාරකට කැම්පස් වහපුවාම ඌටත් වෙන්නෙ ගෙදර ගිහින් ගල් කඩන්න වලව්වෙ බේබිලා නම් යාල කුමන සෆාරි යයි.

නිදහස් අධ්‍යාපනේ රැකපල්ලා එපා කියන් නෑ. හැබෙයි පුලුන් බෝල පුම්බලා කොලේ වහන් නැතුව. අපිත් දන්නවා කොයි වෙලේ හරි ඔය මහ පුටු වල ඉන්න උන් නිදහස් අධ්‍යාපනේට ගේම දෙයි කියලා. හැමදේම විකුනගෙන කාපු උන්ට ඕක ලොකු නෑ බං හරියට බත් කාල කෙහෙල් ගෙඩියක් කනව වගේ උන් ඕකත් කාල දායි. 

උබලා උබලගේ ජීවිතවලට පාරවල් කපා ගන්න රුපියල් 45ට වතුරත් එක්ක බත් කාල , ටැන්කි පුරව පුරව නාගෙන , මහපොල 2500 රෝල ගහන අහිංසකයවන්ව මුක්කු වලට ගන්න එපා. උබලගේ මේ බොරු නාට්ටියෙන් වෙන්නෙ මහ උන් කරන්න හදන දේ උබලම කරලා දෙන එක. ඉඩමක් හරි උකස් කරලා  උගන්නගන්න පුලුවන් කම තියන එකෙක් තොපි හින්දා දැන් ලමයි කැම්පස් එවන් නෑ. එක්කෝ රටකට යවනවා. නැත්ත ප්‍රයිවට් එකකට දානවා.  කට්ට කාගෙන හරි ගිහින් ඉගනගන්න හදන එකෙක් උබලගෙ කෙහෙල්මල් වලට ආවෙ නැත්තං උං මරාගෙන කන්න හදනවා. උබලා නිසා කැම්පස් අත ඇරලා ආව උන් ලිස්ට් පිටින් මම දන්නවා . ඒ අතින් බලපුවාම එදා ඉදලා හිටපු කිසිම රජයක් තොපි තරම් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්තු උන්ට වල කපලා නෑ.

පාන් රාත්තල් රුපියලකින් වැඩි උනාම , තොපේ එකෙක් මොනවා හරි කුප්ප වැඩක් කරලා කූඩු කලාම පන්ති කාමරේ ඉගන ගන්න එකාවත් ඇදගෙන පාරට බහිනවා නිදහස් අධ්‍යාපනෙ රකින්න. රැකෙයි බලගෙන හිටපන්. පුලුවන් නම් ඉගන ගන්න දවස් 5 ඉගනගෙන අනික් දවස් වල කරන රෙද්දක් කරපන්. අධ්‍යාපන ඇමතියගේ. රටේ ජනාදිපතිගේ ගෙදරට යන පාර වහගෙන පැයක් බැරිනම් දවසක් ඉදගෙන හිටපං . පුලුවං නම් සංජිව උබ  ඔය ඉල්ලීම ටික ඉල්ලලා ගිනි තියාගෙන මැරියං .. හැබෙයි උබ මැරියං කාගෙ හරි අහිංසක අම්මෙක් තාත්තෙක්ගේ පුතෙක් ෆෝම් කරලා මල්ලි ගිනි තියාගනිං කියලා කෑන් එක අතට නොදී.  

උබල ඔය එකක්වත් කරන් නෑ මොකද එහෙම උනොත් උබලා කපාගෙන යන පාර කපලා දෙන්න කවුරුත් නෑ. උබලට නිදහස් අද්‍යාපනේ ගැන්වත්. එකෙන් ඉගන ගන්න උන් ගැන්වත් කැක්කුමක් නෑ බං උබලට තියන කැක්කුම දන්නේ උබලා තුන් හතර දෙනා විතරයි. ඒ කැක්කුමට විදවන්නේ අහිංසක පොඩි උන්.

  
කැමරාකාරයෙක් කැමරාව අල්ලපු ගමන් ඇඩෙන මූනක් හදාගෙන උබ කියවන විස්තර අහපුවාම අපිටත් ඇඩෙනවා සංජීව . ඒ වෙලාවට හිතෙනව  මාසෙකට සැරයක් කෑම එකක් අරන් නංගි බලන්න යන අපි තරම් වත් උබ කැම්පස් එකකට ගිහින් නැද්ද කියලා. අඩුම තරමෙ උබ කියවන ඒව උබටවත් තේරෙනවද කියලා. උබ කියන බහුබූත නෙවෙ. ගිහින් බලපන් කැම්පස් වලට හොස්ටල් වලට උන්ට ලයිට් නෑ , වතුර් නෑ. දහ දෙනෙක් නාල ඊලග උන් නාන්න ටැන්කි පිරෙනකම් ඉන්න ඕන . හොස්ටල් වල වහලවල් ඔලුවට කඩන් වැටෙන්න.  කැන්ටිමේ කෑම පිගන බල්ලෙකුට හැලුවොත් ඌ සිහි නැතිවෙලා වැටෙනවා. අඩුම තරමේ ඊලග පාර පාරට බහිනකොට අදින පොස්ටර් ටිකට ඔය ටික ලියාගෙන පලයන්. තේරෙන බාසාවෙන්.

එහෙම නැතුව පිස්සු බල්ලෝ රැලක් වගේ අහිංසකයෝ උසි ගන්නලා. උන්ව පාරට දාල උන්ව කාලකන්නියො නොකර උන්ට මිනිස්සු වෙන්න දීපන්. උබලා ඔය කරන්නෙ ඉරිසියාවෙන් කුහක කමෙන් උන්ගෙ ඔලු පුරවන එක.

මේ ලිපිය කියවන ඔබ එක් කාරනාවක් සිහියේ තබාගෙන මෙම ලිපිය කියවන මෙන් ඉල්ලා සිටින්නෙමි. එනම් මෙම ලිපිය ලියන මා අවුරුදු 18දී ජන්ද බලය ලැබ මේ වන විට ගතවී ඇති වසර නවය තුල එක් වතාවක් හැරෙන්නට කිසිදු විටක කිසිදු පක්ශයක් වෙනුවෙන් ජන්දය භාවිතා නොකල අයෙක්මි.   එක් වරක් ජන්දය භාවිතා කරන ලද්දෙ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව පැවති ජන්ද විමසුමේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් වන අතර . දැන් නම් ඒකද අපරාදේ කියා සිතෙන වෙලාවල් ඇත.

Harshana 101 blog.post